CR&FC ක්‍රීඩකයෝ තෙවැනි ජයත් වාර්තා කරති

511

2018 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අද (24) කොළඹ පොලිස් ක්‍රීඩා පිටියේ දී පැවති තරගයකින් ජය ගැනීමට CR&FC කණ්ඩායමට හැකි විය. ලකුණු 17-38ක් වශයෙන් ඔවුන් හමුවේ පරාජය වූයේ සත්කාරක පොලිස් ක්‍රීඩා සමාජයයි.

විදෙස් ක්‍රීඩකයන් තරගාවලියට සහභාගී කර නොගැනීමට අධිකරණ නියෝගයක් ලැබී ඇති හෙයින් පොලිස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරනු ලබන ෆීජී ක්‍රීඩක එමෝසි වුනිවෝසා හට මෙම තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වීම පොලිස් කණ්ඩායමට දැඩි අවාසියක් විය.

තිළිණ විජේසිංහ ප්‍රමුඛ මහනුවර ක්‍රීඩකයෝ යුධ හමුදාව මෙල්ල කරති

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවන සති අන්තයේ තවත් තරගයක් අද (24) රත්මලාන

තරගයේ පළමුවෙන් ලකුණු වාර්තා කිරීම ආරම්භ කළේ පොලිස් කණ්ඩායමයි. තරගයේ 5 වැනි මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩා සමාජයට දඬුවම් පහරක් හිමි විය. ඒ CR&FC ක්‍රීඩකයෙකු විසින් “නුසුදුසු” වචනයක් ක්‍රීඩා පිටිය තුල භාවිතා කිරීම නිසාවෙනි. සචිත් සිල්වා විසින් එම දඬුවම් පහර සාර්ථක කර ගනිමින් පොලිස් ක්‍රීඩා සමාජයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. (පොලිස් 03-00 CR&FC)

CR&FC කණ්ඩායමට උත්සාහක දිනුමක් වාර්තා කිරීමට 6 වැනි මිනිත්තුවේ දී ඉතා හොඳ අවස්ථාවක් හිමිවූවත්, කෙවින් ඩික්සන්ගෙන් සිදු වූ අත්වැරදීමක් නිසා CR&FC කණ්ඩායමට එම අවස්ථාව මඟහැරුණි.

එහෙත් තමන්ගෙන් සිදු වූ අත්වැරදීම නිවැරදි කර ගත් කෙවින් ඩික්සන් 12 වැනි මිනිත්තුවේ දී විශිෂ්ට ආකාරයට පන්දුව රීසා රෆයිඩීන් හට ලබා දුන් අතර රීසා විසින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තරින්ද රත්වත්ත හට නොහැකි විය. (පොලිස් 03-05 CR&FC)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

මීටර 40ක පමණ දුරක් දිවවිත් පොලිස් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මඟහැර කවිඳු පෙරේරා විසින් 17 වැනි මිනිත්තුවේ දී තරගයේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමින් CR&FC කණ්ඩායමේ ලකුණු තත්වය 10ක් දක්වා වර්ධනය කළේය. තරින්ද රත්වත්ත විසින් CR&FC කණ්ඩායමට තවත් ලකුණු දෙකක් ලබා දුන්නේ එහි ප්‍රවර්තනය මඟ නොහරිමිනි. (පොලිස් 03-12 CR&FC)

පොලිස් කණ්ඩායම තව තවත් අසරණ කරමින් ෂෙහාන් ඩයස් විසින් උත්සාහක දිනුමක් වාර්තා කළේ 19 වැනි මිනිත්තුවේ දී ය. රත්වත්තගේ පාදයෙන් එම ප්‍රවර්තනය ද සාර්ථක විය. (පොලිස් 03-19 CR&FC)

තිරස් අතට පන්දු යොමු කිරීම් (Passes) කිහිපයකින් අනතුරුව CR&FC කණ්ඩායම විසින් 22 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් ලබා ගනු ලැබුවේ පොලිස් ක්‍රීඩා සමාජයට තරගය පිළිබඳ තිබූ බලාපොරොත්තු අතහැර ගැනීමට සලස්වමිනි. උත්සාහක දිනුමේ හිමිකරු වූයේ චමෝද් ප්‍රනාන්දුයි. රත්වත්ත විසින් එහි ප්‍රවර්තනය ද මඟ හැරියේ නැත. (පොලිස් 03-26 CR&FC)

එහෙත් තරගය අත්නොහරින ලද පොලිස් ක්‍රීඩකයන් 28 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් ලබා ගත් අතර එහි ප්‍රවර්තනය ද සාර්ථක විය. උත්සාහක දිනුමේ හිමිකරු වූයේ අත්දැකීම් සහිත ක්‍රීඩක උදාර සූරියප්පෙරුමයි. අමිත් ප්‍රභාත් සාර්ථක ප්‍රවර්තනයේ හිමිකරුයි. (පොලිස් 10-26 CR&FC)

දිනුක් හා සශාන් නාවිකයෝ මුහුදුබත් කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවන සති අන්තය ආරම්භ කරමින් අපරාජිත හැව්ලොක්

