බංග්ලාදේශයේ ලෝක කුසලාන ජර්සියට පිරිසක් උරන වෙයි

459
BCB

එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන බංග්ලාදේශ සංචිතයට එරට ක්‍රිකට් ආයතනය විසින් ලබා දුන් නව ජර්සියේ වර්ණ සංයුතියේ වෙනසකට භාජනය කිරීමට සිදුව තිබේ.

“ආබාධයක් නැහැ, සියල්ල හොඳින්” ස්මිත් කියයි

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් සමඟ පැවති…

එරට ක්‍රීඩාලෝලීන්ගෙන් එල්ල වූ විවිධ චෝදනා හා ක්‍රිකට් පාලන කමිටුවේ විවිධ මත හේතුවෙන් මෙලෙස අදාළ ජර්සියේ වර්ණ සංයුතිය වෙනස් කිරීමට එරට ක්‍රිකට් ආයතනයට සිදුව තිබේ.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය එරට ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයට පළමුව ලබා දුන් ජර්සියට රතු වර්ණය වැඩි වශයෙන් ඇතුළත් කර තිබුණි. බංග්ලාදේශ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලි වල දී යොදා ගත් ජර්සියෙහි, ඉතිහාසය මුළුල්ලේම රතු වර්ණය ඇතුළත් වීම සහ බංග්ලාදේශ ජාතික කෝඩිය තුල රතු වර්ණය දැක ගැනීමට හැකි වීම හේතුවෙන් මෙලෙස එම ජර්සියට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් රතු වර්ණය ඇතුළත් කර තිබුණි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් කිසිවිටෙක රතු වර්ණය බංග්ලාදේශ නිල ලෝක කුසලාන ජර්සියට ඇතුළත් කරගන්නා ලෙස ප්‍රකාශ කර නොමැති බවය.

නමුත් එක් එක් ක්‍රීඩකයාගේ ජර්සියේ ඔහුගේ නම සහ අංකය පැහැදිලිව ලිවීමේ අරමුණින් මෙලෙස බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අදාළ ජර්සියට රතු වර්ණය යොදාගෙන තිබෙන බව පැවසේ.

කෙසේ හෝ කොළ පැහැති ජර්සියේ, රතු පැහැති පටියක් තුල සුදු අකුරින් ක්‍රීඩකයාගේ නම හා අංකය සඳහන් කර තිබූ බංග්ලාදේශ ලෝක කුසලාන ජර්සියට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අනුමැතිය ලබා දී තිබුණි.

කෝලිගේ සිහින මහා වැස්සට සේදෙයි

ඊයේ (30) ඇදහැළුණු දැඩි වර්ෂාවෙන් විරාත් කෝලි ප්‍රමුඛ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට…

එම අනුමැතිය ලබා දුන් ජර්සියට අමතරව කොළ පැහැති ජර්සියේ රතු පැහැති පටියක් නොමැතිව රතු පැහැති අකුරින් සහ සුදු පැහැති අකුරින් අදාළ ක්‍රීඩකයාගේ නම සහ අංකය සඳහන් කළ ජර්සි ආකෘති දෙකක් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලට යොමුකර තිබුණි.

කෙසේ නමුත් ක්‍රීඩකයාගේ නම සහ අංකය රතු වර්ණයෙන් සඳහන් කිරීම පිළිබඳ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පැහැදීමක් නොදැක්වුණු අතර කොළ පැහැති ජර්සියේ සුදු පැහැති අකුරින් එය සඳහන් කිරීම පිළිබඳ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පැහැදීමක් දක්වා තිබුණු.

අවසන් අනුමැතියෙන් පසු පසුගිය සඳුදා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මූල් හසන් මහතා විසින් බංග්ලාදේශ ලෝක කුසලානයේ නිල ජර්සිය මෙවර ලෝක කුසලාන කණ්ඩායමේ නායක මෆ්රෆි මොටාසාට නිල වශයෙන් ප්‍රදානය කරන ලදි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නස්මූල් හසාන් මහතා පසුව ප්‍රකාශ කර සිටියේ ජර්සිය නිල වශයෙන් එළිදැක්වීමෙන් අනතුරුව ඔහු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර එය නැවත නිරීක්ෂණය කළ බවයි.

යමෙකු එම ජර්සියට රතු පාට යොදා ඇති බවත්, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තුල කිසිවිටෙක මෙවර ලෝක කුසලාන ජර්සියට රතු වර්ණය යොදා ගැනීම පිළිබඳ අදහසක් නොමැති වූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ පුහුණුකරු තනතුරට අලුත් අයෙක්

ගෙවී ගිය දින කිහිපය තුළ දී මතභේදයට තුඩු දුන් ශ්‍රී ලංකා ‘A’ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය…

ඉන්පසුව යළිත් මෙලෙස බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය එළඹෙන ලෝක කුසලානය සඳහා නව බංග්ලාදේශ ජර්සියක් හඳුන්වා දීමට කටයුතු කරන ලදි. නව ජර්සියේ මැද රතු පැහැති වර්ණයෙන් යුත් තිරස් පටියක් යොදා ඇති අතර එය මත සුදු පැහැති වර්ණයෙන් බංග්ලාදේශය නාමය සටහන් කර තිබේ. ඊට අමතරව අදාළ ජර්සියේ අත් කොටසට ද රතු වර්ණය යොදාගෙන තිබේ.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මූල් හසන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම තීරණය  පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බවය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට එළිදැක්වූ නිල ජර්සියක් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් වෙනස් කළ  ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<