ඉන්දීය ක්‍රීඩකයෝ සිව්වැනි තරගයත් ජය ගනියි

103

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර පවත්වනු ලබන තරග 5කින් යුත් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (20) දින ලුදියානා හිදී නිමා වූ සිවු වැනි තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා. මේ වන විටත් තරගාවලියේ ජය තහවුරු කරගෙන සිටින ඉන්දීය පිළ මෙතෙක් පැවැත් වූ තරග 04 අතරින් කිසිඳු තරගයක් ජය ගැනීමට සිය ප්‍රතිවාදී ශ්‍රී ලංකා පිළට අවස්ථාව ලබා දුන්නේ නැත.

එංගලන්තය වැසි නියැදිය අභිබවා තරගාවලිය ජය ගනී

තරගයක් ලබා දීමට හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කළ ද ප්‍රතිවාදීන්ගේ දක්ෂතා හමුවේ නැවත වතාවක් අසරණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එංගලන්තය සමඟ අද (20) මහනුවර…

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුණු 137ක් වාර්තා කළේය. මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ලැබූ අඩුම ලකුණු සංඛ්‍යාව ද වන්නේ මෙයයි.

ශ්‍රී ලංකා ඉනිමේ එකම සාර්ථක පිතිකරු වූ චන්දන දේශප්‍රිය පන්දු 21කට මුහුණ දෙමින් ලකුණු 21ක් ලබා ගත්තේ ය. එමෙන්ම මෙම ඉනිමේ සාර්ථකම කඩුලු අතර සබඳතාවය වූයේ දෙවැනි කඩුල්ල සඳහා දමිත සඳරුවන් (15) සමඟින් සමන් තුෂාර ((10) එක්ව පන්දු 32ක් තුළ දී ගොඩනගන ලද ලකුණු 33ක සබඳතාවයයි. ඊට අමතරව පසු පෙළින් පිටියට පිවිසි ප්‍රියන්ත කුමාර ලකුණු 14ක් සහ දිනේෂ් මතුගම ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වුනා.

මොහොමඩ් අබ්බාස් ඕස්ට්‍රේලියානුවෝ අමාරුවේ දමයි

පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද (19) අබුඩාබි ෂෙයික් ෂායිඩ් ක්‍රීඩාංගණයේ දී නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 373ක ජයග්‍රහණය…

කඩුලු ලබා ගැනීමේ දී ආර්. අජේ කුමාර් ලකුණු 23කට කඩුලු 2ක් දවා ගන්නා විට ආර්. සිං ඩී. රාවෝ සහ බී. වද්දගෝල් හට එක් කඩුල්ල බැගින් දවා ගන්නට හැකි විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 138ක් ලබා ගත්තා. එහි දී එස්. රමේෂ් පන්දු 34ක් තුළ දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා ගත් අතර තරගය ජයග්‍රහණය කරා ගෙනයමින් ආර්. අජේ කුමාර් පන්දු 25කට මුහුණ දී එක් හතරේ පහරක් සමඟ ලකුණු 25ක් වාර්තා කළේය.

මේ අතර ඉන්දීය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් කේ. බාස්කර් පන්දු 25ක දී ලකුණු 28ක් ලබා ගත්තේ ය. ඉන්දීය කණ්ඩායමේ දැවී ගිය කඩුලු ත්‍රිත්වය ම දුවද්දී දැවී යාමට හසු වීම් විය.

තරගයේ වීරයා ලෙසින් ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ආර්. අජේ කුමාර් නම් කෙරුණි.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම: සියලුම දෙනා දැවී 137 (19.5) දමිත සඳරුවන් 15, දිනේෂ් මතුගම 15, චන්දන දේශප්‍රිය 21, ආර්. අජේ කුමාර් 2/32

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ; කඩුලු 3ක් දැවී 138 ( 18.0) කේ. බාස්කර් 28, එස්. රමේෂ් 54, ආර්. අජේ කුමාර් 25

තරගාවලියේ පස් වැනි සහ අවසාන විස්සයි 20 තරගය මෙම මස 22 වැනි දා ෆරීඩාබාඩ් හිදී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට ThePapare.com රැඳී සිටින්න