ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වෙන විදෙස් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් දැනුවත් වෙන ලිපි අතරට මෙවර වෙන් වෙන්නේ Colombo Strikers කණ්ඩායමටයි.
පසුගිය වසරේ අනුශූරයන් වූ Colombo Strikers කණ්ඩායම මෙවර තරගාවලියට පිවිසෙන්නේ කණ්ඩායමේ ප්‍රධානතම වෙනසක් සිදු කරමින්. ඒ ආරම්භක තරගාවලියේ සිට ම කොළඹ කණ්ඩායමේ නායකයා මෙන්ම 2022 වසරේ අනුශූර කණ්ඩායමේ නායකත්වයේ ද කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට Babar Azam කණ්ඩායමට එක් කර ගනිමින්.
Colombo Strikers කණ්ඩායමේ ගමන් මඟ
| වසර | තරග | ජය | පරාජ | ලකුණු සම | නොවිසඳුණ | ස්ථානය | |
| 1 | 2020 | 9 | 5 | 3 | 1 | 0 | SF වටය |
| 2 | 2021 | 9 | 4 | 5 | 0 | 0 | Eliminator |
| 3 | 2022 | 11 | 5 | 6 | 0 | 0 | අනුශූරතාව |
| එකතුව | 29 | 14 | 14 | 1 | 0 | ||
ආරම්භක වසරේ දී Colombo Kings නමින් ද සහ ඊට පසු වසර ද්විත්වයේ Colombo Stars නමින් ද හැඳින්වූ මෙම කණ්ඩායම මෙවර තරගාවලියට එක් වෙන්නේ Colombo Strikers නමින්.
නිමා වූ වසරේ දී අනුශූර කණ්ඩායම ලෙසින් පත් වූ ඔවුන් ගියවර අහිමි වූ ශූරතාව මෙවර ලබා ගැනීමේ අරමුණ ඇතිව පිටියට පිවිසෙන්නට උත්සාහ කරන්නේ වැඩි පාකිස්තාන ක්‍රීඩකයන් ප්‍රමාණයක් ද සමඟයි. ඒ අනුව ඔවුන් කණ්ඩායමට එක් කර ගත හැකි විදෙස් ක්‍රීඩකයන් 6 දෙනාගෙන් 5 දෙනෙක් ම තෝරා ගන්නේ පාකිස්තානයෙන්. අනෙක් ස්ථානය හිමි ව ඇත්තේ අයර්ලන්තයටයි.
Babar Azam

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් ලැයිස්තුගත කිරීමේ දී සිව්වැනි අසුනට හිමිකම් කියන Babar Azam මේ දක්වා තරග 104ක ඉනිම් 98ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 30ක් සමඟින් ලකුණු 3485ක් ලබා සිටිනවා. එහි සාමාන්‍ය 41.48ක්.
එමෙන් ම පාකිස්තානය වෙනුවෙන් විස්සයි විස්ස තරගවල ඉනිමක දී වැඩිම ලකුණු ලබා ගැනීමේ වාර්තාව ද සතු වෙන්නේ Babar Azam සතුවයි. ඒ 2001 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සමඟින් ලබා ගත් ලකුණු 122යි.
ජාත්‍යන්තර පිටියෙන් බැහැර විස්සයි විස්ස පිටියේ මේ දක්වා තරග 260ක ඉනිම් 250ක දී පිටියට පිවිස ඇති Babar Azam ශතක 9ක් සහ අර්ධ ශතක 76ක් සමඟින් ලකුණු 9201ක් ලබා සිටිනවා. එහි සාමාන්‍ය දැක්වෙන්නේ 44.02ක් ලෙසයි.
එළඹෙන අගෝස්තුවේ දී පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියේ දී Gayana Amazon Warriors සමඟ ද ගිවිසුම් ගත Babar Azam, Colombo Strikers හා එක් වෙන්නේ සෘජුව ම ගිවිසුම් ගත ක්‍රීඩකයෙක් ලෙසයි.
Naseem Shah

දකුණත් වේගපන්දු යවන්නෙක් ලෙසින් දක්ෂතා දක්වන Shah පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග ත්‍රිත්වයේ ම විශ්වාසවන්ත ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණයට ලක් වෙනවා.
කොළඹ කණ්ඩායම සමඟින් පළමු වරට එක් වෙන Naseem Shah මේ වෙද්දී විස්සයි විස්ස තරග 81ක දී කඩුලු 77ක් ලබා සිටිනවා.
- Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ
- 2023 LPL ටිකට්වල ගණන් හිලව් නිවේදනය කරයි
- ළමා හදවත් සුවපත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් පෙරට එයි
- LPL විකාශන අයිතියේ කැපී පෙනෙන වෙනසක්
- LPL පිටියට වෙන්දේසි වූ අපේ හොඳම 10
Wahab Riaz

