MAS කණ්ඩායමට නොසිතූ පරාජයක්!

1260

වෙළඳ සේවා සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන දිනය ඊයේ (21) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වුණු අතර දිනයේ අවසාන තරගයේ දී MAS A කණ්ඩායමට නොසිතූ පරාජයක් අත්කර දෙන්නට ජේ. කේ. එච් A (John Keells Holdings) කණ්ඩායම සමත් විය.

ඩයලොග් හා ඇක්සස් සාර්ථකව තරගාවලිය ආරම්භ කරයි

2018 වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (20) කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ වූ අතර කුසලාන ශූරතාවලියේ අපරාජිතව දිනය අවසන් කිරීමට ඩයලොග් A කණ්ඩායම…

48 වන වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන දිනය ආරම්භ වූයේ ඩයලොග් B හා Aitken Spence කණ්ඩායම්වලට ජයග්‍රාහි ආරම්භයන් ලබා දෙමිනි.  

AITKEN SPENCE 19 5 ස්ටැෆෝර්ඩ් මෝටර් සමාගම
ඩයලොග් B 28 7 ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථාව

Ceylon Tea Brokers, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා සිලෝන් නිට් ට්‍රෙන්ඩ් කණ්ඩායම් පලිහ ශූරතාවයේ පළමු තරග කිහිපයේ ජය හිමිකර ගැනීමට සමත් විය.

CEYLON TEA BROKERS 28 0 ශ්‍රී ලංකා ඛනිජ හා රසානය නීතිගත සංස්ථාව
සොෆ්ට්ලොජික් 7 49 නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
CEYLON KNIT TREND 50 0 GLAXO SMITHKLINE
ඩයලොග් B 45 5 ජෝර්ජ් ස්ටුවර්ට්
පී. ඒ. බි. සි 34 12 VIRTUSA
සොෆ්ට්ලොජික් 17 19 ජාතික සංවර්ධන බැංකුව

කොමර්ෂල් ක්‍රෙඩිට් හා සී. ඩී. බී කණ්ඩායම් ජයග්‍රාහි ලෙස බඳුන ශූරතාවයේ තරග ආරම්භ කළ අතර ජේ. කේ. එච් කණ්ඩායමට නොසිතූ පරාජයක් අත්කර දෙන්නට බ්‍රැන්ඩික්ස් කණ්ඩායම සමත් විය.

ඩයලොග් B කණ්ඩායම තමන් සහභාගී වූ තරග දෙකම ජයගද්දී පී. ඒ. බී. සී. කණ්ඩායම Virtusa කණ්ඩායම හමුවේ දිනයේ පළමු ජය වාර්තා කිරීමට සමත් විය. ජාතික සංවර්ධන බැංකු කණ්ඩායම ජයග්‍රහණයකින් දිනය ආරම්භ කළේ දිනයේ පළමු හෝරා කිහිපයේ දී සොෆ්ට්ලොජික් කණ්ඩායම ලත් දෙවන පරාජයත් අත්කර දෙමින්.

එච්. එස්. බී. සී B 5 35 කොමර්ෂල් ක්‍රෙඩිට්
බ්‍රැන්ඩික්ස් 21 14 ජේ. කේ. එච් C
සී. ඩී. බී 19 7 ALLIANZ INSURANCE

සම්පත් බැංකු කණ්ඩායම දිනයේ දෙවන කාල සීමාව ආරම්භ කළේ Mercantile Finance කණ්ඩායමට එරෙහිව ලකුණු 22-19ක තියුණු ජයක් වාර්තා කරමිනි.

MERCANTILE INVESTMENTS 19 22 සම්පත් බැංකුව

ෆාසිල් මරිජාගේ හා ගැමුණු චේතියගේ උත්සාහක දිනුම්වලින් MAS A කණ්ඩායම නේෂන්ස් ලංකා කණ්ඩායම පරාජය කළ අතර සිය ජයග්‍රාහි ක්‍රීඩා රටාව දිගටම පවත්වා ගත් ඇක්සස් කණ්ඩායම ජේ. එච්. කේ. B කණ්ඩායමට ලකුණු 50-07ක් දරුණු පරාජයක් අත්කර දෙන්නට සමත් විය.

