තරහ ගිය Gayleට තරග තීරකගෙන් දඬුවම්!

IPL තරගාවලිය 2020

443

IPL චර්යා ධර්ම පද්ධතියේ නීති කඩ කිරීම නිසා සුපිරි පිතිකරු Chris Gayle හට සිය තරග ගාස්තුවෙන් 10%ක දඩයක් නියම කර තිබෙනවා. ඒ Rajasthan Royals සමඟ පැවති තරගයේ දී ඔහු දැවී යාමෙන් අනතුරුව සිය පිත්ත විසි කර දැමීම නිසයි. 

Chris Gayle එම තරගයේ දී ලකුණු 99ක් රැස් කළ අතර ශතකයට එක් ලකුණක් තිබිය දී Jofra Archer ඔහුව දවා ගැනීමට සමත් වුනා.

“Gayle පිළිගත්තා ඔහු පළමු මට්ටමේ IPL චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීමක් කළා කියලා. පළමු මට්ටමේ උල්ලංඝනය කිරීම්වලට අදාළ දඬුවම් නියම කිරීමේ අවසන් තීරණය තරග තීරක සතුයි” IPL සංවිධායකයින් නිවේදනයක් නිකුත් කර තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්: 

මේ තරගයේ දී Gayle විස්සයි විස්ස තරගවල හයේ පහර 1000ක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වුනා. Gayleගේ ඉනිමට හයේ පහර අටක් ඇතුළත් වුනු නමුත් ඔහුගේ ඒ ඉනිම පන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වුනේ නැහැ. Ben Stokes, Sanju Samson, Steve Smith හා Jos Buttlerගේ අනගි පිතිකරණයෙන් Rajasthan Royals කණ්ඩායම කඩුලු 7ක ජයක් වාර්තා කළේ තවත් පන්දු 15ක් ඉතිරිව තිබිය දීයි.

Punjab කණ්ඩායම මේ තරගය පරාජය වූ නිසා අවසන් තරග සඳහා සුදුසුකම් ලැබීමට නම් ඔවුන්ට Chennai Super Kings කණ්ඩායම සමඟ පැවැත්වෙන මීළඟ තරගය ජය ගැනීමට අවශ්‍ය වෙනවා. 

Cricbuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<