Real Madrid රතු කාඩ්පත නිදහස් පහරකින් අවසන් වේ

74

ශූරයින්ගේ ලීග් තරගාවලියේ ඉතා වැදගත් තරග කිහිපයක් ඊයේ (26) පැවැත්වුණා.

Real Madrid – PSG ගෝල සම වේ

Paris Saint-Germain කණ්ඩායමේ අවසන් මිනිත්තු 10යේ සුපිරි ප්‍රහාරයෙන් Real Madrid සමඟ පැවති තරගය ගෝල 2-2ක් ලෙස අවසන් වුනා. 

Karim Benzema 17 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වුණු අතර Federico Valverdeගේ ප්‍රහාරයකින් ගෝල රාමුවේ වැදී නැවත පැමිණි පන්දුව ඔහු ඉතා පහසුවෙන් යාර හයක සීමාවේ සිට ගෝලය වෙතට එල්ල කළා. 

අවසන් මිනිත්තුවේ ගෝලයෙන් Manchester United ජය අවහිර වෙයි

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 වැනි තරග දිනයේ………

Mauro Icardi හට අනවශ්‍ය බාධා කිරීමක් සිදු කළේ යැයි පවසමින් Real ගෝල රකින ක්‍රීඩක Thibaut Courtois හට රතු කාඩ්පතක් ලබා දෙන්නට විනිසුරු තීරණය කළා. කෙසේ වෙතත් VAR භාවිතා කළ පෘතුගාල ජාතික විනිසුරු රතු කාඩ්පතක් නොව එය නිදහස් පහරක් පමණක් බව තීරණය කිරීම විශේෂත්වයක් වුනා.

පළමු අදියරේ දී PSG හමුවේ ගෝල 3-0ක් ලෙස පරාජය වුණු නමුත් Real කණ්ඩායම මේ තරගයේ දී ඉතා හොඳින් ක්‍රීඩා කළා. Benzema 79 වැනි මිනිත්තුවේ දී Madrid ලකුණු පුවරුව දෙගුණ කළේ සිය හිසෙන් අලංකාර ලෙස පන්දුව ගෝල රාමුවට එල්ල කරමින්. ඊට මිනිත්තු දෙකකට පසුව Kylian Mbappe, Madrid ආරක්ෂක ක්‍රීඩකයින්ගේ දුර්වලතාවයක් මනා ලෙස උපයෝගී කර ගනිමින් පළමු PSG ගෝලය වාර්තා කළා.

83 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Pablo Sarabia අලංකාර ප්‍රහාරයකින් තරගයේ ගෝල සම කළ Real බලාපොරොත්තු සුන් කරමින්. පසුව තරගය අවසන් වීමට මිනිත්තු හතරක් තිබිය දී Garath Bale නිදහස් පහරක් ලබා ගත්තත් ඔහුගේ ඒ උත්සාහය අවාසනාවන්ත ලෙස ගෝල රාමුවේ වැදී ඉවත ගියා.

අවසන් ලකුණු තත්වය: Paris Saint-Germain 02 – 02 Real Madrid 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Paris Saint – Germain – Kylian Mbappé (81′), Pablo Sarabia (83′)
  • Real Madrid – Karim Benzema (17′, 79′)

Dybalaගේ මැජික්වලින් Juve ජය ගනියි

Paulo Dybala ඉතා අපහසු ස්ථානයක සිට කවාකාරව එල්ල කළ අලංකාර නිදහස් පහරකින් Juventus ගෝල 1-0 ක් ලෙස Atletico Madrid පරාජය කරන්නට සමත් වුනා. ඒ අනුව Atletico Madrid කණ්ඩායමට අවසන් 16ට පිවිසීම සඳහා තවදුරටත් සටන් වැදීමට සිදුවනු ඇත.  

45 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහර චතුරශ්‍රයට මදක් පිටතින් ඉතා අපහසු කෝණයකින් ලැබුණු නිදහස් පහරක් Dybala සාර්ථක කර ගත්තේ හුදකලා ගෝලයකින් තරගය වෙනස් කරමින්.

