යොවුන් ක්‍රිකට් කිරුළ හඹායන ශ්‍රි ලංකා යොවුන් පිළ අද දිවයිනෙන් පිටත්වෙයි

378
Sri Lanka U19s for the ICC U19 World Cup 2016

රටවල් 16ක යොවුන් ක්‍රීඩකයින් එකම කිරුළක් උදෙසා උරෙනුර ගැටෙන යොවුන් ලෝක කුසලාන  ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 27වැනිදා බංගලාදේශයේ දි ආරම්භ වෙයි.

ඒ සදහා සහභාගි වන ශ්‍රී ලංකා 19පහළ ක්‍රිකට් කණ්ඩායම චරිත් අකලංකගේ නායකත්වයෙන් යුතුව අද (15) උදෑසන බංගලාදේශය බලා පිටත්ව ගියේය.

`බී´ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාවට අමතරව එම කාණ්ඩයෙන්  පකිස්ථානය, ඇෆ්ගනිස්තානය සහ කැනඩාව තරග වදිනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන 28වැනිදා කැනඩාවට එරෙහිව තරග වැදිමට නියමිත් අතර ජනවාරි 30වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිවත් පෙබරවාරි 03වැනිදා පකිස්ථානයට එරෙහිවත් තරග වදිනු ඇත.

තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය  රංජිත් මධුරංග විසින් උසුලන අතර ප්‍රධාන පුහුණුකරු ලෙස රොජර් විරසුරිය මහතා කටයුතු කරයි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය  චරිත් අසලංක (නායක), සම්මු අෂාන්, වනිඳු හසරංග, කවින් බණ්ඩාර, සාලින්ද උෂාන්, චරන නානායක්කාර, අවිශ්ක ප්‍රනාන්දු,  කමිඳු මෙන්ඩිස්, දමිත සිල්වා, තිලාන් නිමේෂ්, ජෙහාන් ඩැනියෙල්, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, විෂාඩ් රන්දික, ලහිරු සමරකෝන්

අද උදෑසන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයා හා නව ක්‍රීකට් සභාපතිවරයා ඇතුළු නිළධාරින් හමුවු අතර ඔවුන් සමග සමූහ ජයාරූපයක් සදහා ද පෙනි සිටියහ. යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන කිරුළ ජයගන්නට හැකිවේවායි The Papare අපේ පැතුමයි.