චන්දිමාල් කැනඩාවට

22798

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන දිනේශ් චන්දිමාල් කැනඩාවේ පැවැත්වීමට නියමිත ලෝක විස්සයි විස්ස තරගාවලියක් සඳහා එක්ව සිටිනවා. ඒ අනුව චන්දිමාල් Montreal Tigers කණ්ඩායම සමඟින් කඩුලු රකින ක්‍රීඩකයෙකු ලෙස එක්වීමට නියමිතයි. 

ඉන්දියාවේ මීළඟ පුහුණුකරු මහේල?

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී නවසීලන්තය හමුවේ පරාජය වීමෙන් පසුව ඉන්දීය…

මීට පෙර නිරෝශන් දික්වැල්ල එම කණ්ඩායම සමඟින් එක්වීමට නියමිතව සිටි අතර ඔහු ශ්‍රී ලංකා බංග්ලාදේශ සංචිතයට නම් කර තිබීම නිසා ඔහුට තරගාවලියට සහභාගි වීමට නොහැකිවී ඇත. මෙම වසරේ මුල්භාගයේ දී මෙම Montreal Tigers කණ්ඩායම විසින් නම් කළ ක්‍රීඩකයන් 22ක් ඇතුළත් සංචිතයට තිසර පෙරේරා හා ඉසුරු උදාන නම් කර සිටිය ද ඔවුන් අවසන් කණ්ඩායමට තෝරාගෙන නැත. 

චන්දිමාල් ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස යන කණ්ඩායම් තුනම ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙහෙයවා ඇති අතර ඔහු පසුගිය ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වූයේ නැත. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 54කට ක්‍රීඩා කර ඇති චන්දිමාල් එහි දී රඳවා ගෙන ඇති පහර දීමේ වේගය 104.44ක්. දේශීය තරගාවලිවල දී විස්සයි විස්ස තරග 120කට ක්‍රීඩා කර ඇති චන්දිමාල් එහි දී ලකුණු ලබා ගැනීමේ වේගය 117.23ක් ලෙස පවත්වා ගනිමින් ලකුණු 28.58ක සාමාන්‍යයක් ද රඳවා ගෙන ඇත. 

සිම්බාබ්වේ ඇතුළු රටවල් කිහිපයක ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක නිලධාරීන් ඇතුළු සාමාජිකයින්ගේ විශේෂ හමුවක් අද (19)…

විශ්වාසදායක ආරංචි මාර්ග පවසන ආකාරයට චන්දිමාල් මෙසේ විස්සයි විස්ස තරගාවලියට එක්ව ඇත්තේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නැවත වරක් ඇතුළත් වීමේ බලාපොරොත්තුවෙනි. 

කැනඩා විස්සයි විස්ස තරගාවලියේ දෙවන අදියර එළඹෙන ජූලි 25 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වීමට නියමිතයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<