පසුගිය තරග වාරයේ දී ද සුපිරි ක්‍රීඩක Christiano Ronaldoගේ ගෝල ත්‍රිත්වයෙන් Atletico Madrid ගෝල 3-0ක් ලෙස පරාජය වුනා.

අවසන් ලකුණු තත්වය: Juventus 01 – 00 Atletico Madrid

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Juventus – Paulo Dybala (45’+2′)

Dortmund-Paderborn සීතල යුද්ධය අතරතුර Barcelona පිහිටට VAR

ස්පාඤ්ඤ La Liga තරගාවලියේ සහ ඉතාලි Serie A …..

ගෝල සම වීම නිසා Manchester City සිත් බිඳ වැටේ

Manchester City කණ්ඩායමට Shakhtar Donetsk කණ්ඩායමේ නොසිතූ ප්‍රහාරයෙන් ගෝල 1-1ක් ලෙස තරගයේ ජය පරාජය සමව බෙදා ගන්නට සිදු වුනා.

Shakhtar කණ්ඩායමට 15 වැනි මිනිත්තුවේ දී තරගයේ පෙරමුණ ගැනීමට අනගි අවස්ථාවක් තිබුනත් Teteගේ ප්‍රහාරය කෙසේ හෝ ගෝල රාමුවෙන් ඉවතට යොමු කරන්නට Fernandinho සමත් වුනා. 56 වැනි මිනිත්තුවේ දී Ilkay Gundogan තරගයේ පළමු ගෝලය වාර්තා කළේ Gabriel Jesusගේ අලංකාර පන්දු යොමු කිරීමක් උපයෝගී කර ගනිමින්.

පිටියට පිවිසි මිනිත්තු 10ක් ගත වෙද්දී ක්‍රියාතමක වුණු Manor Solomon තරගයේ ගෝල සම කළේ යාර 10 සිමාවේ සිට අලංකාර ප්‍රහාරයක් එල්ල කරමින්.

අවසන් ලකුණු තත්වය: Manchester City 01 – 01 Shakhtar Donetsk

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Manchester City – I Gündogan (56)
  • Shakhtar Donetsk – M Soloman (69)

Spursගෙන් ගෝල වැස්සක්

ගෝල 2-0ක් පසුපසින් හිඳ Olympiakos හඹා ගිය Tottenham Hotspur කණ්ඩායම ගෝල 4-2ක් ලෙස තරගය ජය ගන්නට සමත් වුනා. 

පළමු මිනිත්තු 20 තුළ Youssef El Arabi හා Ruben Semedo, Olympiakos වෙනුවෙන් ගෝල වාර්තා කිරීම විශේෂත්වයක් වුනා. Mourinho තරග වෙනතක හරවමින් 29 වැනි මිනිත්තුවේ දී Eric Dier වෙනුවට Christian Eriksen පිටියට එක් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස Dele Alli පළමු අර්ධය නිමා වීමට පෙර පළමු Spurs ගෝලය වාර්තා කළා.  

දෙවන අර්ධයේ දී Lucas Mouraගේ පන්දු යොමු කිරීමකින් Harry Kane දෙවන Spurs ගෝලය වාර්තා කළා. Serge Aurier 73 වැනි මිනිත්තුවේ දී Spurs කණ්ඩායම ඉදිරියට ගෙන යාමට සමත් වූ අතර Kane ඔහුගේ දෙවන ගෝලයත් වාර්තා කරමින් ගෝල 4-2ක් ලෙස ජය ගෙන ආවා.

අවසන් ලකුණු තත්වය: Olympiakos 02 – 04 Tottenham Hotspur

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Olympiakos – Youssef El Arabi (6′), Rúben Semedo (19′)
  • Tottenham Hotspur – Dele Alli (45’+1′), Harry Kane (50′, 77′), Serge Aurier (73′)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<