අවසන් මොහොතේ වව්නියාවට තියුණු ජයක්

725
LC inter district cricket Vavniya v Kilinochchi

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් – දිස්ත්‍රික් සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (27) කිලිනොච්චි කණ්ඩායම හා වව්නියා කණ්ඩායම අතර කොළඹ SSC පිටියේ දී පැවැත්විය. මෙම තරගයෙන් ලකුණු 4ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට වව්නියා කණ්ඩායමට හැකිවිය.

දිල්හාන්ගේ ශතකය නිසා ගාල්ලට දැවැන්ත ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අනතර් දිස්ත්‍රික් එක්දින තරඟාවලියේ තවත් තරඟ 5ක් අද (26) දිනයේදී ක්‍රියාත්මක වූ අතර, එහිදී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන…

උතුරු පළාත් කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ වව්නියා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

ඒ අවසරයෙන් පිටියට පැමිණි වව්නියා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් යුගලය වන අකිල ලක්ෂාන් හා තරිදු ඩිල්ශාන් ලකුණු 85ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් සාර්ථක පිතිකරණයක නිරත විය. අකිල 4 පහර 10ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 79ක් ලබා ගන්නා ලදි.

තරිදු ඩිල්ශාන් 4 පහර 6ක් හා එක් 6 පහරක් තම ඉනිමට අන්තර්ගත කර ගනිමින් වේගවත් පිතිකරණයක නිරත වූ අතර, ඔහු ඉනිමේ පළමු කඩුල්ල ලෙස දවාලීමට සුරාජ් රන්දිව් සමත් විය. ඔවුන් දෙපලට අමතරව මැදපෙළ සවිමත් කරමින් සාර්ථක පිතිකරණයක නිරත වුනු සමිත් දුශ්ශන්ත පිටියේ ආකර්ෂණීය තරුව බවට පත්වෙමින් හතරේ සහ හයේ පහර 4 බැගින් එල්ල කරමින් ලකුණු 70ක් රැස්කර ගන්නා ලදි. අවසානයේ ඔවුන්ගේ ලකුණු පුවරුව ලකුණු 283ක් ලෙස සටහන් විය.

පන්දු යැවීමේ දී සුරාජ් රන්දිව් හා කසුන් රාජිත වව්නියා කණ්ඩායමේ කඩුලු 2ක බැගින් දවා ගනිමින් දස්කම් දැක්විය.

ලකුණු 285ක තරගකාරී ලකුණක් හඹා යාමට පිටියට පැමිණි, කිලිනොච්චි කණ්ඩායමට තරගය අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 279ක් පමණි.

ඉනිමේ දෙවන පන්දුව තුලම තම පළමු කඩුල්ල දැවී ගිය කිලිනොච්චි කණ්ඩායම එයින් නොසැලී, දෙවන කඩුල්ල සඳහා ලකුණු 167 දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවූයේ වව්නියා කණ්ඩායමට තම ජයග්‍රහණය පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් ඉතිරි නොකරමිනි. නායක හර්ෂ කුරේ හා සංගීත් කුරේ යන දෙදෙනා පිළිවෙළින් ලකුණු 126ක් හා ලකුණු 65ක් ලබාගෙන එම විශිෂ්ට සබඳතාවයට තම දායකත්වය දැක්වූ අතර, හර්ෂ තම ඉනිමට 4 පහර 10ක් හා 6 පහර 3ක් අන්තර්ගත කරමින් තම ශතකය සම්පූර්ණ කර ගන්නා ලදි.

කඩුලු 4ක් දැවී ලකුණු 213ක් ලෙස දිස්වූ කිලිනොච්චි ඉනිම සුනුවිසුනු කිරීමේ මෙහෙයුම එතැන් පටන් ආරම්භ කල මංජුල ජයවර්ධන හා සසිදු පෙරේරා විශිෂ්ට ලෙස පන්දු යවමින් ඔවුන්ගේ අවසන් කඩුලු 6 ලකුණු 66ක් තුල දවාලමින් තම දස්කම් දැක්විය.

අවසන් පන්දු වාරය තුල ලකුණු 8ක් තම ජයග්‍රහණය සඳහා කිලිනොච්චි කණ්ඩායමට ලබා ගැනීමට නියමිතව තිබුණ ද, දක්ෂ ලෙස පන්දු යැවූ සසිදු පෙරේරා එම අභියෝගය සාර්ථකව නිමා කරන ලදි.

එහි දී දක්ෂ ලෙස පන්දු යැවූ මංජුල ජයවර්ධන හා සසිදු පෙරේරා කඩුලු 3ක් දවාලමින් තම කණ්ඩායම වෙත තියුණු ජයග්‍රහණයක් ලබා දීමට දායක විය.

වව්නියාව – සියල්ලන්ම දැවී ලකුණු 283 (පන්දුවාර 50): අකිල ලක්ෂාන් 79, සමිත් දුශ්ශන්ත 70, තරිදු ඩිල්ශාන් 37, සුරාජ් රන්දිව් 2/35

කිලිනොච්චිය – සියල්ලන්ම දැවී ලකුණු 279 (පන්දුවාර 50): හර්ෂ කුරේ 126, සංගීත් කුරේ 65, ශෙහාන් මදුසංක 31, මංජුල ජයවර්ධන 3/42, සසිදු පෙරේරා 3/44

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට