චන්දිමාල්ගෙන් අභියාචනාවක්; තුන්වැනි ටෙස්ට් තරගයට අවසර?

681
Chandimal appeals

පන්දුවේ ස්වභාවය වෙනස් කළා යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වරදකරු කළ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට, අනිද්දා (23) ආරම්භ වීමට නියමිතව ඇති තෙවැනි ටෙස්ට් තරගය තහනම් වූ නමුත් දිනේෂ් චන්දිමාල් ගොනු කළ අභියාචනාවක් නිසාවෙන් ඔහුට ලබා දුන් තරග තහනම තාවකාලිකව ඉවත්වීමට බොහෝ දුරට ඉඩකට තිබෙන බව වාර්තා වේ.

චන්දිමාල්ට 100% දඩයක් සහ තරග තහනමක්; හතුරු සහ ගුරූටත් චෝදනා

සාන්ත ලුසියා හි පැවති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවන දිනයේ උදෑසන ඇති වූ ‘පන්දුවේ..

දකුණු අප්‍රිකානු ක්‍රීඩක ෆෆ් ඩියු ප්ලේසිස් මෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ද මෙවැනි ආකාරයක පන්දුව වෙනස් කිරීමේ චෝදනාවට ලක්වූ නමුත් ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රියා කළ ආකාරය හා තමාට එරෙහිව කටයුතු කළ ආකාරය සසඳා බැලීමේ දී විශාල පරතරයක් ඇති බව පෙන්වා දෙමින් දිනේෂ් චන්දිමාල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මෙම අභියාචනාව සිදු කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය 19 වැනිදා දිනේෂ් චන්දිමාල්ව පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ චෝදනාවට වරදකරු කළ අතර ඒ අනුව ඔහුට එක් ටෙස්ට් තරගයක් හෝ විස්සයි විස්ස තරග දෙකක් හෝ එක්දින තරග දෙකක තහනමක් පැනවීමට තීරණය විය. ඊට අමතරව තරග තහනම් (suspension points) ලකුණු දෙකක් හා තරග ගාස්තුවෙන් 100%ක දඩයක් නියම කරන ලදි.

පන්දුව පළුදු කළා යැයි චන්දිමාල්ට චෝදනා

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර සාන්ත ලුසියා හිදී පැවැත්වෙන දෙවන…

සාන්ත ලුසියා හි නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ උදෑසන ඇති වූ පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ (පන්දුව පළුදු කිරීම) සිදුවීම් මාලාව නිසාවෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා පුහුණුකරු, කණ්ඩායම් නායක හා කළමනාකරු යන තිදෙනාටම විරුද්ධව චෝදනා ගොනු කර තිබුණි. අවසානයේ ICC ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් මහතා චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහ මහතා තෙවැනි දිනයේ උදෑසන පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කිරීම හරහා ICC චර්යා ධර්ම සංග්‍රහයේ 2.3.1 කොටස ‘ක්‍රීඩාවේ ජිවගුණය ආරක්ෂා කිරීම’ උල්ලංඝනය කර 3 වැනි මට්ටමේ වරදක් කර ඇති බව ප්‍රකාශ කරමින් ඔවුන්ට එදිරිව චෝදනා ගොනු කරන ලදි.

කෙසේ නමුත් එම අභියාචනයට සලකා බැලීම වෙනුවෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඉදිරියේ දී විශේෂ කමිටුවක් පත් කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල Twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.

එම Twitter පණිවිඩය පහතින් දැක්වේ…

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<