2008 වසරේ දී ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විට ඉන්දියාවේ පමණක් නොව මුළු ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කර අවසන්ය. පළමු තරගාවලියෙන්ම අතිශය සාර්ථකත්වයට පත් මෙම තරගාවලිය නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන අනිකුත් රටවල් බොහොමයක්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ගුරු කොට ගනිමින් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි තමාගේ රටවල් තුල ද පවත්වන ලදි. එනමුත් අද දක්වාම එම එකදු තරගවලියක්වත් IPL තරම් සාර්ථක වී නැත. ශ්‍රී ලංකාවේ ද ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් SLPL තරගාවලිය පැවැත්වුණේ මෙහි ආභාෂය අනුවයි.
කටින් ගහන ක්‍රිකට්
වදනින් කරන සටන්, එසේත් නැතිනම් වාග් සටන් (Sledging), ක්‍රීඩාවට කෙතරම් අවශ්‍ය ද යන්න පිළිබඳ නොයෙක් මත පවතියි.
වසර 10 ක ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසය තුල බිහි වූ හොඳම ක්‍රිකට් කණ්ඩායම පසුගිය දා ලොව ජනප්‍රියම ක්‍රීඩා වෙබ් අඩවියක් වන ESPNcricinfo වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත්කරන ලදි. මෙම කණ්ඩායමේ නායකයා සහ කඩුලු රකින්නා වශයෙන් නම් කර ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිය. මෙම ක්‍රීඩකයින් 11 දෙනාට විදෙස් ක්‍රීඩකයින් සිව්දෙනෙකු පමණක් ඇතුලත් වේ. ඉන් තිදෙනෙකුම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් වීම ද විශේෂත්වයකි. අනිත් එකම විදෙස් ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග ය.
ආරම්භක පිතිකරු යුගලය ලෙස නම් කර ඇත්තේ බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් සමඟින් හිටපු ඉන්දීය ක්‍රීඩක විරේන්ද්‍ර ශෙවාග්ය. සුපිරි පිතිකරුවන් හය දෙනෙකුගෙන් සහ ප්‍රබල පන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස නම් කර තිබුණේ ඩේවියන් බ්රාවෝ පමණි.
ESPNcricinfo වෙබ් අඩවිය සති 6 කට පෙර සිට සිය පාඨකයන්ට හොඳම IPL කණ්ඩායම තේරීම සඳහා ක්‍රීඩකයන් 31ක් දෙනෙකුගේ නම් ඉදිරිපත් කර තිබුණි. එහි දී ඔවුන්ගේ මනාපය පරිදි තෝරා පත්කර තිබූ ක්‍රීඩකයින්, සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුතු කමිටුවක් මගින් නම්කර ඇත. මෙම කමිටුවට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙක් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය අයත් විය. ඔවුහු IPL කණ්ඩායම් හිමිකරුවන් සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව වඩාත් සමබර කණ්ඩායම ලෙසින් මෙම කණ්ඩායම ඉදිරිපත් කර ඇත. මෙය ඉතා අපහසු කාර්යයක් වූ බවත්, ඒ.බී. විලියස්ව මෙම කණ්ඩායමට එකතු කිරීමට ඔවුන්ට දැඩි උවමනාවක් තිබූ බවත්, එනමුත් කණ්ඩායම සමබර කර ගැනීමේ දී ගැටලු ඇතිවිය හැකි බැවින් ඔහුව 12 වන ක්‍රීඩකයා ලෙස නම් කරන්නට සිදු වූ බවත් එම වෙබ් අඩවිය ඉතා කනගාටුවෙන් වුව ද සඳහන් කරයි.
කණ්ඩායම නම් කිරීමේ අවසන් අදියරේ දී ක්‍රීඩකයින් 14 දෙනෙකු නම් කර ඇති අතර, ඉන් අවසන් 11 දෙනා නම් කිරීම ඉතා අපහසු වූ බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි. විශේෂයෙන්ම ආරම්භක පිතිකරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් සහ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් අතර දැඩි තරගයක් තිබී ඇත. අවසානයේ දී ක්‍රිස් ගේල්ට ජය අත්විය. එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයා වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඩේවියන් බ්රාවෝ සහ ඕස්ට්‍රේලියාවේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා වන ෂේන් වොට්සන් අතරින් කවරෙකු තෝරා ගත යුතු දැයි ඔවුන්ට සිතා ගැනීමට අපහසු වී ඇත. අපහසුවෙන් වුවද ඩේවියන් බ්‍රාවෝට එම ස්ථානය වෙන් කර දීමට ඔවුන්ට සිදු වී ඇත.
පන්දු යවන්නන් තේරීමේ දී විස්සයි විස්ස ආකෘතියේ ලොව සාර්ථකම වේගපන්දු යවන්නා වන, “යෝකර් රජු” ලෙසින් ක්‍රීඩා විචාරකයන්ගේ නොමද පැසසුමට ලක්වන ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග මේ සඳහා නම් කිරීමේ දී කිසිදු ගැටලුවක් ඇති වී නැත. ඒ IPL තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ද ඔහු වන බැවිනි. එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නා වන සුනිල් නරෙයින්ට ද මෙම 11 දෙන අතරට පහසුවෙන්ම එකතු වීමට අවකාශ ලැබී තිබුණේ ඔහුගේ විස්සයි විස්ස දක්ෂතාවලට අභියෝග කිරීමට සමත් කිසිදු දඟ පන්දු යවන්නෙකු නොසිටි නිසාවෙනි. තවද මෙම සුපිරි කණ්ඩායමේ නායකයා වශයෙන් IPL ඉතිහාසයේ සාර්ථකම නායකයා වන එම්. එස්. දෝනිව තෝරා ගෙන ඇත්තේ කිසිදු තරගයකින් තොරවයි.
ක්‍රිස් ගෙල්
බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරීම පිතිකරුවා මොහුයි. කිසිදු පන්දු යවන්නෙකු තුට්ටුවකට මායිම් නොකරන මෙම දැවැන්තයා කිසිදු වෙහෙසකින් තොරව පන්දුව සීමා ඉරෙන් එපිටට යවන්නේ සිනහ මුසු මුහුණෙනි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ තරග නැරඹීමට ප්‍රේක්ෂකයන් වැඩි ප්‍රමාණයක් එන්නේ මෙම දැවැන්තයාගේ ගිනිකෙළි සංදර්ශනය නැරඹීමටයි. ක්‍රිස් ගෙල්ගේ IPL දක්ෂතා මෙසේය.
| කණ්ඩායම් | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් |
| තරග | 101 |
| ලකුණු | 3626 |
| වැඩිම ලකුණු | 175* |
| ශතක/ අර්ධ ශතක | 5/ 21 |
| උඩපන්දු | 23 |
විරේන්ද්‍ර ශෙවාග්
පසුගිය සමයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රවේගකාරීම ආරම්භක පිතිකරුවෙකි. කලක් සචින් තෙන්ඩුල්කාර් සමඟින් ඉනිම ආරම්භ කළ මොහු වැරෙන් පන්දුවට පහර දීමට හැකි පිතිකරුවෙකි. එක්දින තරගවල දී ලකුණු 200ක් ලබා ගත් කසකරුවෙකි. ආරම්භයේ සිට 2015 වසර දක්වා IPL තරග වෙනුවෙන් සිය දායකත්වය ලබා දී ඇත. විරේන්ද්‍ර ශෙවාග්ගේ IPL දක්ෂතා මෙලෙස කැටිකොට දැක්විය හැක.
| කණ්ඩායම් | දිල්ලි ඩෙයාඩෙවිල්ස්, කිංග්ස් 11 පන්ජාබ් |
| තරග | 104 |
| ලකුණු | 2728 |
| වැඩිම ලකුණු | 122 |
| ශතක/ අර්ධ ශතක | 2/ 16 |
| උඩපන්දු | 34 |
වීරාත් කෝලි

