ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි සමස්ත ලෝකයාගේම අවධානය එංගලන්තය සහ වේල්සය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වෙන 8 වැනි ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙසට යොමු වී ඇති මේ මොහොතේ එක් එක් කණ්ඩායම් ජයග්‍රහණය කරා ගෙන යාමේ හැකියාව සහිත සුපිරි ක්‍රිකට් තරු පිළිබඳව බොහෝ දෙනා අතර කතිකාවක් ඇති වී තිබේ.
නමුත් අද විශිෂ්ටත්වයට පත්වී සිටින ක්‍රීඩකයින් සමහරක් ශූරයින්ගේ කුසලාන තරගාවලියක දී ම නවකයින් ලෙස තම ජාත්‍යන්තර ගමන් ඇරඹූවන් වෙති. සහීර් කාන්, මාලන් සැමුවෙල්ස් සහ යුවරාජ් සිං වැනි ක්‍රීඩකයින් ඊට උදාහරණ සපයයි. මෙවර ශූරයින්ගේ කුසලානයට සහභාගි වන සුපිරි ක්‍රිකට් තරු වල සෙවණැල්ලෙන් වැසී ගිය එවන් කුසලතා පූර්ණ නවක ක්‍රීඩකයින්ගේ වතගොත සොයා යාමට ThePapare.com දැරූ උත්සාහයකි මේ!
[rev_slider ct17-dsccricket]
ශූරයින්ගේ කුසලානයට ශ්‍රී ලංකාව සූදානම් ද?
ඕස්ට්‍රේලියාව

2014 වර්ෂයේ දී බරපතළ උරහිසේ ආබාධයකින් පීඩා විඳීම නිසා නිහඬව සිටි ඔහු නැවතත් ක්‍රීඩා පිටියට පිවිසෙන්නේ 2015/16 බීග් බෑෂ් ලීගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. විස්සයි විස්ස තරග රටාවේ සුපිරි දක්ෂතා දක්වන ක්‍රිස් ලින් මෙවර ශූරයින්ගේ කුසලානය සඳහා එක්වී සිටින්නේ එක්දින පිටියේ තමාට හිමි වේදිකාව තනා ගැනීමේ ඒකායන බලාපොරොත්තුවෙනි.

2011 වර්ෂයේ දී ක්‍රීඩා රටා තුනටම ආරම්භය තැබූ පැටින්සන්ගේ ක්‍රීඩා දිවියට මේ වන විට වසර 6ක් ගත වී තිබුනත් ඔහු මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග 15ක් පමණි. එහි දී ඔහුගේ දකුණත් වේග පන්දුවට පිතිකරුවන් 16 දෙනෙකු ගොදුරු වී තිබේ.

නවසීලන්තයට එරෙහිව ඔහු නොදැවී වාර්තා කළ ලකුණු 146, අංක 7 හෝ ඊට පහළ පිතිකරුවෙකු රැස්කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සැලකේ. එමෙන්ම මද වේග පන්දු යවන්නෙකු ලෙස ද ස්ටොයිනිස්ගෙන් යම් සේවාවක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අපේක්ෂා කරයි.
ඉතිහාසයෙන් ඇසෙන ශූරයින්ගේ කුසලානයේ කතා පුවත
බංග්ලාදේශය

බංග්ලාදේශය තවමත් 21 වැනි වියේ පසුවන මෙම මැදපෙළ පිතිකරුවාගෙන් බලාපොරොත්තු වන්නේ සංයමයකින් යුතුව ඉනිමක් ඉදිරියට රැගෙන යාමයි. මීට අමතරව දකුණත් පිට දඟ පන්දු යවන්නෙකු ලෙස ද ඔහුගෙන් දායකත්වය ලබා ගත හැකිය. මොසැද්දික් හුසේන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබුවේ ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය ජය ගත් එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේ දීයි.

