ලුම්බිණි – ධර්මරාජ උණුසුම් සටනේ ජය ධර්මරාජයට

195

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය, මයිලෝ ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව සංවිධානය කරනු ලබන, එක් පිලකට ක්‍රීඩකයන්  පහළොස් දෙනා බැගින් වූ වයස අවුරුදු 16න් පහළ රග්බි තරගාවලියේ තරග කිහිපයක් අද (19) කොළඹ තුරඟ තරග පිටියේ දී සාර්ථකව පැවැත්විය.

14න් පහළ රග්බි කිරුළ අපරාජිත සාන්ත පීතර විද්‍යාලයට

නෙස්ලේ සමාගමේ අනුග්‍රහය සමඟ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මගින් සංවිධානය කරන ලද “මයිලෝ ….

ශ්‍රී පියරතන මහා විද්‍යාලය හා ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලය

මෙම තරගයේ දී ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගය පුරාවටම දක්ෂ ක්‍රීඩා විලාසයක් අනුගමනය කරමින් උත්සාහක දිනුම් 11ක් හා එක් ප්‍රවර්තනයක් සාර්ථක කර ගන්නා ලදි.

තරගයේ පළමු අර්ධය ලකුණු 00-35ක් ලෙස සටහන් විය. ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයට දැවැන්ත ජයක් හිමි කර දෙමින් තරගය අවසන් විය.

ශ්‍රී පියරතන මහා විද්‍යාලය 00 – 57 ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය

ගිංතොට මධ්‍ය මහා විද්‍යාලය හා අශෝක විද්‍යාලය

මෙම තරගයේ දී කොළඹ අශෝක විද්‍යාලය, ගිංතොට මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව උත්සාහක දිනුම් 4ක් හා එක් ප්‍රවර්තනයක් සාර්ථක කර ගෙන ලකුණු ලබා ගත්තේය.

ගිංතොට මධ්‍ය මහා විද්‍යාලය 00 – 22 අශෝක විද්‍යාලය

තර්ස්ටන් විද්‍යාලය හා රේවත විද්‍යාලය

මෙම තරගය අද දිනයේ වැඩිම ලකුණු රැස්කළ තරගය බවට පත්විය. මෙහි දී තර්ස්ටන් විද්‍යාලය උත්සාහක දිනුම් 10ක් හා එහි ප්‍රවර්තන අවස්ථා 8ක් සාර්ථක කර ගැනීමට සමත් විය.

තර්ස්ටන් විද්‍යාලය 66 – 00 රේවත විද්‍යාලය

ඩී. එස්. සේනානායක විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය

තම සුපුරුදු රග්බි ආධිපත්‍යය නැවතත් පෙන්නුම් කිරීමට ගල්කිස්ස විද්‍යා විදුහල් කණ්ඩායම සමත් වූයේ, උත්සාහක දිනුම් 8ක් හා ප්‍රවර්තන 5ක් සාර්ථක කර ගනිමිනි.

එහි පළමු අර්ධය තුළ විද්‍යා ක්‍රීඩකයින් ලකුණු 24ක් ලබා ගන්නා ලදි.

ඩී. එස්. සේනානායක 00 – 50 විද්‍යා විද්‍යාලය

සාන්ත ජෝන් විද්‍යාලය හා කිංස්වුඩ් විද්‍යාලය

කණ්ඩායම් ද්විත්වය අතර තියුණු සටනක් දැක ගන්නට ලැබුණු මෙම තරගයේ දී කිංස්වුඩ් ක්‍රීඩකයින් විසින් උත්සාහක දිනුම් 7ක් හා එක් ප්‍රවර්තනයක් සාර්ථක කර ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් විය.

සාන්ත ජෝන් විද්‍යාලය 00 – 37 කිංස්වුඩ් විද්‍යාලය

ලුම්බිණි විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය

පාසල් රග්බි පිටිය උණුසුම් කළ තරගයක් වූ මෙම තරගය ද අතිශය තියුණු මුහුණුවරක් ඉසිලීය. ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩකයින් විසින් තමන් ලබාගත් උත්සාහක දිනුම් තුනේම ප්‍රවර්තන සාර්ථක කර ගන්නා ලදි.

කෙසේ නමුත් දෙපිල අතර උණුසුම්කාරී වාතාවරණයකට මුල පුරමින් තරගය අවසන් වන ලකුණු පෙන්නුම් කළ නමුත් තරගය අවසානයේ දී එම වාතාවරණය පහව යනු දක්නට ලැබුණි.

ලුම්බිණි විද්‍යාලය  00 – 21 ධර්මරාජ විද්‍යාලය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<