පාපන්දු ලොවේ රජු ‘ Pelé ‘ සිය ජීවිතය හැර යයි !

616

ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයකු ලෙස සැලකෙන Pele අද උදෑසන සිය ජීවිතයෙන් සමු ගත්තා.

Edson Arantes do Nascimento නොහොත් මුළු ලොකයක්ම Pele නමින් හඳුනා ගත් ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයා කාලයක පටන් පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි අතර, ඔහු බ්‍රසීලයේ සාඕ පෝලෝ හී පිහිටි Albert Einstein රෝහලේ දී අද උදෑසන සදහටම සිය දෙනෙත් පියා ගත්තා.

වසර 82ක් ආයු වැළඳූ Pele මෙතෙක් ලෝකයේ පාපන්දු ලෝක කුසලාන ත්‍රිත්වයක් ජයග්‍රහණය කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයා ද වනවා.

බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ගෝල වාර්තා කළ ක්‍රීඩකයා ද ( Neymar සමග සම වාර්තාව උසුලමින් සිටී) වන Pele ට යාන්තමින් වයස අවුරුදු 17ක් පමණක් පිරෙන විට 1958 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායමේ සාමාජිකයකු ද වීමට සමත් වුනේ පාපන්දු ලෝකයම පුදුමයට පත් කරවමින්.

අද උදෑසන Pele ගේ නිල ට්විටර් ගිණුමේ තැබූ සටහනකින් ඔහු සිය ජීවිතයෙන් සමු ගෙන ගිය බව නිල වශයෙන් සඳහන් කර තිබුණා.

1958, 1962 සහ 1970 පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය කළ කණ්ඩායම් වල සාමාජිකයකු ව සිටි Pele ( 1962 ලෝක කුසලානයේ අතර මැද දී ආබාධයක් නිසා ඔහුට තරග මග හැරුනත් කණ්ඩායම් සාමාජිකයකු ව සිටියා) 1958 ලෝක කුසලානයේ දී වාර්තා කල සිය පළමු ලෝක කුසලාන ගෝලය සමගින් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ගෝලයක් ලබා ගත් ලාබාල තම ක්‍රීඩකයා ගේ වාර්තාව ද සිය නම ඉදිරියෙන් සටහන් කර ගන්නට සමත් වුනා. ( එය අදටත් නො බිඳී පවතින වාර්තාවක්)

පාපන්දු ලෝක කුසලානය තරග 14ක දී ගෝල 12 ක් සහ සහය දැක්වීම් ( Assists ) 10ක් වාර්තා කිරීමට සමත් වී ඇති Pele 1977න් අවසන් කළ සිය ක්‍රීඩා ජීවිතය තුල තරග 1363 ( ක්‍රීඩා සමාජ වෙනුවෙන් + රට වෙනුවෙන් ක්‍රීඩා කළ තරග) කදී ගෝල 1281 ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා.

Pele හට 2013 දී FIFA Ballon d’Or Prix d’Honneur නම් ගෞරව සම්මාන පිරිනැමුණු අතර, 2020 දී ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු කණ්ඩායමට ද ( Ballon d’Or Dream Team) ඔහුව නම් කළා.

එමෙන්ම සිය රටින් බිහි වුනු පාපන්දු පුරාවෘත්තයේ සමු ගැනීමත් සමගින් බ්‍රසීල රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශය පත් කර තිබෙනවා.

Pele ගේ වියෝ වීම පිළිබඳ වත්මන් පාපන්දු තරු දැක්වූ අදහස් කිහිපයක් පහතින්.

Neymar 

 

View this post on Instagram

 

A post shared by NJ 🇧🇷 (@neymarjr)

” ‘Pele එන්නට පෙර 10 කියන්නේ නිකම්ම නිකම් ඉලක්කමක් විතරයි.’

මම මේ වාක්‍ය කොහේ හෝ මීට පෙර අසා තිබෙනවා. මේ වාක්‍ය ලස්සනයි නමුත් අසම්පූර්ණයි.

Pele එන්නට පෙර පාපන්දු තවත් එක ක්‍රීඩාවක් විතරයි කියලා මම කියනවා. pele හැම දෙයක් ම වෙනස් කළා. ඔහු පාපන්දු කලාවක් බවට පත් කළා.

ඔහු දුප්පතුන්ට, කළු ජාතිකයින්ට හඬක් වුනා. බ්‍රසීලය සහ පාපන්දු වල තත්වය රජු (pele) ට ස්තුතිවන්ත වෙන්න ඉහළ ගියා. ඔහු නික්ම ගියත් ඔහුගේ මායාවන් ඉතිරි ව තිබෙනවා. pele සදාකාලිකයි.”

Pele සමග බ්‍රසීලය වෙනුවෙන් සම වැඩිම ගෝල ලබා ගත් ක්‍රීඩකයා වන්නේද Neymar වන අතර, ඔහු වත්මනේ Pele ගේ ජර්සි අංකය වන අංක 10 හැඳ බ්‍රසීලය නියෝජනය කරනවා.

Lionel Messi

 

View this post on Instagram

 

A post shared by Leo Messi (@leomessi)

Cristiano Ronaldo

 

View this post on Instagram

 

A post shared by Cristiano Ronaldo (@cristiano)

“පාපන්දු වලට ආදරය කරන සැමගේ මතකයේ ඔබ සදා රැඳේ වී.”

Klyan Mbappe

“පාපන්දු ලෝකයේ රජු අපව හැර ගියා, නමුත් ඔහුව කිසි දා අමතක නොවේ වී.”

Ronaldo Nazário

“ඔබෙන් පසුව බ්‍රසීලය නියෝජනය කිරීමට ලැබීමත් භාග්‍යයක්.”

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා ලොවේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

Sky Sport ඇසුරෙනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<