සුවත් විශිෂ්ට ඉනිමක් දියත් කරද්දී නුවනිඳුගෙන් කඩුලු 4ක්

217

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වෙන “69 වැනි මොරටු මහා රන් සටන” අද (15) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

ලණු පැදුරු මතින් ඇරඹි රන් සටන් සංග්‍රාමයේ අභිමානවත් 69 වැන්නට පෙර

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වෙන “69 වැනි මොරටු රන්

පැහැබර කාලගුණ තත්වයක් යටතේ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියානු නායක නුවනිඳු ප්‍රනාන්දු පළමුව පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදී වේල්ස් කුමර විද්‍යාලයීය කණ්ඩායමට ඇරයුම් කළේය.

ඒ අනුව වේල්ස් කුමර ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ විනුජ රන්පුල් සමඟින් තරිඳු අමරසිංහ ය. ඔවුන් දෙදෙනා සෙබස්තියානු ආරම්භක වේගපන්දු යවන්නන් දෙදෙනා වූ ටෂික් පෙරේරා හා ජනිෂ්ක පෙරේරා හට ආරක්‍ෂාකාරීව මුහුණ දෙමින් වේල්ස් කුමර ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට උත්සාහ දැරුව ද, 6 වැනි පන්දුවාරයේ දී ක්‍රියාත්මක වූ බිහඟ මෙන්ඩිස් ආරම්භක සබඳතාව ලකුණු 18කට සීමා කරමින් තරිඳු ලකුණු 6කට නැවත ක්‍රීඩාගාරය බලා හරවා යවන්නට සමත් විය.

Photos: Prince of Wales College vs St. Sebastian’s College – 69th Battle of the Golds | Day 1

අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ ඔහු වේල්ස් කුමාර විද්‍යාලයීය ලකුණු පුවරුව ලකුණු 24ක් ලෙස දැක්වෙද්දී විනුජ ද ලකුණු 11ක් ලබා සිටිය දී දවා ගැනීමට සමත් වූයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම නැවත ක්‍රීඩාගාරය බලා හරවා යවමිනි.

අනතුරුව ඔමේෂ් මෙන්ඩිස් සමඟින් පිටියේ එක්වූ දිනුර ප්‍රනාන්දු තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 26ක සබඳතාවක් එක්කිරීමට සමත් වූ අතර එහි දී ක්‍රියාත්මක වූ ප්‍රවීන් කුරේ ලකුණු 17ක් ලබා සිටි ඔමේෂ්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූයේ වේල්ස් කුමර කණ්ඩායම ලකුණු 50ට කඩුලු 3ක් ලෙස අසීරු තත්වයකට පත්කරමිනි.

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමත් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක්

නවසීලන්ත සංචාරයක නිරත වී සිටින බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ක්‍රයිස්ට් චර්ච්හි අද (15) සිදු වූ ත්‍රස්ත

පසුව දිනුර ප්‍රනාන්දු සමඟින් පිටියේ එක්වූ නායක සුවත් මෙන්ඩිස් කෙමෙන් කෙමෙන් වේල්ස් කුමර ඉනිම ගොඩනැඟීමට සමත් විය. එහි දී ඔවුන් දෙදෙනා ඉතා ආරක්‍ෂාකාරීව පන්දුවට පහර දෙමින් පීඩනය නැවතත් සාන්ත සෙබස්තියානු කණ්ඩායම දෙසට යොමුකිරීමට සමත් වූයේ ලකුණු 78ක විශිෂ්ට සබඳතාවයක් එක්කරමිනි. කෙසේ නමුත් වේල්ස් කුමර ලකුණු පුවරුව ලකුණු 128ක් ලෙස දැක්වෙද්දී නැවතත් ක්‍රියාත්මක වූ ප්‍රවීන් කුරේ ලකුණු 44ක් ලබා සිටි තරිඳු ස්ටම්ප් කිරීමකට ගොදුරු කරගනිමින් දවා ගැනීමට සමත් වූයේ තරගයේ සිය දෙවැනි කඩුල්ලට හිමිකම් කියමිනි.  

අනතුරුව නායක සුවත් සමඟින් පිටියේ එක්වූ කාවින්ද ද මැල්ගේ සබඳතාව ලකුණු 27කට සීමා කළ සාන්ත සෙබස්තියානු නායක නුවනිඳු ප්‍රනාන්දු සිය පළමු පන්දුවාරයේ දී ම කාවින්ද ලකුණු 03කට දවා ගැනීමට සමත් විය.

අනතුරුව ඊළඟ පන්දු දෙකේ දී දේවක පීරිස් සහ පසිඳු පැතුම්ගේ ද කඩුලු දවා ගත් ඔහු කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කීම මෙහි දී කැපී පෙනෙන්නට වූ අතර ඒ හරහා ලකුණු 145ට කඩුලු 7ක් ලෙස වේල්ස් කුමර ඉනිම අසීරු තත්වයකට ඇද දමන්නට ඔහු සමත් විය.

