පොඩි කුසල් ඇතුළු කිහිප දෙනෙක් ලැයිස්තුවේ ඉදිරියට

315

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (19) නිකුත් කළ නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් හා ලහිරු කුමාර ඔවුන්ගේ ඒ ඒ ශ්‍රේණිගත කිරීම් අංශවලින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ජයග්‍රහණය වෙනුවෙන් හඹා ගිය ඉනිම වර්ෂාවට බිලි වේ

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග..

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගය ඊයේ (19) දිනයේ දී ජය පරාජයෙන් තොරව අවසන් වුනා. කෙසේ නමුත් පළමු හා දෙවන ටෙස්ට් තරගයේ දී  දැක්වූ දස්කම් නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙක් හා කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට පැමිණීමට අවස්ථාව උදාකරගෙන තිබේ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් හා කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පිළිවෙළින් ස්ථානයක් හා ස්ථාන 4ක් ඉදිරියට පැමිණ ඇත. තවද නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයේ 12 වන ස්ථානය දිනා සිටින කුසල් මෙන්ඩිස් (ප්‍රසාද ලකුණු 693) සිය ක්‍රිකට් දිවියේ දිනා ගත් ඉහළම වර්ගීකරණ ස්ථානය ද එය යි. චන්දිමාල් ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතර 9 වන ස්ථානය දිනාගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 755ක් දිනා ගනිමිනි. චන්දිමාල්ගේ ප්‍රසාද ලකුණු ගණනයට අනුව ඔහුගේ ක්‍රිකට් දිවියේ  ලබා ගත් ඉහළතම ලකුණු ප්‍රමාණය ලෙස එය ඉතිහාසයට එක්වේ.

ඉම්රාන් තාහීර් හා ක්‍රිස් මොරිස් නැතුව දකුණු අප්‍රිකානුවන් මෙරටට

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ වීමට තවත් සති කිහිපයක් ඉතිරිව….

ඊට අමතරව නවතම ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයට අනුව ස්ථාන 4ක් හා ස්ථාන 5ක් පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකාවේ කඩුලු රකින පිතිකරුවෙක් වන නිරෝෂන් දික්වැල්ල (නව ශ්‍රේණිගත කිරීම් අනුව 40 වන ස්ථානය) හා කුසල් ජනිත් (නව ශ්‍රේණිගත කිරීම් අනුව 86 වන ස්ථානය) සමත්ව ඇත. ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත්, ඉන්දිය නායක විරාත් කෝලි හා එංගලන්ත නායක ජෝ රූට් පිළිවෙළින් එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයන් තුන දිනා සිටියි.

ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පළමු ස්ථානය දකුණු අප්‍රිකාවේ වේගපන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා විසින් දිනා ගෙන ඇත. එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් හා ඉන්දියාවේ රවින්ද්‍ර ජඩේජා පිළිවෙළින් එහි දෙවන හා තෙවන ස්ථානයන් දිනා සිටී.

ශ්‍රී ලාංකික වේගපන්දු යවන්නන් වන සුරංග ලක්මාල් ඉහත නම් කරන ලද ලැයිස්තුවේ 30 වන ස්ථානයේ සිට 29 වන ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇති අතර යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර නිමා වූ පළමු ටෙස්ට් තරග දෙක තුළ දී දැක්වූ ඉහළ මට්ටමේ දස්කම් නිසා පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි ස්ථානයන් තුනකින් ඉදිරියට පැමිණ 51 වන තැන දිනා ගැනීමට සමත්ව ඇත.

මේ වන විට ක්‍රියාත්මක වෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාව සිටින්නේ ලකුණු 238ක් ලබා සිටින කුසල් මෙන්ඩිස් වන අතර එහි දෙවන තැන හිමිව ඇත්තේ එක් ශතකයක් සමඟ ලකුණු 229ක් ලබා සිටින ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ටයි. පන්දු යවන්නන් අතරේ වැඩිම කඩුලු දවාගෙන ඇත්තේ කොදෙව් ක්‍රීඩක ශැනොන් ගැබ්‍රිල් (කඩුලු 17ක්) විසිනි. කඩුලු 11ක් දවාගෙන සිටින ලහිරු කුමාර එම ලැයිස්තුවේ දෙවන තැන දිනා සිටී.

ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගත් ඇෆ්ගනිස්ථානය පසුගිය සතියේ දී ඉන්දීය කණ්ඩායම සමඟ සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වූ නමුත් ඔවුන්ට එම තරගය ඉනිමකින් හා ලකුණු 262කින්  පරාජය වීමට සිදු විය. එසේ සිදුවුවත් එම තරගයේ දී ශතක ලබාගෙන දැක්වූ දස්කම් නිසා මුරලි විජේ හා ශිකර් ධවාන් පිතිකරණ අංශයේ පෙරමුණට පැමිණ ඇත. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලුම දෙනාම පාහේ පළමු ටෙස්ට් තරගයට සහභාගී වූ නිසා ඔවුන් ද පළමු වතාවට ICC හි ටෙස්ට් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්වලට ඇතුලත්ව තිබීම විශේෂත්වයකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<