විනිසුරු තීරණයට උරණ වූ බ්‍රැත්වෙයිට වැඩ වරදී

533

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගිය 27 වැනිදා පැවැත්වුණු ඉන්දු – බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගයේ දී පිටියේ විනිසුරු ලබා දුන් තීරණයකට උරණ වී හැසිරීම නිසා කොදෙව් ක්‍රීඩක කාලෝස් බ්‍රැත්වෙයිට් හට තරග ගාස්තුවෙන් 15%ක දඩ මුදලක් පැනවීමට ජාත්යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (28) තීරණය කර ඇත.

ඉන්දියාවට පක්ෂග්‍රාහී යැයි කියූ ICCයෙන් ඉන්දීය නායකයාට දඩ

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගිය 22 වැනිදා පැවැත්වුණු ඉන්දු – ඇෆ්ගනිස්තාන තරගයේ දී පිටියේ විනිසුරු ලබා දුන්……….

ඔහුට ලබා දුන් දඩ මුදලට අමතරව එක් අයහපත් ලකුණක් ද පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත

කාර්ලෝස් බ්‍රැත්වෙයිට් හාර්ඩික් පාන්ඩ්‍යා වෙත එවූ 41 වැනි පන්දුවාරයේ අවසන් පන්දුව වයිඩ් පන්දුවක් ලෙස පිටියේ විනිසුරුවරුවරයා විසින් නම් කිරීමත් සමඟම එය වයිඩ් පන්දුවක් නොවන බව පවසමින් බ්‍රැත්වෙයිට් විසින් පිටියේ විනිසුරු ලබා දුන් තීරණයට උරණ වී හැසිරෙන ලදි. 

තරගයට පසුව එම තරගයේ තරග විනිසුරුවරුන් ලෙස කටයුතු කළ රිචර්ඩ් කෙට්ල්බ්රෝ හා රිචර්ඩ් ඉලන්ගවෝර්ත් හා තරග තීරකවරුන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත මේ පිළිබඳව දන්වා තිබුණි.

ඒ අනුව බ්‍රැත්වෙයිට් විසින් තමා අතින් සිදු වූ වරද පිළිගැනීම නිසා ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව තරග තීරක ලෙස කටයුතු කළ ක්‍රිස් බෝර්ඩ් මහතා පවසා සිටින ලදි.

ප්ලෙසී සහ අම්ලා ශ්‍රී ලංකාව ලැජ්ජාවට පත් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩි තරග ප්‍රමාණයක දී ආතුර වී සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ අද (28) ඩර්හැම් පිටියේ දී නිමා…………

ඒ අනුව බ්‍රැත්වෙයිට් හට දැනට අයහපත් ලකුණු දෙකක් පැනවි තිබෙන අතර මීට පෙර 2016 ජුනි මස 14 වැනිදා සදම්ටන් හිදී පැවති කොදෙව් – එංගලන්ත ක්‍රිකට් තරගයක් අතරතුර සිදු වූ සිදුවීමක් නිසා තවත් එක් අයහපත් ලකුණක් ඔහුට ලැබී තිබේ.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<