ක්ලැසික් ට්‍රැවල්ස් කණ්ඩායමට තරගාවලියේ දෙවන පරාජයත් අත්කර දෙමින් ඩයලොග් A කණ්ඩායම දෙවන දිනයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය.

MAS A 29 0 නේෂන් ලංකා
ඇක්සස් 50 7 ජේ. කේ. එච් B
ක්ලැසික් ට්‍රැවල්ස් 0 19 ඩයලොග් A

ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථා කණ්ඩායම දිනයේ පළමු ජය වාර්තා කරගද්දී MAS B කණ්ඩායම තව දුරටත් අවාසනාවන්ත කණ්ඩායමක් බවට පත් කරමින් දෙවන දිනයේ ඔවුන්ගේ දෙවන තරගයත් ජය පරාජයෙන් තොරව අවසන් විය.

AITKEN SPENCE 16 24 ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථාව
ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් 12 12 MAS B
CEYLON TEA BROKERS 12 14 නේශන්ස් ට්‍රස්ට් බැංකුව

Allianz Insurance හා Mercantile Insurance කණ්ඩායම් දිනයේ පළමු ජයග්‍රහණ වාර්තා කරද්දී සිය දෙවන ජයග්‍රහණත් වාර්තා කරමින් 100% ජයග්‍රහණ වාර්තාව රඳවා ගැනීමට සම්පත් බැංකු හා සී. ඩී. බී කණ්ඩායම් සමත් විය. 

බ්‍රැන්ඩික්ස් 17 20 ALLIANZ INSURANCE
සී. ඩී. බී 28 5 ජේ.කේ.එච් C
සම්පත් බැංකුව 26 7 එච්. එස්. බී. සී A
MERCANTILE INVESTMENTS 42 0 එච්. එස්. බී. සී A

ජේ. කේ. එච් A කණ්ඩායම දිනයේ පළමු වරට පිටියට පිවිසුණු අතර ඔවුන්ගේ අතින් නේෂන් ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

නේෂන් ලංකා 10 33 ජේ. කේ. එච් A

ඩයලොග් A කණ්ඩායමට ලකුණු 38-07ක පරාජයක් අත්කර දෙමින් සිය අපරාජිත වාර්තාව දිගටම පවත්වා ගැනීමට ඇක්සස් කණ්ඩායම සමත් විය.

ජේ. කේ. එච් B කණ්ඩායම පරාජය කරමින් ක්ලැසික් ට්‍රැවල්ස් කණ්ඩායම තරගාවලියේ පළමු ජය වාර්තා කළේය. ඒ අනුව ජේ. කේ. එච් B කණ්ඩායම සහභාගී වූ තරග සියල්ල පරාජය වීම විශේෂත්වයක් විය.

ඇක්සස් 38 7 ඩයලොග් A
ක්ලැසික් ට්‍රැවල් 19 7 ජේ. කේ. එච් B

දිනයේ විශේෂම සිදුවීම අවසාන තරගයේ දී සිදු වූ අතර වත්මන් ශූරයින් වන MAS A කණ්ඩායමට නොසිතූ පරාජයක් අත්කර දෙන්නට ජේ. කේ. එච් A කණ්ඩායම සමත් විය.

ජෝන් කීල්ස් A කණ්ඩායම පළමු අර්ධය අවසානයේ පසුපසින් සිටියත් දෙවන අර්ධයේ දී ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ ඔවුන් ලවංග පෙරේරාගේ අවසාන උත්සාහක දිනුමත් සමඟ ජය වාර්තා කිරීමට සමත් විය.

MAS A 21 24 ජේ. කේ. එච් A

ඒ අනුව MAS A කණ්ඩායම දෙවන කුසලාන ශූරතා අවසන් පූර්ව තරගයේ දී ඇක්සස් කණ්ඩායම හමුවන අතර පළමු අවසාන පූර්ව තරගයේ දී ඩයලොග් A කණ්ඩායම ජේ. කේ. එච් A කණ්ඩායම හමුවනු ඇත.  

තරගාවලියේ තෙවන දිනය අද (22) ThePapare.com ඔස්සේ සජීවීව විකාශය වේ.

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<