| කණ්ඩායම් | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් |
| තරග | 149 |
| ලකුණු | 4418 |
| වැඩිම ලකුණු | 113 |
| ශතක/ අර්ධ ශතක | 4/ 30 |
| උඩපන්දු | 61 |
සුරේෂ් රයිනා

| කණ්ඩායම් | චෙන්නායි සුපර් කිංග්ස්, ගුජරාට් ලයන්ස් |
| තරග | 161 |
| ලකුණු | 4540 |
| වැඩිම ලකුණු | 100* |
| ශතක/ අර්ධ ශතක | 1/ 31 |
| උඩපන්දු | 85 |
රෝහිත් ශර්මා

| කණ්ඩායම් | මුම්බායි ඉන්දියන්ස් |
| තරග | 159 |
| ලකුණු | 4207 |
| වැඩිම ලකුණු | 109* |
| ශතක/ අර්ධ ශතක | 1/ 32 |
| උඩපන්දු | 71 |
එම්. එස්. දෝනි

| කණ්ඩායම් | චෙන්නායි සුපර් කිංග්ස්, රයිසිංග් පූනේ සුපර්ජයන්ට් |
| තරග | 159 |
| ලකුණු | 3561 |
| වැඩිම ලකුණු | 70* |
| ශතක/ අර්ධ ශතක | 0/ 17 |
| උඩපන්දු | 76 |
ඩේවියන් බ්රාවෝ

| කණ්ඩායම් | ගුජරාට් ලයන්ස් |
| තරග | 106 |
| ලකුණු | 1262 |
| වැඩිම ලකුණු | 70* |
| ශතක/ අර්ධ ශතක | 0/ 4 |
| උඩපන්දු | 60 |
| කඩුලු | 122 |
| හොඳම පන්දු යැවීම | 4/22 |
සුනිල් නරෙයින්

| කණ්ඩායම් | කොල්කටා නයිට් රයිඩර්ස් |
| තරග | 82 |
| උඩපන්දු | 16 |
| කඩුලු | 95 |
| හොඳම පන්දු යැවීම | 5/19 |
රවිචන්ද්‍රන් අශ්වින්

| කණ්ඩායම් | රයිසිංග් පූනේ සුපර්ජයන්ට් |
| තරග | 111 |
| උඩපන්දු | 23 |
| කඩුලු | 100 |
| හොඳම පන්දු යැවීම | 4/34 |
ලසිත් මාලිංග

| කණ්ඩායම් | මුම්බායි ඉන්දියන්ස් |
| තරග | 110 |
| උඩපන්දු | 20 |
| කඩුලු | 154 |
| හොඳම පන්දු යැවීම | 5/13 |
තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න
























