2026 LPL තරගාවලිය පැවැත්වීම සඳහා නිල වශයෙන් දින නියම කර තිබෙනවා.
ඒ අනුව හය වැනි LPL තරගාවලිය එළඹෙන 2026 වසරේ ජුලි 08 සිට අගෝස්තු 08 දක්වා පුරා මාසයක කාලයක් ක්‍රියාත්මක වනු ඇති.
LPL තරගාවලියේ හය වැනි තරග වාරය මෙම වසරේ දෙසැම්බර් මාසයේ දීයි ක්‍රියාත්මක වීමට නියමිත ව තිබුණේ.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
කෙසේ වෙතත් එළඹෙන වසරේ මුල් කාර්තුව තුළ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වීමට නියමිත 2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩාංගණ කල් තියා සූදානම් කිරීමේ අවශ්‍යතාව මත LPL තරගාවලිය මෙම වසරේ ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබුණා.
ඒ අනුව කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් යුත් හය වැනි LPL තරගාවලිය ලබන වසරේ දී වඩාත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනු ඇති!
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















