CA ලිංගික අපයෝජනයට ලක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමාව අයදියි

17923
Cricket Australia chairman Lachlan Henderson
Courtesy - Canberratimes.com.au | Caption - දඬුවම් හිමිවූ ඉයන් කින්ග්

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය (Cricket Australia – CA) ලිංගික අපයෝජනයට ලක්වූ ළමා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමාව අයැද සිටිනවා.

ක්‍රීඩාව හා සම්බන්ධ සියලු ආයතනවලින් ඔවුන් ඉල්ලා සිටින්නේ ජාතික පිළියම් පටිපාටියකට (National redress scheme) එක්වන ලෙසයි.

ළමා අපයෝජකයෙකු වූ ක්‍රිකට් පුහුණුකරු Ian King (ඉයන් කින්ග්) හට ලබා දුන් සිර දඬුවම තවත් වසර තුනකින් පමණ දීර්ඝ කිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය මේ බව පළ කළා. යොවුන් ක්‍රීඩකයෙකු අපයෝජනයට ලක්කිරීම සම්බන්ධව ඔහුට ඒ දඬුවම හිමි වුනා.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ සභාපති Lachlan Henderson (ලැක්ලන් හෙන්ඩර්සන්) මේ බව සඳහන් කළා.

අපට සිදු වුන දේ වෙනස් කරන්න බෑ. ඒත් අපි වින්දිතයන්ට සහාය දක්වන්න අවශ්‍යයි”, ඔහු සඳහන් කළා.

ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට්වලට සම්බන්ධ වීම නිසා ලිංගික අපයෝජනයට ලක්වූ ඕනෑම කෙනෙකුගෙන් ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙනුවෙන් මම සමාව අයදිනවා,” හෙන්ඩර්සන් මහතා පැවසුවා.

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වන විට අපට දැඩි ප්‍රතිපත්ති මාලාවක් තිබෙන අතරම අපයෝජනයට ලක්වූ ඕනෑම කෙනෙකුට අවශ්‍ය සහාය අප විසින් හැකි උපරිමයෙන් ලබා දෙන බව සහතික කළ යුතුයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<