සත් සාමාජික ශූරතාවය CH&FC උදුරා ගනියි

515

බස්නාහිර පළාත් සත් සාමාජික රග්බි තරගාවලිය අද (23) දිනය පුරා පොලිස් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විය. එහි දී ලකුණු 19-14ක්  වශයෙන් නාවික හමුදා “A” කණ්ඩායම පරදවමින් කුසලාන ශූරතාව දිනා ගන්නට CH&FC “A” කණ්ඩායම සමත් විය.

තරගාවලියේ පළඟ හා බඳුන කුසලාන පිළිවෙළින් CH&FC “B” කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම විසිනි දිනා ගන්නා ලදි.

තරගාවලියේ සංවර්ධන කාණ්ඩයේ කුසලාන ශූරතාවය පීටර්සන් ක්‍රීඩා සමාජය විසින් දිනා ගත් අතර පළඟ හා බඳුන කුසලාන පිළිවෙළින් ආදී වෙස්ලි ක්‍රීඩා සමාජය හා ආදී බෙනඩික්ට් ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදි.

ශ්‍රී ලංකා රග්බිවලට උසස් වීමක්

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම 2017 වසරෙන් පසු නැවතත් ආසියානු ශ්‍රේණිගත කිරීමේ 3 වන ස්ථානය වෙත උසස් වීමක් ලබා ඇත. පසුගිය වසරේ දී අවාසනාවන්ත අයුරින් අර්ධ අවසන් පූර්ව…

බස්නාහිර පළාත් රග්බි සම්මේලනය විසින් සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 20කට අධික සංඛ්‍යාවක් එක්වී තිබුණි.

ශූරතා කුසලානය

ශූරතා කුසලාන අවසන් මහා තරගය සඳහා අවසන් පූර්ව වටයේ දී ලකුණු 49-00ක් ලෙස නාවික හමුදා “B” කණ්ඩායම පැරද වූ CH&FC “A” කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර ඔවුන්ගේ ප්‍රතිවාදියා වූයේ අවසන් පූර්ව වටයේ දී CH&FC “B” කණ්ඩායම ලකුණු 24-00ක් ලෙස පැරද වූ නාවික හමුදා “A” කණ්ඩායමයි.

ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් තරගය දෙපිලටම දෝලනය වන බවක් පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත් CH ක්‍රීඩක රෝහිත රාජපක්ෂගේ දක්ෂ පන්දු හැසිරවීමත්, සැමුවෙල් මධුවන්තගේ උත්සාහයත් පළමු අර්ධයේ ඉදිරිය නාවික හමුදාවෙන් උදුරා ගන්නා ලදි.

උත්සාහක දිනුම් දෙකක් හා එක් ප්‍රවර්තනයක් සාර්ථක කරගත් CH කණ්ඩායම ලකුණු 12ක් දක්වා ලකුණු පුවරුව වර්ධනය ගත්තේය. නාවික හමුදා කණ්ඩායම එක් උත්සාහක දිනුමක් හා එක් සාර්ථක ප්‍රවර්තනයක් සමඟින් ලකුණු 7ක් රැස් කළේය.

පළමු අර්ධය: CH&FC “A”  12 – 07 නාවික හමුදා “A”

දෙවන අර්ධයේ දී  ඉතා උණුසුම් හා ප්‍රවේගකාරී තරග රටාවක් දියත් කළ නාවික හමුදා කණ්ඩායම එතරම් පහසුවෙන් CH කණ්ඩායමට සාර්ථක වන්නට ඉඩ නොදුන්න ද, හෂාන් මධුරංග පැති රේඛාව අසලින්ම වාර්තා කළ මනරම් උත්සාහක දිනුමත්, සැමුවෙල්ගේ සාර්ථක ප්‍රවර්තනයත් CH කණ්ඩායමේ ජය මාවත තවත් තීව්‍ර කළේය. (19-07)

ඉන් අනතුරුව නාවික හමුදා කණ්ඩායමෙන් ද තීරණාත්මක උත්සාහක දිනුමක් වාර්තා වූ අතර ඒ නිසාම නාවික හමුදාව වෙත තරමක අස්වැසිල්ලක් ලැබුණි. (19-14)

තරගය අවසන් වන්නට මිනිත්තුවක් තිබිය දී සාර්ථක පා පහර එල්ල කරන්නෙකු වූ සැමුවෙල් මධුවන්ත දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් තරගයේ ජය CH “A” කණ්ඩායම වෙත උරුම කරදුන්නේය. (22-12)

අවසන් ලකුණු තත්වය: CH&FC “A”  22 – 14 නාවික හමුදා “A”

ඵලක ශූරතාව

අවසන් පූර්ව වටයේ දී ලද පරාජයත් සමඟින් CH&FC “B” කණ්ඩායමත්, නාවික හමුදා “B” කණ්ඩායමත් ඵලක අවසන් තරගයේ දී මුණ ගැසුණි. එහි දී ලකුණු 20-14ක් ලෙස නාවික හමුදා කණ්ඩායම පරදවමින් CH&FC “B” කණ්ඩායම ඵලක ශූරතාවය දිනා ගන්නා ලදි.

බඳුන ශූරතාව

අර්ධ අවසන් පූර්ව වටවල දී ලද පරාජයන් සමඟින් බඳුන අවසන් තරගය සඳහා ගුවන් හමුදා කණ්ඩායමත්, හැව්ලොක් කණ්ඩායමත් සුදුසුකම් ලබා තිබුණි. එහි දී ප්‍රබල ගුවන් හමුදා කණ්ඩායමේ දරුණු ප්‍රහාරයකට ලක්වූ හැව්ලොක් කණ්ඩායම වෙත කිසිදු ලකුණක් වාර්තා කරන්නට ඉඩ නොදෙමින් තරගය ලකුණු 27-00ක් ලෙස පහසුවෙන් ජයගන්නට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

වෙස්ලි විද්‍යාලයේ අද්විතීය අංක 15 – මුර්ශිඩ් සුබයිර්

පාසල් රග්බි ලීගයේදී කැපී පෙනෙන දස්කම් දක්වමින් කාගේත් අවධානය දිනාගත් කොළඹ වෙස්ලි විද්‍යාලයේ වූ මුර්ෂිත් සුබේර් ගැනයි මේ.

සංවර්ධන කාණ්ඩය

සංවර්ධන කාණ්ඩයේ නියෝජනය කරමින් පැවති තරගාවලියේ ශූරතා කුසලානය දිනා ගන්නට පීටර්සන් කණ්ඩායම සමත් විය. ඒ ලකුණු 12-10ක් ලෙස ආදී කන්නන්ගර කණ්ඩායම පරාජයට පත් කරමිනි.

එම කාණ්ඩයේ ඵලක ශූරතාවය දිනා ගන්නට ලකුණු 29-12ක් ලෙස මැලේ කණ්ඩායම පැරද වූ ආදී වෙස්ලි කණ්ඩායම සමත් විය.

කාණ්ඩයේ බඳුන ශූරතාවය ලකුණු 38-24ක් ලෙස පානදුර කණ්ඩායම පැරද වූ ආදී බෙනඩික්ට් කණ්ඩායම සතුවිය.

සංවර්ධන කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා සමාජ 10කට ආසන්න ප්‍රමාණයක් එක්වී තිබීම විශේෂත්වයකි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<