එංගලන්ත සංචිතය අලුත් කරයි – ක්‍රීඩකයෙක් ඉවතට

287
Chris Woakes

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ මස 27 වැනිදා චෙස්ටර් ලී ස්ට්‍රීට් හී ආරම්භ වීමට නියමිතව ඇති දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව තුන්ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ට මඟ හැරෙන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසන ලදි. ඒ ඔහු ආබාධයකට ලක්වී සිටින බැවිනි. බෙන් ස්ටොක්ස්ට තවත් සති කිහිපයකට තරග බිමට එක්වීමට නොහැකිවනු ඇතැයි එංගලන්තයෙන් වාර්තා වෙයි.

අබාධයකට ලක්වූ බෙන් ස්ටෝක්ස් වෙනුවට වොර්ක්ෂයර් ප්‍රාන්ත පිලේ තුන්ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් කණ්ඩායමට එක්වී සිටී. එංගලන්තයට ඉනිමක සහ ලකුණු 88 ජයක් හිමිකර දෙමින් හෙඩිංග්ලි හී දී පසුගිය දා (21) නිමාවට පත්වූ පළමු ටෙස්ට් තරගය අතරතුර 24 හැවිරිදි බෙන් ස්ටෝක්ස් වම් දණහිසේ ආබාධයකට ලක්වීය.

එංගලන්ත වේග පන්දුව තරගයේ ජය සොයා යයි

ඔහු පසුගිය ටෙස්ට් තරඟයේ දී ලකුණු 12 ක් හා ලකුණු 25කට එක් කඩුල්ලක් දවාලීමට සමත් විය.

දෙවැනි ටෙස්ට් තරගය සඳහා නම් කළ එංගලන්ත පිල මෙසේය

ඇලෙස්ටෙයාර් කුක් (නායක), මුයීන් අලී, ජේම්ස් ඇන්ඩර්සන්. ජොනතන් බෙයාර්ස්ටෝව්, ‍ජේක් බෝල්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, නික් කොම්ප්ටන්, ස්ටීවන් ෆින්, ඇලෙක්ස් හේල්ස්, ජෝ රූට්, ජේම්ස් වින්සි, ක්‍රිස් වෝක්ස්.

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න