අනෙක් අන්තයේ කඩුලු බිඳ වැටෙද්දී හුදකලා ඉනිමක් ක්‍රීඩා කළ සුවත් මෙන්ඩිස් මෙහි දී අර්ධ ශතකයක් වාර්තා කරගනිමින් වේල්ස් කුමර ඉනිම හොඳ තත්වයකට රැගෙන යන්නට උත්සාහ දැරීය.

කෙසේ නමුත් පසුව පිටියට පැමිණි උප නායක කෞමාල් නානායක්කාර ලකුණු 02ක් පමණක් ලබා සිටිය දී දවා ගන්නට නැවත වරක් ක්‍රියාත්මක වූ නුවනිඳු සමත් වූ අතර ලක්ෂාන් පෙරේරා ලකුණු 04ක් ලබා සිටිය දී දුවද්දී දවා ගන්නට ටෂික් පෙරේරා සමත් විය.

අන්තර් සමාජ ක්‍රිකට් පිටියේ පෙරළිකාරී වටය ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක පිළිමළුන් පිටුදැකීමේ තරග වටය

ඒ අනුව ලකුණු 159ට කඩුලු 9ක් දැවී ඔවුන් අසීරු තත්වයක පසුවෙද්දී නායක සුවත් සමඟින් පිටියේ එක්වූ නදුක ප්‍රනාන්දු හොඳින් පන්දුවට පහර දෙමින් වේල්ස් කුමර ඉනිම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යන්නට උත්සාහ දැරීය. එහි දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ සුවත් ලකුණු 78ක් වාර්තා කරගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර ඔහුට මනා සහයෝගයක් ලබා දුන් නදුක ලකුණු 16ක් වාර්තා කරගන්නට සමත් විය.

කෙසේ නමුත් ලකුණු 78ක් වාර්තා කරගෙන සිටි සුවත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් ටෂික් වේල්ස් කුමර ලකුණු පුවරුව ලකුණු 194ක් ලෙස දැක්වෙද්දී ඔවුන්ගේ ඉනිම අවසන් කරන්නට සමත් විය. එහි දී සාන්ත සෙබස්තියන් කණ්ඩායම වෙනුවෙන් නායක නුවනිඳු ප්‍රනාන්දු කඩුලු ත්‍රිත්වයක් ද සමඟින් සමස්ත කඩුලු 4කට හිමිකම් කියමින් දස්කම් දක්වන්නට සමත් විය.    

අනතුරුව සාන්ත සෙබස්තියානු කණ්ඩායම වෙනුවෙන් පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා ආරම්භක පිතිකරු යුගලය ලෙස නිෂිත අභිලාෂ් සහ දුනිත් ජයතුංග පිටියට පිවිසි අතර වේල්ස් කුමර කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කරනු ලැබුවේ නදුක ප්‍රනාන්දු විසිනි. එහි දී ඔහු ඉනිමේ යැවූ පළමු පන්දුවෙන්ම අභිලාෂ්ව නැවතත් ක්‍රීඩාගාරය බලා හරවා යැවූයේ වේල්ස් කුමරුවන්ට ඉනිමට ඉතා සාර්ථක ආරම්භයක් ලබා දෙමිනි.

කෙසේ නමුත් එහි දී දුනිත් සමඟ පිටියේ එක්වූ නායක ප්‍රවීන් හොඳ සබඳතාවයක් එක්කරමින් දිනය අවසන් වන තෙක් ප්‍රතිවාදීන්ට තවත් කඩුලු නොදෙන්නට වගබලා ගත්හ. එහි දී ප්‍රවීන් ලකුණු 24ක් ද, දුනිත් ලකුණු 19ක් ද ලබා ගනිමින් නොදැවී ක්‍රීඩා කරන අතර ඒ අනුව පළමු දිනය සඳහා තරගය අවසන් වන විට සාන්ත සෙබස්තියානු පළමු කඩුල්ලක් පමණක් දැවී ලකුණු 43ක් ලෙස දැක්විය.

වේල්ස් කුමාර විද්‍යාලයීය පළමු ඉනිම: පන්දුවාර 78.5ක දී 194/10 – සුවත් මෙන්ඩිස් 78, දිනුර ප්‍රනාන්දු 44,නුවනිඳු ප්‍රනාන්දු 24/4, බිහඟ මෙන්ඩිස් 21/2, ප්‍රවීන් කුරේ 32/2

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පළමු ඉනිම: පන්දුවාර 17ක් අවසානයේ 43/1 – නුවනිඳු ප්‍රනාන්දු 23*, දුනිත් ජයතුංග 19*, නදුක ප්‍රනාන්දු 22/1     

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<