ඉන්පසු ඉතා හොඳ ක්‍රීඩාශීලීත්වයක් පෙන්නුම් කළ පොලිස් ක්‍රීඩා සමාජය CR&FC කණ්ඩායමේ සීමා ඉර ආසන්නයටම පන්දුව ගෙන යන ලදි. එම අවස්ථාවේ දී CR&FC ක්‍රීඩකයන් විසින් සිදු කරන ලද අනිසි බලපෑම් හේතුවෙන් දඬුවම් උත්සාහක දිනුමක් (Penalty try) පොලිස් කණ්ඩායමට පිරිනැමීමට තරගයේ විනිසුරු ඩින්කා පීරිස් කටයුතු කරනු ලැබීය. (පොලිස් 17 – 26 CR&FC)

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 17 – 26 CR&FC

පළමු අර්ධයේ අවසාන මිනිත්තු 12 තුළ දී ලබා ගත් උත්සාහක දිනුම් ද්විත්වය හේතුවෙන් දෙවැනි අර්ධයේ දී පොලිස් කණ්ඩායම වඩාත් හොඳින් ක්‍රීඩා කළ යුතු වූවත් එය එසේ සිදු නොවුනි. දෙවැනි අර්ධයේ 8 වැනි මිනිත්තුවේ දී පොලිස් කණ්ඩායමෙන් සිදු වූ වැරදි පන්දු යොමුකිරීමක් හේතුවෙන් CR&FC කණ්ඩායමේ රීසා රෆයිඩීන් විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ ද එම උත්සාහක දිනුම CR&FC කණ්ඩායමට හිමිනොවූයේ පන්දුව ඉදිරියට යොමුකිරීමක් සිදු වූ බැවිනි.

ඉන් මිනිත්තු හතරකට පසු එනම් තරගයේ 52 වැනි මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩක අමිල ප්‍රභාත් ඉතා නොසැලකිලිමත් ආකාරයට පන්දුව CR&FC කණ්ඩායමේ රීසා රෆයිඩීන්ගේ දෑතටම ලබා දුන් අතර රීසා විසින් කවිඳු පෙරේරා හට පන්දුව ඒ අනුව යොමු කළේය. ඉන්පසු කවිඳුව නතර කිරීමට පොලිස් ක්‍රීඩකයන්ට නොහැකි විය. CR&FC කණ්ඩායම ඔවුන්ගේ 5 වැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර තරින්ද රත්වත්ත ඔහුගේ සිව්වැනි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (පොලිස් 17-33 CR&FC)

කන්ද උඩරට රග්බි බලකොටුව කලකට පසු බිඳ වැටෙයි ද?

ලෝක රග්බි පිටිය ගැන අයෙක් ඇසූ සැණින් ක්ෂණයෙන් සිහියට නැගෙන්නේ නවසීලන්තයයි. ලෝක රග්බි ඉතිහාසයේ මහා කළු

එවැනි ආකාරයේ අත්වැරදීම් ඕනෑම කණ්ඩායමක මානසික මට්ටම පහත දමන අතර ඒ අනුව ඉන් මිනිත්තු දෙකකට පසු තවත් උත්සාහක දිනුමක් ලබා ගනිමින් සිය ලකුණු තත්ත්වය 38ක් දක්වා ඉහළ දැමීමට CR&FC කණ්ඩායමේ රාහුල් ද සිල්වා හට හැකි විය. එහි ප්‍රවර්තනය සාර්ථක නොවීය. (පොලිස් 17-38 CR&FC)

ඉන්පසු ක්‍රීඩාංගණයට වර්ෂාව ද ඇදහැලුනි. වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය තෙත් වීම සහ පන්දුවේ ලිස්සා යාමේ ස්වභාවය නිසා තරගයේ වේගය ඉන්පසු මදක් අදාළ වූ අතර තරගයේ සම්පූර්ණ කාලය වන මිනිත්තු 80 අවසන් වන තෙක්ම කිසිදු කණ්ඩායමක් ඉන්පසු ලකුණු වාර්තා කළේ නැත.

ඒ අනුව 17-38ක් වශයෙන් තරගයේ ජය CR&FC කණ්ඩායමට හිමි විය. තරගයේ දී සිදු නොවිය යුතු අත්වැරදීම් කිහිපයක්ම පොලිස් ක්‍රීඩකයන්ගෙන් සිදුවූවත් සමස්තයක් ලෙසින් පොලිස් කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරන ලදි.

මෙම ජයත් සමඟින් තරගාවලියේ ලකුණු සටහනේ මුල් ස්ථාන ත්‍රිත්වයේ රැඳී සිටීමට CR&FC කණ්ඩායමට හැකි විය. මුල් ස්ථාන ත්‍රිත්වයේ සිටින අනෙක් කණ්ඩායම් දෙක වන්නේ හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජයයි.

අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 17 (1P, 1T, 1C, 1PT) – 38 (5T, 4C) CR&FC

ThePapare.com තරගයේ වීරයා: ශෙමල් වීරසේකර

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • පොලිස් ක්‍රීඩා සමාජය – සචිත් සිල්වා (1P), අමිත ප්‍රභාත් (1C), උදාර සූරියප්පෙරුම (1T)
  • CR&FC කණ්ඩායම – කවිඳු පෙරේරා (2T), රීසා රෆයිඩීන් (1T), රාහුල් ද සිල්වා (1T), චමෝද් ප්‍රනාන්දු (1T), තරින්ද රත්වත්ත (4C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<

Match Replay : Police SC v CR & FC – DRL 2018/19 Match #10

Related Articles Match Highlights – Kandy SC v Police SC DRL