ශ්‍රී ලංකා රග්බිවලට උසස් වීමක්

687

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම 2017 වසරෙන් පසු නැවතත් ආසියානු ශ්‍රේණිගත කිරීමේ 3 වන ස්ථානය වෙත උසස් වීමක් ලබා ඇත.

පසුගිය වසරේ දී අවාසනාවන්ත අයුරින් අර්ධ අවසන් පූර්ව වටයෙන් චීනයට එදිරිව තරගාවලියෙන් ඉවත් වන ශ්‍රී ලංකා කණ්ඩායමට අවසානයේ දී 5 වන ස්ථානයෙන් සෑහීමකට පත්වන්නට සිදු විය. මෙවර පළමු අදියර අවසානවත්ම පැහැදිලි ආරම්භයක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකක් ඉදිරියට එන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව නැවත වතාවක් තෙවන ස්ථානයේ නවතී

2018 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර අද (15) අවසන් වූ අතර ශ්‍රී ලංකා..

සුදර්ශන මුතුතන්ත්‍රි හා ධනුෂ්ක රන්ජන් වැනි ප්‍රබල ක්‍රීඩකයින් ආබාධවලට ගොදුරුව සිටි නිසා අත්දැකීම් බහුල ශ්‍රීනාත් සූරියබණ්ඩාර වෙත යොවුන් කණ්ඩායමක බර පැටවිණි. නමුත් සාර්ථක තරගාවලි අවසානයක් වෙනුවෙන් කණ්ඩායම මෙහෙයවමින් අදියර අවසානයේ තෙවැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමත් වීම විශේෂත්වයකි. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් යොවුන් ක්‍රීඩකයන් පවා කණ්ඩායම වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම අගය කළ යුතුය.

පළමු අදියරේ තරග ප්‍රතිඵල

  • ශ්‍රී ලංකාව හා චීනය : 31-00
  • ශ්‍රී ලංකාව හා චීන තායිපේ : 33-12
  • ශ්‍රී ලංකාව හා ජපානය    : 00-21
  • ශූරතා කුසලාන අවසන් පූර්ව තරගය
  • ශ්‍රී ලංකාව හා හොංකොං : 00-31

3 වන ස්ථානය වෙනුවෙන් සඳහා වන තරගය

  • ශ්‍රී ලංකාව හා පිලිපීනය : 40-12

පළමු තරගාවලියේ ශූරයන් වූ හොංකොං දේශයටත්, ජපානයටත් එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමට එකදු ලකුණක් හෝ වාර්තා කරන්නට නොහැකි වූ අතර ඒ නිසාම ඔවුන් ආසියානු ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට ඉහළින් සිටිනු ඇත.

ප්‍රසාද ලකුණු ශ්‍රේණිගත කිරීම මෙසේයි.

Ranking Country Points
1 Japan 12.0
2 Hong Kong 10.0
3 Sri Lanka 8.0
4 Philippines 7.0
5 China 5.0
6 Chinese Taipei 4.0
7 Korea 2.0
8 Malaysia 1.0

ශ්‍රී ලංකා කාන්තාවන් 5 වන තැනට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද ඉතා හොඳින් තරගාවලිය වෙත අවතීර්ණ වූවද කාණ්ඩ වටයේ දී කසකස්තානය හමුවේ හා ප්‍රබල චීනය හමුවේ පරාජය වූ නිසාවෙන් පලඟ ශූරතා කාණ්ඩය වෙතට පිවිසෙන්නට සිදු විය. එහි දී තායිලන්තය ලකුණු 22-10ක් ලෙස පරදවමින් 5 වන ස්ථානය රැකගන්නට ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම සමත් විය.

කාන්තා රග්බි ප්‍රසාද ලකුණු ශ්‍රේණිගත කිරීම මෙසේයි.

Ranking Country Points
1 Japan 12.0
2 China 10.0
3 Kazakhstan 8.0
4 Hong Kong 7.0
5 Sri Lanka 5.0
6 Thailand 4.0
7 Singapore 2.0
8 Korea 1.0

තරගාවලියේ දෙවන අදියර එළඹෙන සැප්තැම්බර් 29 වැනිදා දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<