Virtual ටයිකොන්ඩෝ ශූරතාවයේ දී ශ්‍රී ලංකාවෙන් ඉහළ දස්කම්

237
Sri Lanka Taekwondo

ඇමරිකානු ටයිකොන්ඩෝ සම්මේලනය මඟින් මෙහෙයවනු ලැබූ ජාත්‍යන්තර  මට්ටමේ Virtual ටයිකොන්ඩෝ ශූරතාවය ජුනි මස 04 වැනිදා සිට 07 වැනිදා දක්වා පැවැත්වුනි. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 8ක් ඇතුළු පදක්කම් 15ක් දිනා ගැනීමට සමත්ව තිබේ. 

විස්ඩන් 21 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුල රනින්

ඇතිව තිබෙන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් ස්ථානයකට එක්රැස් කරමින් මෙවැනි ආකාරයක තරගාවලියක් පැවැත්වීම ඉතාමත් අපහසු නිසාවෙන් අන්තර්ජාලය භාවිතා කරමින් Virtual ආකාරයට මෙවැනි තරගාවලියක් පැවැත්වුනේ පළමු වතාවටය. වයස් කාණ්ඩයන් 8ක්, බෙල්ට් පංති කිහිපයක් සහ බර පන්ති කිහිපයක් යටතේ පැවැත්වුනු මෙම තරගාවලිය සඳහා රටවල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී විය.

රන් පදක්කම් – 8

  • ක්‍රිශාන්ත වීරසිංහ (Under 40 (31-40) කළු පටි – පිරිමි ඒකල පුම්සේ)
  • සෙනුරි ප්‍රනාන්දු (Cadet (12-14) රතු පටි – කාන්තා ඒකල පුම්සේ)
  • අශේන් රාජපක්ෂ (Cadet (12-14) රතු දුඹුරු පටි – පිරිමි ඒකල පුම්සේ)
  • ශෂිකලා ප්‍රබෝධනී (Junior (15-17) – කහ පටි – කාන්තා ඒකල පුම්සේ)
  • මනුජ්‍ය රණසිංහ (Junior (15-17) – රතු පටි – පිරිමි ඒකල පුම්සේ)
  • ගයනි ප්‍රියදර්ශනී (Under 40 (31-40) කහ පටි – කාන්තා ඒකල පුම්සේ)
  • සෙනුරි ප්‍රනාන්දු සහ රනුක ප්‍රභාත් (වයස 18 සහ ඊට වැඩි – සියලුම පටි – කාන්තා සහ පිරිමි)
  • රනුක ප්‍රභාත්, ශමිත් ඉෂාර, අශේන් රාජපක්ෂ (පිරිමි කණ්ඩායම් ඉසව්ව)

රිදී පදක්කම් – 4

  • ශමිත් ඉෂාර (Under 30 I (18-30) කළු පටි – පිරිමි ඒකල පුම්සේ)
  • රනුක ප්‍රභාත් (Under 30 III (18-30) කළු පටි – පිරිමි ඒකල පුම්සේ)
  • නලින්ද රත්නායක (Under 50 (41-50) කළු පටි – පිරිමි ඒකල පුම්සේ)
  • නෙත්මි දුලංගි (Cadet (12-14) කහ පටි – කාන්තා ඒකල පුම්සේ)

ලෝකඩ පදක්කම් – 3

  • අමායා රණසිංහ (Cadet (12-14) රතු පටි – කාන්තා ඒකල පුම්සේ)
  • දිනෙත් ද සොයිසා (Cadet (12-14) Poom – පිරිමි ඒකල පුම්සේ)
  • නෙත්මි දිසානායක (Junior (15-17) කහ පටි – කාන්තා ඒකල පුම්සේ)

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<