ක්‍රිකට් පිත්තේ ප්‍රමාණය ගැන ගැටළුවක්

503
can cricket bat change the game?

අන්තර් ජාතික ක්‍රිකට් තරගවලදී පිතිකරුවන් විසින් පමණ ඉක්මවා ලකුණු රැස් කිරීම් මෙතරම් වාර්තා වීම පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් අැතිවිය. ලන්ඩන් නගරයේ ලෝඩ්ස් ක්‍රීඩාංගන පරිශ්‍රයේ පසුගිය  දින දෙකක පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ICC ක්‍රිකට් බලධාරීන් විසින් ඒ සම්බන්ධයෙන් නව තීරණ කිහිපයකට එළඹ ඇත.

අනුව ක්‍රිකට් පිත්තේ ප්‍රමාණය සම්බන්ධයෙන් අලුත් නීති රීති සම්පාදනය කරන මෙන් ඉදිරිපත් වී ඇති ඉල්ලීමකට ජාත්යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ (ICC) අනුමැතිය ලැබී ඇත.

එම තීරණය ගනු ලැබ තිබෙන්නේ මුල් පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් ගණනාවක් විසින් කරන ලද ඉල්ලීමක් අනුවයි.

පසුගිය ලිපි: මෙහෙම ගියොත් කොහොමත් අවුල්

ක්‍රිකට් ක්‍රීඩාවට බැඳුන නීති රීති සම්පාදනයේ බලතල තවමත් හිමි වන්නේ එංගලන්තයේමාර්ලිබෝන්ක්‍රීඩා සමාජයට වන අතර එම ක්‍රීඩා සමාජය විසින් ක්‍රිකට් පිත්තේ ප්‍රමාණය සහ ස්වභාවය ශ්‍රේණිගත කිරීමට ඉක්මනින්  පියවර ගනු ලබන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ.

ක්‍රිකට් පිත්තේ උස සහ පළල සම්බන්ධයෙන් දැනට සීමාවන් බල පැවැත්වෙන නමුත් පිත්තක ඝනකම සම්බන්ධයෙන් එවැනි නිර්දේශයක් බල නොපැවැත්වෙයි. එබැවින් පිත්තේ ශක්තිමත් බව වැඩිනිසා දිගු විශාල පහරවල් වලට ක්‍රීඩකයින්ට පහසුවෙන් යාමට හැකි බව ඔවුන් පවසයි.

පන්දු යවන්නන්ට හතරේ සහ දැවැන්ත හයේ පහරවල් එල්ල කරමින් පිතිකරුවන් විසින් ඉහළ ලකුණු සංඛ්‍යාවන් රැස් කළ හැකි මට්ටමින් ක්‍රිකට් පිති නිර්මාණය කිරීමට නිෂ්පාදකයන් සමත් වී ඇති බවයි ක්‍රිකට් විශේෂඥයන් තවදුරටත්  පෙන්වා දෙන්නේ. එම නිසා ඉක්මනින් මේ සදහා නීති සම්පාදනය කරන බව ඔවුන් වැඩිදුරටත් පවසන ලදි.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න