ඊ .බී . චන්න ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙයි

1004
E.B. Channa

පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කල හිටපු පාපන්දු ක්‍රීඩකයෙක් සහ කණ්ඩායම් නායකයෙක් වන ඊ.බී . චන්නගේ වර්තමාන දුක්ඛිත තත්ත්වය පිලිබඳව අවධානය යොමු වු ක්‍රීඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර අැමතිවරයාගේ අාරාධනාවකට අනුව අද (26) ඊ. බී. චන්න දයාසිරි ජයසේකර මහතා හමුවිය.

පසුගිය ලිපි: පාපන්දු ශූරයාට අැමතිගේ අවධානය

එහිදී චන්න අමතා අමාත්‍යවරයා පවසා සිටියේ ඉතිහාසයේ ගැටළු අමතක කරමින් අලුතෙන් තම ජීවිතය පටන්ගන්නා ලෙසයි. කිසිම වෘත්තියක යෙදෙන කෙනෙක් සදාකාලිකවම එම වෘත්තියේ නියැලෙන්නේ නැති බවත් තමන්ට ජීවිතයේ එන අභියෝග ජයගෙන අධිෂ්ඨානයකින් යුතුව වැඩකළ යුතු බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

එමෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් තමන්ට දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවත්  දැනට මාතර ක්‍රීඩාංගනයේ සුදුසු තනතුරක් ලබාදීමට කටයුතු කර ඔහුට සාධාරණයක් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

එහිදී පාපන්දු ක්‍රීඩක චන්න මහතාද විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අසාධාරණයට ලක්ව සිටි තමන් වැනි ක්‍රීඩකයින් ගැන මෙලෙස සොයා බලා කටයුතු කරන ක්‍රීඩා අමාත්‍යවරයෙක් සිටීම අද රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ භාග්‍යක් බවද කියා සිටියා.

චන්න ගැන විමසීමේදි, වසර 16ක පාපන්දු ඉතිහාසයකට හිමිකම් කියන ඔහු ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන්නේ 1998 වසරේ සිටයි. ජාත්‍යන්තර පාපන්දු තරග සඳහාද සිය දායකත්වය ලබා දුන් ඔහු 2012 වර්ෂයේදි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර අතර ඔහු ජාත්‍යන්තර තරග දෙකකදි හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානයට ද හිමිකම් කීමට සමත් විය.

දේශීය වශයෙන් පවා දස්කම් දක්වා අැති ඔහු ජාතික කණ්ඩායමට අමතරව රත්නම්, මීගමුව යූත් යන ප්‍රභල ක්‍රීඩා සමාජයන්හි සිය දස්කම් දැක්වූ අතර 2015 වර්ෂයේ සිට කළුතර බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිය දස්කම් ප්‍රදර්ශණය කරයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට