නිපන්දුවක් නිසා දෝනිගේ ඉවසීමේ සීමාව ඉක්මවා යයි

732
Courtesy - Cricket Australia

මිචෙල් සැන්ටර්ගේ දැවැන්ත හයේ පහර මගින් ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 4කින් ජය ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හැකි විය.

නායකත්වය නොදුන්නොත් ලෝක කුසලානයට පෙර මාලිංග සමුගැනීමේ සූදානමක

එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තමාගෙන් ඉවත්..

එම ජයග්‍රහණයත් සමඟින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි වාර්තා අතරට එක්වූයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ජයග්‍රහණ 100ක් වාර්තා කළ පළමු නායකයා ලෙසයි. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේ වීරයා සම්මානය ද දෝනි දිනා ගත්තේ පන්දු 43ක දී ලකුණු 58ක් රැස් කරමිනි.

කෙසේ වෙතත් ලෝක ක්‍රිකට් පිටියේ කැප්ටන් කූල් ලෙස සැලකෙන දෝනිගේ කලාතුරකින් දක්නට ලැබෙන සිදුවීමක් ඊයේ රාත්‍රියේ දී දක්නට ලැබීම විශේෂත්වයකි. තරගයේ අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස්  කණ්ඩායමට ලකුණු 18ක් ලබා ගත යුතුව තිබුණි.

වේගපන්දු යවන ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් යොමු කළ එම පන්දුවාරයේ පළමු පන්දුවට හයේ පහරක් එල්ල කළ රවීන්ද්‍ර ජඩේජා තරගයේ වැඩි වාසි සිය කණ්ඩායම දෙසට ලබා ගන්නට සමත් විය.

පන්දුවාරයේ දෙවන පන්දුවේ දී බෙන් ස්ටොක්ස් විසින් නිපන්දුවක් යැවීමත් සමඟ තරගයේ සම්පූර්ණ පාලනය චෙන්නායි කණ්ඩායම දෙසට නතු විය.

IPL තරගාවලියේ අවසන් සටනේ සත්කාරකත්වය දෝණිට අහිමි වන ලකුණු

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හයිදරාබාද් හී දී පැවැත්වීමට ඉඩ….

කෙසේ වෙතත්, අනතුරුව එම පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී මහේන්ද්‍ර සිං දෝනි දැවී යාමත් සමඟ යළි තරගයේ ජය කණ්ඩායම් දෙක දෙසටම දෝලනය විය.

එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවට ද ස්ටොක්ස් විසින් නිපන්දුවක් යවන ලද බවට මතු වූ සැකයක් හේතුවෙන් යම් උණුසුම් තත්ත්වයක් ද හට ගැනුණේ ඉන්පසුවයි.

පන්දුවාරයේ ඊට පෙර පන්දුවේ දී දැවී ගිය මහේන්ද්‍ර සිං දෝනි යළි පිටිය මැදට පැමිණ විනිසුරුවන් සමඟ ද ඒ පිළිබඳ සාකච්ඡා කළ අතර එහි දී දෝනිගේ ඉවසීම ඉක්ම ගිය බවක් දක්නට ලැබුණි. දෝනි එහි දී චෝදනා කර ඇත්තේ පිටියේ එක් අන්තයක සිටි විනිසුරුවෙකු එම පන්දුව නිපන්දුවක් ලෙස ප්‍රකාශයට පත්කර නැවත එම තීරණය වෙනස් කළ බවයි. කෙසේ වෙතත් එය නිපන්දුවක් නොවන බවට අවසානයේ තීරණය කෙරුණි.

දැවී ගිය ක්‍රීඩකයෙකු වු දෝනි නැවක පිටිය මැදට පැමිණීම හේතුවෙන් ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ආචාර ධර්ම පද්ධතියේ වගන්ති උල්ලංඝනය කළ බව තරගාවලි විනිසුරුවන් නිවේදනය කර තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආචාර ධර්ම පද්ධතියේ 2.2.0 වගන්තිය මෙලෙස දෝනි විසින් උල්ලංඝනය කර ඇත. ඒ හේතුවෙන් ඔහුට ඊයේ පැවති තරගයෙන් දෝනිට හිමිවන තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක් පැනවීමට තරගාවලි ප්‍රධාන විනිසුරුවන් තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ලොව සුපිරිතම නායකයෙකු ලෙස සැලකෙන කැප්ටන් කූල් හෙවත් මහේන්ද්‍ර සිං දෝනිගෙන් මෙවන් ක්‍රියාවලියක් කලාතුරකින් දක්නට ලැබීම හේතුවෙන් මෙය බොහෝ ක්‍රිකට් විචාරකයින්ගේ හා ප්‍රේක්ෂකයින්ගේ කතාබහට ලක්ව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<