ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අද (20) සමත් වුණා.
- කොළඹ දකුණ සහ මහනුවර කණ්ඩායම් අතර තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දිමන්ත මහවිතාන (නායක), මහේන්ද්‍ර අබේසිංහ, සිසිල් හේමක, චනිරු සේනාරත්න, දිනුල් විජේසිංහ (කඩුලු රකින්නා), කෞෂික කුමාරසිංහ, සේතමික සෙනෙවිරත්න, රයන් ග්‍රෙගරි, සුමේධ ප්‍රසාද්, කනිල්ක ඇන්තනී, කෝලිත සුගත්.
කොළඹ දකුණ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
රමිරු පෙරේරා (නායක), හිරුන් මතීෂ, දිනෙත් සිතුමිණ, රෙශාන් සොලමන්ස්, ජේසන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), නේක්ෂ ඉද්දමල්ගොඩ, හිමරු දේශාන්, මෙවිඳු කුමාරසිරි, ගිම්හාන් මෙන්ඩිස්, අදීශ ලක්ශාන් සහ ඔෂද මනහර.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 150ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කොළඹ දකුණ කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී 92ක් පමණයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ මහේන්ද්‍ර අබේසිංහ. ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.
ඊට අමතර ව සිසිල් හේමක සහ චනිරු සේනාරත්න ලකුණු 23ක් බැගින් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී හිමරු දේශාන් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව රමිරු පෙරේරා සහ අදීශ ලක්ශාන් කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කොළඹ දකුණ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ හිරුන් මතීෂ. ඔහු පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී කනිල්ක ඇන්තනී ලකුණු 18කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව රයන් ග්‍රෙගරි, සුමේධ ප්‍රසාද් සහ සෙත්මික සෙනෙවිරත්න කඩුලු 2ක් බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 150 (36.1) මහේන්ද්‍ර අබේසිංහ 31, සිසිල් හේමක 23, චනිරු සේනාරත්න 23, අදීශ ලක්ශාන් 2/33, හිමරු දේශාන් 3/19, රමිරු පෙරේරා 2/12
- කොළඹ දකුණ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 92 (22.3) හිරුන් මතීෂ 22, සෙත්මික සෙනෙවිරත්න 2/40, රයන් ග්‍රෙගරි 2/10, සුමේධ ප්‍රසාද් 2/14, කනිල්ක ඇන්තනී 4/18
මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 58ක ජයක්.
- පුලිඳු පෙරේරා පළමු පෙළ හොඳම ඉනිම ක්‍රීඩා කරයි
- සෙනුජ තරගාවලියේ මංගල ශතකය වාර්තා කරයි
- ශ්‍රී ලංකාව T20 තරගාවලිය සම කරමින් විශිෂ්ට ජයක් ලබයි!
- රන් සටනේ විස්සයි විස්ස ජය සේනානායකවරුන්ට
- ආණ්ඩුකාරවරුන්ගේ කුසලානය Saracens දිනා ගනී
- කොළඹ උතුර සහ ගාල්ල කණ්ඩායම් අතර තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – කොළඹ උතුර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දුල්සිත් දර්ශන (නායක), අරෝෂ සිතුමිණ, පුල්ජිත් වත්සුක, සඳරු මල්ශාන්, , චමත්ක කවිශාන් (කඩුලු රකින්නා), ලිදුල නෙත්මිණ, ගිම්හාන් රසාංජන, තරුන් දම්සිත්, එස්. ඒ. ඉඳුවර සහ මොහොමඩ් සදික්, ලතීන්ද්‍ර ආකාශ්.
කොළඹ උතුර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
රිශ්ම අමරසිංහ (නායක සහ කඩුලු රකින්නා), දුල්නිත් සිගේරා, අවීශ සමාස්, නදුල් ජයලත්, සෙනුජ වැකුණුගොඩ, කිත්ම විදානපතිරණ, තරුෂ රණසිංහ, ශවීන් පෙරේරා, තරුෂ නවෝද්‍ය, ශ්‍රීරාම් ජීවහන් සහ තිශාන් නිපුන්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ උතුර කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 232ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තවත් පන්දු 2ක් ඉතිරි ව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නේ කඩුලු 5ක් පමණක් අහිමි කර ගනිමිනුයි.
එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතක ද්විත්වයක් එක් කිරීමට ඔවුන් සමත් වෙනවා. එහි දී වැඩිම ලකුණු ලබා ගන්නේ නායක දුල්සිත් දර්ශන. ඔහු පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණ 66ක් ලබා ගන්නවා.
සඳරු මල්ශාන් ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ගිම්හාන් රසාංජන පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ද සහ අරෝෂ සිතුමිණ පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී තරුෂ නවෝද්‍ය සහ කිත්ම විතානපතිරණ කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර දුල්නිත් සිගේරා ද කඩුල්ලක් දවා ගන්නවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ උතුර ක්‍රීඩකයන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ සෙනුජ වැකුණුගොඩ. ඔහු පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා ගන්නවා.
ඊට අමතර ව කිත්ම විතානපතිරණ පන්දු 31ක දී හතරේ පහර 4ක් සහ හයෙ පහරක් සමඟින් ලකුණු 33ක් ද සහ දුල්නිත් සිගේරා පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී ලතීන්ද්‍ර ආකාශ් ලකුණු 39කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව තරුන් දම්සිත් සහ ගිම්හාන් රසාංජන කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- කොළඹ උතුර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 232 (49.4) දුල්නිත් සිගේරා 32, සෙනුජ වැකුණුගොඩ 71, කිත්ම විදානපතිරණ 33, ශ්‍රීරාම් ජීවහන් නොදැවී 22, ලතීන්ද්‍ර ආකාශ් 3/39, තරුන් දම්සිත් 2/31, ගිම්හාන් රසාංජන 2/39
- ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 5ක් දැවී 233 (44.1) අරෝෂ සිතුමිණ 36, දුල්සිත් දර්ශන 66, සඳරු මල්ශාන් නොදැවී 52, ගිම්හාන් රසාංජන 37, කිත්ම විදානපතිරණ 2/26, තරුෂ නවෝද්‍ය 2/22
ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
තරගාවලියේ ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය හෙට (21) කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















