ඔලිම්පික්‌ බොක්‌සිං වලල්ලට දෝස්‌ මුරයක්‌

361
Boxing players not happy with Olympic

ඔලිම්පික්‌ යනු රටවල් 200 කට අධික ප්‍රමාණයක ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙය ලොව ප්‍රමුඛතම ක්‍රීඩා උළෙල බව අවිවාදයෙන්ම පිළිගැනේ. ක්‍රීඩා ලොවේ වඩාත් උත්තරීතරම තරගාවලි වශයෙන් සැලකෙන ඔලිම්පික්‌ තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ ඉතාම කෙටි කාලයක්‌ නිසා බොහෝ දෙනා ඒ පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කර සිටියි. කෙනෙක්‌ එම තරගාවලියට සුදුසුකම් ලැබීමට අවශ්‍ය පරිසාදන මට්‌ටම හෝ වයිල්ඩ් කාඩ් පිවිසුම ගැන අවධානය යොමු කර සිටිද්දී සුදුසුකම් ලබා ඇත්තාහු තරගාවලියේ පදක්‌කමක්‌ දිනා ගැනීම දක්‌වා අවශ්‍ය වන කාරණා ගැන අවධානය යොමු කර සිටිති. එම තත්ත්වය නිසා ඔලිම්පික්‌ සංවිධායකවරුන්ට මෙන්ම ඒ ඒ තරගාවලිවල ජාත්‍යන්තර සම්මේලන වල නිලධාරීන් නිරන්තරයෙන් විවේචනයට ලක්‌වීම මේ දිනවල සුලබව සිදු වන සිදුවීමකි.

පසුගිය ලිපි: මොහොමඩ් අලී දිවියෙන් සමුගනි

එසේ විවේචනයට ලක්‌ව තිබෙන නවතම ක්‍රීඩා ඉසව්ව වන්නේ බොක්‌සිං ක්‍රීඩාවය. හිටපු බොක්‌සිං ශූරයකු වන නෙදර්ලන්ත ජාතික කාල් ෆැම්ප්ටන් ඇතුළු ලෝකයේ නම් දැරූ තවත් බොක්‌සිං ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මේ වන විට ජගත් බොක්‌සිං සම්මේලනයට දෙහි කැපීමට පටන් ගෙන තිබීම ඊට ප්‍රධාන වී ඇත.

ඔලිම්පික්‌ තරගාවලියේ ආරම්භය අගෝස්‌තු මස 05 වැනිදාට යෙදී තිබියදීත් හදිසියේම බොක්‌සිං ක්‍රීඩාවට අදාළ නීති රීතී වෙනස්‌ කොට මෙවර ඔලිම්පික්‌ තරගාවලිය සඳහා වෘත්තීය මට්‌ටමේ බොක්‌සිං ක්‍රීඩකයන්ටද ඔලිම්පික්‌ තරගාවලිය නියෝජනය කිරීමේ අවස්‌ථාව සලසා දීමට වූ මනාපය ලබාදීමට ජගත් බොක්‌සිං සම්මේලන බලධාරීන් පියවර ගෙන තිබීම ඉහත පිරිසගේ උදහසට හේතු වී තිබේ.

මෙතෙක්‌ කලක්‌ සිදුවූයේ ආධුනික බොක්‌සිං ක්‍රීඩකයන් මත වූ තරගාවලියක්‌ වුවත් වැඩි ප්‍රේක්‌ෂක අවධානයක්‌ ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කොට මෙවර ඔලිම්පික්‌ තරගාවලිය වෘත්තීය බොක්‌සිං ක්‍රීඩකයන්ටද විවර කිරීමට ජගත් බොක්‌සිං බලධාරීන්ගේ තීරණය වන්නට ඇත.

එහෙත් එම තීරණයට එරෙහිව සෘජුවම ප්‍රසිද්ධියේ අදහස්‌ දක්‌වා ඇති කාල් ෆැම්ප්ටන් ආධුනික බොක්‌සිං ක්‍රීඩාව සහ වෘත්තීය මට්‌ටමේ ක්‍රීඩාව යනු පැහැදිලිsවම විශාල වෙනසකින් යුතු ක්‍රීඩා දෙකක්‌ බවයි.

පසුගිය ලිපි: ජාත්‍යන්තර සැම්බෝ තරගාවලියෙන් පදක්කම් 06 ක්

මෙහිදී ෆැම්ටන්ගේ අදහසට අනුවම යමින් අදහස්‌ දක්‌වා ඇති බ්‍රිතාන්‍ය බොක්‌සිං පාලක මණ්‌ඩලයද ගෙන තිබෙන තීරණය පිළිබඳව යළි අවධානය යොමු කරන ලෙස ජාත්‍යන්තර බොක්‌සිං සම්මේලනය වෙත අනතුරු හඟවා යවා තිබේ. මෙහිදී වැඩිදුරටත් මේ පිළිබඳව පැහැදිලිs කර ඇති බ්‍රිතාන්‍ය බොක්‌සිං පාලක මණ්‌ඩලය සඳහන් කර ඇත්තේ මෙය ඉදිරියේදී බොක්‌සිං ක්‍රීඩාව අති භයානක තත්ත්වයකට මුහුණ දීමේ අවදානමකට ලක්‌වන බවයි.

නිවේදනයක්‌ නිකුත් කරන බ්‍රිතාන්‍ය බොක්‌සිං පාලක මණ්‌ඩලය ඔලිම්පික්‌ තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා යෝග්‍යතා තරගාවලි ලොව පුරා පැවැත්වෙන බවත් වෘත්තීය ක්‍රීඩකයන්ට ඔලිම්පික්‌ තරගාවලියකට සුදුසුකම් ලැබීමේ අවස්‌ථාව ෂලසා දීම හරහා ඉහත තරගාවලි නියෝජනය කරනු ලබන බොහෝ ආධුනික බොක්‌සිං ක්‍රීඩකයන් හෑල්ලුවට ලක්‌වන බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව ජාත්‍යන්තර බොක්‌සිං සම්මේලනය කිසිවක්‌ ප්‍රකාශ කර නොමැති අතර මෙහිදී ඔවුන් කිසිවකුටත් අසාධාරණයක්‌ නොවන පරිදි කටයුතු කරනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය බවට පත්ව තිබේ.

තවත් පුවත් කියවන්න – පිවිසෙන්න