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමෙන් පසුව බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL), පාකිස්තාන සුපර් ලීග් (PSL), ග්ලෝබල් T20 කැනඩා සහ තවත් එවැනි වූ තරග මාලාවන් හී වැඩි දායකත්වයක් දැක්වූ Riaz මීට පෙර Galle Gladiators, Jaffna Kings සහ Kandy Tuskers කණ්ඩායම් නියෝජනය කරමින් LPL තරගාවලිය හා එක් වුනා.
විස්සයි විස්ස තරග පිටියේ තරග 348කට සහභාගී වී ඇති Wahab Riaz මේ දක්වා කඩුලු 413ක් සහ ලකුණු 1700ක් ලබා සිටින අතර ඔහු කොළඹ කණ්ඩායම හා එක් වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 40,000ක මුදලකට වෙන්දේසි වෙමින්.
Iftikhar Ahmed

එසේ වූවත් ඔහුගේ විස්සයි විස්ස තරග දක්ෂතා ලැයිස්තුගත වන්නේ තරග 221ක දී ශතකයක් සහ අර්ධ ශතක 28ක් සමඟින් ලකුණු 4309ක් සහ කඩුලු 44ක් ලෙසයි.
ඔහු මෙවර කොළඹ කණ්ඩායම හා එක් වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 50,000ක මුදලකට වෙන්දේසි වෙමින්.
Lorcan Tucker

අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග නියෝජනය කර ඇති Tucker ජාත්‍යන්තර නොවන විස්ස විස්ස තරග 97කට සහභාගී වෙමින් අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 1559ක් ලබා සිටිනවා. දක්ෂ කඩුලු රකින්නෙක් ද වන Tucker කඩුල්ල පිටුපස සිටමින් දවා ගැනීම් 81කට දායක වී සිටිනවා.
Mohammad Nawaz

ඔහු මේ දක්වා විස්සයි විස්ස තරග 221කට සහභාගී වෙමින් අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 2455ක් ලබා සිටින අතර වමතින් දඟ පන්දු යවමින් කඩුලු 180ක් ලබා තිබෙනවා.
ඔහු Colombo Strikers කණ්ඩායම හා එක් වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 30 000කට වෙන්දේසි වෙමින්.
Colombo Strikers කණ්ඩායමේ තරග කාලසටහන
| ප්‍රතිවාදීන් | දිනය | ක්‍රීඩාංගණය | වේලාව | |
| 1 | Jaffna Kings | ජූලි 30 | ආර්. ප්‍රේමදාස (කොළඹ) | රාත්‍රී 7.30 |
| 2 | B – Love Kandy | ජූලි 31 | ආර්. ප්‍රේමදාස (කොළඹ) | රාත්‍රී 7.30 |
| 3 | Galle Titans | අගෝස්තු 04 | පල්ලෙකැලේ | ප.ව. 3.00 |
| 4 | Jaffna Kings | අගෝස්තු 05 | පල්ලෙකැලේ | රාත්‍රී 7.30 |
| 5 | Dambulla Aura | අගෝස්තු 08 | පල්ලෙකැලේ | ප.ව. 3.00 |
| 6 | Dambulla Aura | අගෝස්තු 12 | ආර්. ප්‍රේමදාස (කොළඹ) | රාත්‍රී 7.30 |
| 7 | B – Love Kandy | අගෝස්තු 13 | ආර්. ප්‍රේමදාස (කොළඹ) | රාත්‍රී 7.30 |
| 8 | Galle Titans | අගෝස්තු 15 | ආර්. ප්‍රේමදාස (කොළඹ) | රාත්‍රී 7.30 |
- Colombo Strikers කණ්ඩායම: Babar Azam (නායක), Naseem Shah, මතීෂ පතිරණ, චාමික කරුණාරත්න, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, ලක්ෂාන් සඳකැන්, Wahab Riaz, නිපුන් ධනංජය, මොවින් සුබසිංහ, ලහිරු උදාර, එශාන් මාලිංග, Iftikhar Ahmed, ශෂික දුල්ශාන්, නුවනිඳු ප්‍රනාන්දු, Lorcan Tucker, ජෙෆ්රි වැන්ඩර්සේ, ඇන්ජලෝ පෙරේරා, ධනංජය ලක්ෂාන්, කවිශ්ක අංජුල, Mohammad Nawaz, රමේෂ් මෙන්ඩිස්, යශෝධ ලංකා සහ අහන් වික්‍රමසිංහ.
මීළඟ ලිපියෙන් Galle Titans කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන් පිළිබඳව දැනුවත් වෙමු.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















