විනිසුරුට පහරදීමත් සමඟ බ්ලූස්ටාර්-කොළඹ තරගය අතහැර දැමේ

946

විනිසුරු මොහොමඩ් අශාඩ් හට ප්‍රේක්ෂකයින් විසින් පහර දීමත් සමඟ බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය හා කොළඹ ක්‍රීඩා සමාජය අතර තරගය අතහැර දැමීමට සිදු විය. බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය ගෝල 1-1ක් ලෙස තරගයේ ගෝල සම කළ අවස්ථාවේ මේ සිදුවීම සිදු වූ අතර තරගය කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

විශිෂ්ට හඹා යාමක් නමුත් දඬුවම් පහරෙන් ජය යාපනයට

2018 වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා ‘ThePapare’ පාපන්දු ශූරතාවලියේ….

කළුතර බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජයේ ප්‍රේක්ෂකයින් 2500ක් පමණ ක්‍රීඩාංගණයේ සිටියේ කොළඹ ක්‍රීඩා සමාජය සමඟ තරගයේ දී සිය කණ්ඩායම දිරිගැන්වීමටයි. කොළඹ ක්‍රීඩා සමාජය කළුතර දී බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය මෙතෙක් පරාජය කර නොතිබීම තරගයේ උණුසුම තවත් ඉහළ යාමට හේතුවක් විය.

ක්‍රීඩාංගණයේ තිබූ අබලි තත්වය නිසා ආරම්භයේ දී කණ්ඩායම් දෙකම සාර්ථක ආක්‍රමණ දියත් කිරීමට අසමත් වූ නමුත් ක්‍රමයෙන් කණ්ඩායම් දෙකම දඬුවම් පහර හා Corner අවස්ථා දිනා ගනිමින් ආක්‍රමණයේ යෙදීමට සමත් විය. විනිසුරුගේ ඇතැම් තීරණ විවාදාත්මක වූයේ කණ්ඩායම් දෙකටම යම් යම් අවාසිදායක තීරණ හිමි වෙමිනි.

පළමු අර්ධය අවසාන භාගයේ දී සිය මංගල තරගය ක්‍රීඩා කළ Crebo Rehoboth හා මොහොමඩ් රිෆ්නාස් සංචාරක කණ්ඩායම වෙනුවෙන් ආසන්න අවස්ථා අපතේ යැවූ අතර දිමිත්‍රිගේ Corner උත්සහයක් ගෝල රාමුවේ වැදී ඉවත ගියේ අවාසනාවන්ත ලෙසයි.

පළමු අර්ධය සාර්ථකව අවසන් කරන්නට කොළඹ ක්‍රීඩකයින් සමත් වූ අතර සර්වාන් ජොහර් මංජුල ප්‍රනාන්දු පසු කර පන්දුව දැල වෙත යොමු කරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කරන්නට සමත් විය.

පළමු අර්ධය: බ්ලුස්ටාර් ක්‍රීඩා සමාජය 00 – 01 කොළඹ ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ දී ප්‍රේක්ෂකයින් පිටියේ සීමාව අසලටම පැමිණ සිටියේ අනවශ්‍ය සිදුවීමක පෙරනිමිති පෙන්නුම් කරමිනි.

ආරම්භක මිනිත්තු කිහිපයේ දී බෝඩ්රික් දිමිත්‍රි හට නිදහස් පහර දෙකක් මග හැරුණු අතර එක් අවස්ථාවක් නූලෙන් ගෝල රාමුවෙන් ඉවත යද්දී අනෙක් අවස්ථාව මංජුල ප්‍රනාන්දු රැක ගන්නට සමත් විය.

2018 FA කුසලානයේ ජයග්‍රහාකයින් තීන්දුයි!

ගෝල 4-2ක් ලෙස සෝන්ඩර්ස් කණ්ඩායම පරාජය කරමින් 2018 VANTAGE FA කුසලාන අවසන් මහා…..

බ්ලූස්ටාර් ක්‍රීඩකයින් සාර්ථක ආක්‍රමණයක් ආරම්භ කරද්දී විනිසුරු නලාව නාද කිරීම නිසා බ්ලූස්ටාර් ක්‍රීඩකයින් මෙන්ම ප්‍රේක්ෂකයින් ද නොසන්සුන් විය. අනතුරුව වරින් වර තරගය නැවැත්වීමට සිදු වූ අතර විනිසුරු තරගය නවත්වා දමන බවට ක්‍රීඩකයින්ට අවවාද කළේය.

කෙසේ වෙතත් ප්‍රේක්ෂකයින් පිටියේ සීමාවට ආසන්නයේම රැඳී සිටීම නිසා තරගය මද වේලාවකට නැවැත්වීමට සිදු විය. කොළඹ ක්‍රීඩා සමාජයේ නිරාන් කනිෂ්ඨ සීමාව අසල ක්‍රීඩා කිරීමේ දී ප්‍රේක්ෂකයින් ඔහුට බාධා කිරීම නිසා විනිසුරු නැවත වතාවක් තරගය නතර කළ අතර ඔහු පිටියෙන් ඉවත් වීමට සූදානම් වුනත් යම් හේතුවක් නිසා ඔහු දිගටම තරගය පවත්වා ගෙන යාමට තීරණය කළේය.  

මිනිත්තු කිහිපයකට පසු බ්ලූස්ටාර් අතිරේක ක්‍රීඩක මොහොමඩ් අජ්හ්මීර් කවිෂ් ප්‍රනාන්දු පසු කරමින් අලංකාර ගෝලයක් වාර්තා කළේ තරගයේ ගෝල සමකරමිනි. ඒ සමඟම ප්‍රේක්ෂකයින් රාශියක් පිටියට කඩා වැදුණු අතර විනිසුරුට ද ප්‍රහාරයක් එල්ල විය.

තවත් මිනිත්තු 12ක් ඉතිරිව තිබිය දී තරගය අතහැර දැමුණු අතර ඇතිවී තිබූ තත්වය මධ්‍යයේ කොළඹ ක්‍රීඩකයින් පිටියෙන් ඉවතට කැඳවා ගෙන ගියේ බ්ලූස්ටාර් ක්‍රීඩකයින් විසිනි.

අවසන් ලකුණු තත්වය: බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය 01 – 01 කොළඹ ක්‍රීඩා සමාජය

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • බ්ලූස්ටාර් – මොහොමඩ් අජ්හ්මීර් 78’
  • කොළඹ ක්‍රීඩා සමාජය – සර්වාන් ජොහර් 41’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<