චලිත හා ඔශාදී වෙළඳසේවා මේසපන්දු තරගාවලියේ කිරුළු දිනයි

84

ශ්‍රී ලංකා වෙළඳසේවා මේසපන්දු සංගමය සංවිධානය කළ 63 වැනි විවෘත මේසපන්දු ශුරතාවලිය පසුගිය ජූලි 20 වැනිදා හා 21 වැනිදා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විය.

ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම ප්‍රථම 10 අතරට

21වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරගාවලියට ……

විවිධ ආයතන 39ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 219ක් තරගාවලියට එක් වූ අතර කේවල හා යුගල ඉසව් නවයක් දින දෙක පුරා පැවැත්විය.

විවෘත පිරිමි ඉසව්ව ජයග්‍රහණය කිරීමට සෙලාන් බැංකුවේ චලිත රංජන සමත් වූ අතර CDB Finance හි ආර්. එම්. එල් චතුරංග එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. එම ඉසව්වේ ලෝකඩ පදක්කම ඩයලොග් ආසිආටා හි සහන සචිත හා ෆොන්ටෙරා හි සමිත අබේරත්න අතරේ බෙදී යන ලදි.

විවෘත කාන්තා ඉසව්වේ ජය හිමි කර ගැනීමට Scienter Technologies හි ඔශාදී ගුණසේකර සමත් විය. සෙලාන් බැංකුවේ විනොලි සිල්වා දෙවැනි ස්ථානය දිනා ගනිද්දී MAS හි රුවනි ගුණවර්ධන හා එම ආයතනයේම රයිසා අමනුල්ලා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය. 

පිරිමි යුගල ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සහන්ක ගනේගොඩ හා මනුර ප්‍රනාන්දු සමත් විය. ඔවුන් දෙදෙනා නියෝජනය කළේ PickMe හා ANC Education ආයතනයි. එම ඉසව්වේ රිදී පදක්කම CDB Finance නියෝජනය කළ ආර්. එම්. එල් චතුරංග හා චමිත් දීමන්ත දිනා ගනිද්දී ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ෆොර්ටියුඩ් හි හා ෆොන්ටෙරා හි සුකිත සමරක්කොඩි, සමිත් අබේරත්න හා සෙලාන් බැංකුවේ චලිත රංජන, සසික විජේසූරිය සමත් විය.  

MAS හි උපේකා කොටින්කඩුව හා රයිසා අමනුල්ලා කාන්තා යුගල ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර Scienter Technologies හි හා ජෝන් කීල්ස් IT හි ඕෂදී ගුණසේකර හා දිලිනි පෙරේරා එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. Codegen හි උපේකා අනුරුද්ධි හා හෂිනි වික්‍රමසිංහ එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදි.

කාන්තා පිරිමි කණ්ඩායම් දෙකම සුපිරි අට වටයට

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු ශූරතාව ඊයේ……..

මිශ්‍ර යුගල ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට MAS හි චතුර වීරකෝන් හා උපේකා කොටින්කඩුව සමත් විය. CDB Finance හි හා Zone 24×7 චමත් දීමන්ත හා උමායා වින්ඩ්සර් එම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගනිද්දී ලෝකඩ පදක්කම Fortude හා Scienter Technologies හි සුකිතා සමරක්කොඩි, ඔෂාදී ගුණසේකරට හා PickMe, HSBC හි සහන්ක ගනේගොඩ හා දිනාලි අතුකෝරාළ හට හිමි විය.       

තරගාවලියේ අනෙකුත් තරග ප්‍රතිඵල මෙසේයි.

පිරිමි දෙවන මට්ටම
රන් පදක්කම  ටී. පී සෙනෙවිරත්න Peoples’ Leasing
රිදී පදක්කම  සුකිතා සමරක්කොඩි Fortude
ලෝකඩ පදක්කම චතුර වීරකෝන් MAS
සඳරුවන් රණසිංහ HSBC
කාන්තා දෙවන මට්ටම
රන් පදක්කම  රුවනි ගුණවර්ධන  MAS
රිදී පදක්කම  ආරාධනා ලියනගේ 99X Technologies
ලෝකඩ පදක්කම උපේඛා අනුරුද්ධි  Codegen
ෂෙහාන් රත්නායක  WSO2
පිරිමි Masters අංශය  
රන් පදක්කම  චලිත රංජන  සෙලාන් බැංකුව
රිදී පදක්කම  මනුර ප්‍රනාන්දු  ANC Education
ලෝකඩ පදක්කම චමින්ද රොහාන්  Unilever
පිරිමි Veteran අංශය 
රන් පදක්කම  ගාමිණි මොරෙස්  Astron
රිදී පදක්කම  එන්. එම් තිලකානන්ද Singer
ලෝකඩ පදක්කම ජෝයි අබේසිරිවර්ධන  කොමර්ෂල් බැංකුව
ප්‍රියන්ත කාරියවසම්  කොමර්ෂල් බැංකුව

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<