මලියදේව කණ්ඩායම සුපිරි කාණ්ඩය අත හරියි?

1087

“මලියදේව විද්‍යාලය ලබන වසරේ ප්‍රමුඛ කාණ්ඩයේ ක්‍රීඩා නොකරන්නට තීරණය කර ඇත.”

ඊයේ (23) වන විට මුද්‍රිත මාධ්‍යයේ ක්‍රීඩා පිටුව උණුසුම් කරන්නට සමත්වූ මෙම සිරස්තලයෙන් කියැවුණු අයුරින් එළඹෙන සිංගර් පාසල් ලීග් රග්බි තරගාවලිය වෙනුවෙන් පෙරළිකාර මලියදේව විද්‍යාලයීය කණ්ඩායම සහභාගී නොවන බව වාර්තා විය. ප්‍රසාද ලකුණු සටහනේ මලියදේව විද්‍යාලයට පහළින් සිටි විද්‍යාර්ථ විද්‍යාලය වෙනුවෙන් එම අවස්ථාව හිමිවන බව ද සඳහන් විය.

මලියදේව රග්බි කළමනාකාරිත්වය මෙම ප්‍රවෘත්තිය ඇසූ සැණින් විමතියට පත්වූ බවත්, ඔවුන් එවැනි තීරණයක් කිසිදු විටෙක නොගන්නා බවත් පැවසීය. අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මලියදේව රග්බි කළමනාකාරිත්වය ThePapare.com වෙත වැඩිදුරටත් මෙසේ අදහස් දැක්විය.

“එවැනි ප්‍රවෘත්තියක් පළ කරන්නට පවා කිසිදු ඉඟියක් තිබ්බ ද කියලවත් හිතන්න බෑ. විශ්වාසයෙන් කියන්න පුළුවන් අපි ලබන වසරේ “A” කාණ්ඩයේ ක්‍රීඩා කරනවා.”

ආනන්ද කස්තුරිආරච්චි මහතාගේ පුහුණුකාරීත්වය යටතේ “C” කාණ්ඩයේ සිට “A” කාණ්ඩය වෙතට

පසුගිය පාසල් තරගවාරයේ දී පළඟ ශූරතාවයේ මහනුවර සාන්ත අන්තෝනි හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලවලට පමණක් පරාජය වෙමින් මලියදේව විද්‍යාලය තරගාවලිය අවසන් කළ අතර මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය පස්වැන්නා ලෙස තරගාවලිය අවසන් කළ ද සුපිරි කාණ්ඩයට පැමිණීමේ අවස්ථාව ඔවුන්ට අහිමි විය.

සීරුවෙන් සිටින්න – විද්‍යාර්ථ රැල්ල ඉදිරියෙන්!

රග්බි ක්‍රීඩාව යනු “දිගැටි පන්දුවකින් දෙපිලක් උරෙනුර ගැටෙන මහා සංග්‍රාමයක්” යැයි නොදන්නා උන් කියාවි. විටෙක “අරමුණක් නැති රුදුරු ගති ඇත්තවුන්ගේ……

වසර 17කට පසු මලියදේව රග්බි කණ්ඩායමක් “A” කාණ්ඩය වෙනුවෙන් සුදුසුකම් ලැබූ ප්‍රථම වතාව මෙය වීම විශේෂත්වයකි.

2019 පාසල් රග්බි තරගාවලිය ලබන වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ තරග කාලසටහන ඉදිරියේ දී ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<