ශ්‍රී ලංකාව තවදුරටත් පදක්කම් හඹා යයි!

6th Asian Youth Athletic Championship 2025

117
6th Asian youth Athletic championship

 හය වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ තෙවැනි දිනය ඊයේ (17) ක්‍රියාත්මක වුනා.

ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාවට කිසිඳු පදක්කමක් වෙත යාමට නොහැකි වූ නමුත්, තවමත් ඔවුන් සිය උපරිම දක්ෂතා දක්වමින් ආසියානු යෞවනයින් අතර කැපී පෙනීමට සමත් වීම විශේෂත්වයක්.

ඊයේ දිනය තුළ පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම තරග ඉසව් ක්‍රියාත්මක වූ අතර, එහි පිරිමි අවසන් මහා තරගයට සහභාගී වූ සවිඳු නිමාශ ඩයස් තත්පර 54.03ක කාලයක් තුළ ඉසව්ව අවසන් කරමින් පස්වැනි ස්ථානයට පත් වුනා.

මේ අතර එහි කාන්තා අවසන් මහා තරගයට සහභාගී වූ සන්සලා හිමාශනී අවාසනාවන්ත ලෙස ධාවන මංතීරුවේ ඇද වැටීම නිසා තරමක ප්‍රමාදයක් සමඟයි ඉසව්ව අවසන් කළේ. මිනිත්තු 1.08.69කින් ඉසව්ව නිම කළ ඇය 8 වැනියා ලෙසයි තරගය අවසන් කළේ.

මේ අතර කාන්තා මීටර් 100 රිදී පදක්කම ජයග්‍රහණය කළ ධනන්ජනා සෙව්මිණී ඊයේ කාන්තා මීටර් 200 මූලික වටයේ දී තත්පර 24.42කින් ඉසව්ව නිම කරමින් දෙවැනි ස්ථානයට පත් වෙමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

මේ අතර පිරිමි මීටර් 200 අවසන් පූර්ව තරගය නියෝජනය කළ ඉමේශ් සිල්වා තත්පර 21.76ක තරග නිමි කාලයක් සමඟ සිව්වැනියා ලෙස තරගය නිම කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්.

මේ අතර පිරිමි මීටර් 800 මූලික වටයේ දී මිනිත්තු 1.55.82කින් තරගය නිමා කළ සසිඳු අවිශ්ක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නා අතරේ, එම ඉසව්වට ම සහභාගී වූ රෙහාන් පෙරේරාට අවසන් මහා තරගයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වුනා.

මීට අමතරව Medley Relay මූලික වටයේ තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම (සඳරුවන් සිල්වා, ඉමේශ් සිල්වා, ශානුක කොස්තා සහ I.M.බෝගොඩ) මූලික වටයේ දී මිනිත්තු 1.54.43ක තරග නිමි කාලයක් සමඟින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්.

මේ අතර අද (18) දිනයේ ද ශ්‍රී ලාංකික ක්‍රීඩක/ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම ඉසව් සඳහා සහභාගී වීමට සූදානමින් පසු වනවා. ඔවුන්ගේ තරග දක්ෂතා ද ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>