IPL තරගාවලියේ අවසන් සටනේ සත්කාරකත්වය දෝණිට අහිමි වන ලකුණු

500
COURTERSEY - BCCI

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හයිදරාබාද් හී දී පැවැත්වීමට ඉඩ ඇති බව වාර්තා වේ. ඒ චෙන්නායි ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාර සම්බන්ධයෙන් පවතින ගැටලුව මෙතෙක් විසඳා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නොහැකි වීම හේතුවෙනි.

IPL වලින් අහිමි වූ මුදල සොයා ස්ටාක් නඩු මඟට

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන මිචෙල්…..

පසුගියවර ශූරයින් වීම හේතුවෙන් මෙවර තරගාවලියේ අවසන් තරගය පැවැත්වීමේ සත්කාරකත්වය දැරීමේ අයිතිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හිමිවිය. කෙසේ වෙතත් චෙන්නායි ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයේ ගැටළුවක් පැවතීම හේතුවෙන් අවසන් තරගය පෙර සැලසුම් කර පරිදි පැවැත්වීමට නොහැකි තත්වයක් හටගෙන තිබේ.

චෙන්නායි ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාර තුනක් වසර ගණනාවක වසා දමා තිබීම මෙම තත්වයට හේතුවයි. ඔවුන්ට අදාළ ගැටළුව විසඳා ගැනීම සඳහා තවත් දින කිහිපයක කාලයක් ලබා දීමට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබීම විශේෂත්වයකි.

මෙම ගැටළුව පිළිබද පසුගිය සඳුදා දින ඉන්දීය ක්‍රිකට් ආයතනයේ බළධාරීන් හා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධානයකින් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඉන් පසුව මෙලෙස අදාළ ගැටළුව විසදීමට තවත් දින කිහිපයක් ලබා දී තිබේ.

චෙන්නායි ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාර තුනක් වසර ගණනාවක සිට වසා දමා ඇත්තේ එම ප්‍රේක්ෂකාගාර සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලුවක් හේතුවෙනි. කෙසේ වෙතත් යම් හෙයකින් චෙන්නායි හීදීයී අවසන් තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හයිදරාබාද් හීදී හෝ බැංගලෝර් හීදී පැවැත්වීමට ඉඩ ඇති බව වාර්තා වේ.

අරවින්ද සහ හරීන් කළින්ම අත් ඔසවති

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස වත්මන් කණ්ඩායම පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ…..


මේ අතර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ පළමු තරගය හා දෙවන තරගයත් හයිද්‍රබාද් හීදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර තරගය පැවැත්වූයේ ද චෙන්නායි ක්‍රීඩාංගණයේදීය.

චෙන්නායි ක්‍රීඩාංගණයේ I , J සහ K යන ප්‍රේක්ෂකාගාරයන් මෙලෙස නීතීමය ගැටළුවක් හේතුවෙන් වසා දමා තිබේ.

2012 වසරේ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වීම සඳහා මෙම ක්‍රීඩාංගණය නවීකරණය කළ අතර ඒ අනුව මෙම ප්‍රේක්ෂකාගර තුනෙහි ප්‍රේක්ෂකයින් 12000 කට ආසන්න සංඛ්‍යාවකට අසුන් ගැනීමේ පහසුකම සලසා තිබේ. කෙසේ වෙතත් 2012 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු මෙම ප්‍රේක්ෂකාගාර තුන ප්‍රේක්ෂකයින්ට විවෘත කර ඇත්තේ මේ දක්වා එක් වරක් පමණි. 2012 වසරේ ඉන්දියාව හා පාකිස්ථානය අතර පැවැති ක්‍රිකට් තරගයක් සඳහා ඉන්දියාවේ තමිල්නාඩු ක්‍රිකට් සංගමය විශේෂ අවසරයකින් මෙම ප්‍රේක්ෂකාගාර තුන මහජනතාවට විවෘත කරන ලදී.


>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<