තවමත් 19 වැනි වියේ පසු වුවත් අවස්ථාවට උචිත අයුරින් හැඩ ගැසිය හැකි විචාරශීලි ක්‍රීඩකයෙකු (Thinking Cricketer) ලෙසින් සැලකිය හැකි හැකි මෙහෙදි හසන් මෙවර ශූරයින්ගේ කුසලාන තරගාවලියේ බංග්ලාදේශයේ ඉහළම බලාපොරොත්තුවක් බවට පත්වී ඇත.

පළමු පෙළ ක්‍රිකට් දිවියේ ඉහළ දක්ෂතා දක්වා ඇති සුන්සමුල් ඉස්ලාම් බංග්ලාදේශ පන්දු යවන්නන් අතරින් තෙවැනි හොඳම පළමු පෙළ පන්දු යැවීමට ද හිමිකම් කියයි. ඒ ලකුණු 80කට ප්‍රතිවාදී කඩුලු 9ක්ම දවා ගනිමිනි. සුන්සමුල් තවමත් 27 වැනි වියේ පසුවෙයි.
එංගලන්තය

කවදත් එංගලන්තය සතු වූ කුසලතා පූර්ණ වේග පන්දු බල ඇණියේ එක් පුරුකක් වීමට ඔහුට මෙවර ශූරයින්ගේ කුසලානයේ අවස්ථාව ලැබීමම ජේක් බෝල් ලබා ගත් ජයග්‍රහණයක් ලෙසින් හැඳින්විය හැකිය.

කෙසේ වෙතත් තරගකාරීත්වය අතින් වැඩි එංගලන්ත දේශීය තරගවල දී ද හොඳින් දස්කම් දක්වා ඇති බිලින්ග්ස් සහභාගි වී ඇති එක්දින තරග කිහිපයේ දී ද ලකුණු 246ක් රැස් කරගෙන ඇත. ඒ තරගාවලිය අතරතුර ඕනෑම අවස්ථාවක දී තම සේවය කණ්ඩායමට ලබා දීමේ බලාපොරොත්තු සහිතවයි.

සාම්ප්‍රදායික එංගලන්ත වේග පන්දු යවන්නෙකු සතු ඉල්පීම සහ හැඩි දැඩි කාය ස්වරූපයකින් තොර වුවත් මෙම 27 හැවිරිදි දකුණත් පන්දු යවන්නා සතුව සුවිශේෂී වේගයක් ගැබ්වී ඇත. වුඩ් මේ දක්වා ක්‍රීඩා කර ඇති එක්දින තරග 15 දී කඩුලු 16ක් බිඳ හෙලා තිබේ.
ඉන්දියාව

නිමාවුණු අයි.පී.එල් තරගාවලියේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් දැක්වූ සුවිශේෂී දස්කම් නිසා ජාදෙව් නැවතත් ජාතික කණ්ඩායම සමඟ එක්වී සිටින්නේ එක්දින කණ්ඩායමේ තම ස්ථානය තහවුරු කර ගැනීමේ බලාපොරොත්තු ඇතිවයි.


පසුගිය කාලයේ පැවති තරගවල දී දැක්වූ දක්ෂතා නිසා ක්‍රීඩාලෝලීන් අතර ජනප්‍රිය වුවත් පාණ්ඩ්‍යා තවමත් ක්‍රීඩා කර තිබෙන්නේ එක්දින ජාත්‍යන්තර තරග 7කට පමණි. එහි දී ඔහු පිත්තෙන් ලකුණු 160ක් රැස් කරගෙන සිටින්නේ සාමාන්‍යය 53.33ක් ලෙස සටහන් කර ගනිමිනි. මීට අමතරව තම වේග පන්දුවෙන් කඩුලු 9ක් ද බිඳ හෙලා ඇත. පන්දු රකින්නෙකු ලෙසද විශිෂ්ට දක්ෂතා දක්වන පාණ්ඩ්‍යා මෙවර ඉන්දීය කණ්ඩායම සතු වටිනාම ක්‍රීඩකයින් අතරට අයත් වේ.
තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න






















