දෝනිගේ ක්‍රිකට් අනාගතය කෙසේ විසඳෙයි ද?

81
MSD

හිටපු ඉන්දීය නායක, සුපිරි මැදපෙළ පිතිකරු මහේන්ද්‍ර සිං දෝනි මාස හයකට ආසන්න කාලයක් දේශීය හෝ ජාත්‍යන්තර මට්ටමේ කිසිදු තරගාවලියක් සඳහා තම දායකත්වය ලබාදී  නොමැති වීම දැනටමත් බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ සිත් තුළ යම් ප්‍රශ්නාර්ථයක් නිර්මාණය කොට ඇති බව නොරහසකි.

ධවාන් සහ රාහුල් කැන්ගරුවන්ගෙන් පළි ගනිති

මීට දින කිහිපයකට පෙර තම මව්බිමේදීම තමන්ව දැවැන්ත අවමානයකට ලක් කිරීමේ වාඩුව ගැනීමට අද (17)

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව පැවති අවසන් පූර්ව තරගය නොසිතූ විරූ අයුරින් පරාජයට පත්වීමත් සමඟම ක්‍රිකට් ක්‍රීඩාවෙන් තරමක් ඈත්ව කාලය ගත කිරීමට තීරණය කළ දෝනි, ඉන් අනතුරුව හමුදා සේවය සඳහා යළි එක්වෙමින් කාශ්මීර ප්‍රදේශයේ තම රාජකාරි කටයුතුවල නියැලුණේ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී පැවති සීමිත පන්දුවාර තරගාවලි ද්විත්වය ද මඟ හරිමිනි. 

ක්‍රිකට් පිටියට සමුදීමේ අපේක්ෂාවක් තවමත් නොමැති දැයි වරක් මාධ්‍යවේදියකු නැඟූ පැනයට පිළිතුරු දෙමින් දෝනි සඳහන් කර සිටියේ ඒ පිළිබඳ අවසන් තීරණය මෙම වසරේ මුල් මාස කිහිපය ඇතුළත ගැනීමට බලාපොරොත්තු වන බවයි. 

කෙසේ නමුත් දෝනිගේ ඉවත්ව යාම කවදා, කෙසේ, කුමන ආකාරයෙන් සිදු වේවි දැයි යන්න පිළිබඳව තවමත් ඉන්දීය කණ්ඩායම සහභාගී වන සෑම මාධ්‍ය සාකච්ඡාවක දී ම සුලබව ඉස්මතු කෙරෙන කාරණයකි. 

මෙම වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත “විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය” සඳහා දෝනිගේ සහය තවදුරටත් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සැලසුම් කරන්නේ ද යන්න පිළිබඳව ද මේ වන විට උණුසුම් කතිකාවතක් නිර්මාණය වෙමින් පවතියි.

ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලියේ ස්ථානයක් වෙනස් වෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට්

පසුගිය සතියේ දී හිටපු ඉන්දීය නායකයෙකු වන සුනිල් ගවස්කාර් මහතා එක්වූ විද්වත් සාකච්ඡාවක් අතරතුර දී දෝනිගේ ක්‍රිකට් අනාගතයේ ඉරණම කෙසේ විසඳේ දැයි ඔහුගෙන් ඇසූ පැනයට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ, දෝනිගේ මෙම දීර්ඝ නිහැඬියාවෙන්ම වක්‍රාකාරව පසක් වන්නේ ඔහුගේ ක්‍රීඩා ජීවිතය පිළිබඳව යම් පැහැදිලි පණිවිඩයක් දැනටමත් ලබා දී ඇති බවයි. 

 “ඇත්තටම ඔය පිළිබඳව කාරණාව හරියටම දැන ගන්න වෙන්නේ ඔහුගෙන්ම මත විමසීමක් කරලා තමයි. මොකද අද වෙනකල් කවුරු හරි තීරණය කරලා හරි බලපෑම් කරලා හරි තියෙනවා ද දෝනි ක්‍රීඩා කරන්න ඕන ද නැද්ද කියලා? මම හිතන්නේ පිළිතුර ප්‍රශ්නය තුළම ගැබ් වෙලා තියෙනවා.” 

2014 වසරේ දී ටෙස්ට් ක්‍රිකට් පිටියට ආයුබෝවන් කීමෙන් අනතුරුව තම පූර්ණ අවධානය සීමිත පන්දුවාර තරග සඳහා පමණක් යොමු කළ දෝනි, නුදුරේ දී ම එක්දින තරග බිමටත් සමු දී පූර්ණ කාලීනව විස්සයි විස්ස තරග සඳහා පමණක් ක්‍රීඩා කරනු ඇතැයි තමන්ට හැඟෙන බව වත්මන් ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ත්‍රි මහතා පවසා සිටියේය. 

සීමන්ස් අයර්ලන්ත බලාපොරොත්තු සුන් කරයි

සාන්ත කිට්ස් හී වෝනර් පාක් ක්‍රීඩාංගණයේ දී …………

“මම මේ පිළිබඳව ඔහුත් එක්ක දීර්ඝ කතාබහක නියැලුණා. එතැන දී පැහැදිලිව ඉස්මතු වෙච්ච කාරණාවක් තමයි ඔහු බොහෝ දුරට ඉදිරියේ දී එක්දින තරග වලින් සමුගැනීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා කියන එක.” 

“ඔහුගේ වයසත් එක්ක දැන් ක්‍රීඩා කරන්න වඩාත් උචිත විස්සයි විස්ස තරග ආකෘතිය කියලයි මට හිතෙන්නේ. නමුත් දැන් ඒකත් ඔහුට නැවත මුල ඉඳලම පටන් ගන්න වෙලා තියෙනවා. මොකද ටික කාලයක් ක්‍රීඩාවෙන් සම්පූර්ණයෙන්ම වගේ ඉවත්ව හිටිය නිසා. IPL තරගාවලියේ දී දක්වන දක්ෂතා මත කණ්ඩායමේ ඔහුගේ ස්ථානය නැවත වතාවක් තහවුරු වීමේ ඉඩකඩක් පවතිනවා.” 

දෝනිගෙන් පුරප්පාඩු වූ කඩුලු රැකීමේ භූමිකාව රඟ දැක්වීමේ අවස්ථාව යොවුන් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන සංජු සැම්සන් සහ රිශාබ් පාන්ට් හට පිරිනැමීමට ඉන්දීය තේරීම් කමිටු බලධාරීන් පියවර ගෙන තිබෙන අතර එම නිසාවෙන් නැවත වතාවක් ඉන්දීය වර්ණයන්ගෙන් සැරසී ක්‍රීඩා කිරීමේ යම් බලාපොරොත්තුවක් දෝනිගේ සිත තුළ පවතින්නේ නම් නිසැකවම නවක ක්‍රීඩකයින් හට හොඳ තරගයක් ලබා දීමට ඔහුට සිදු වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<