හරීන් බුද්ධිල ඇලෝසියස් විද්‍යාලයේ බලාපොරොත්තු දල්වයි!

188
U19 School Cricket

තවමත් නව යොවුන් වියේ සිටින ක්‍රිකට් අංකුර එකිනෙකා හා ගැටෙන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් ඊයේ (24) දිනයේ දී ක්‍රියාත්මක විය. ඒ අතුරින් පළමු කාණ්ඩයේ නව තරග දෙකක් ඊයේ දිනයේ ආරම්භ වූ අතර තවත් තරග දෙකක් ඊයේ නිමාව දිටීය. එහි දී පළමු ඉනිමේ ජයක් වාර්තා කර ගැනීමට සමත් වූයේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලයයි.

ගොඩබිමක් සොයන බිඳී ගිය ක්‍රිකට් නෞකාව

අතිශය තීරණාත්මක ගමනකින් පසු ලෝක කුසලාන එක්දින තරගාවලිය නම් සාගරයෙන්…

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය

මොරටුව සාන්ත සෙබස්තියන් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වූ මෙම තරගය නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරවයි. කෙසේ වෙතත් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට හිමි විය.

කාසියේ වාසිය දිනාගත් ජෝසප් වාස් විද්‍යාලය ප්‍රතිවාදීන්ට මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන් අතර ඊට සාර්ථක ප්‍රතිචාරයක් දැක්වූ ධර්මපාල විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 253ක් රැස්කර ගත්හ. අවිශ්ක හසරින්ද ලකුණු 54යි. පන්දු යැවීමේ දී සශාන් දිනෙත් ලකුණු 68කට කඩුලු 7ක් දවා ගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජෝසප් වාස් විද්‍යාලයට රැස් කරගත හැකි වූයේ ලකුණු 167ක් පමණි. ඒ අනුව ධර්මපාල විද්‍යාලයේ ප්‍රථම ඉනිමේ ජය තහවුරු විය. ඉන්පසු තම දෙවැනි ඉනිම ඇරඹූ ධර්මපාල පිතිකරුවන් කඩුලු 6කට ලකුණු 117ක් රැස් කරගෙන සිටිය දී ඉනිම අත්හිටවූයේ පූර්ණ තරග ජයක් ලැබීමේ බලාපොරොත්තුවෙනි. එහි දී මලිත් සඳකැලුම් අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේය. නැවත වරක් සුපිරි පන්දු යැවීමක් පෙන්නුම් කළ සශාන් දිනෙත් තවත් කඩුලු 3ක් දවා ගනිමින් තරගය තුල කඩුලු 10ක් බිඳ හෙලීම සම්පූර්ණ කළේය. ධර්මපාල විද්‍යාලයට වඩා ලකුණු 203ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ජෝසප් වාස් විද්‍යාලය දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 138ක් ලබා සිටි නිසා තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ධර්මපාල විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 253 (පන්දුවාර 79.4): අවිශ්ක හසරින්ද 54, දුලාජ් අශේන් 45, මලිත් සඳකැලුම් 40, කුසංක පීරිස් 24, චමිඳු ලක්ෂිත 21, සශාන් දිනෙත් 7/68, කවිඳු ශෙහාර 2/43.

ජෝසප් වාස් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 167 (පන්දුවාර 59.3): තිරාන් ප්‍රදීප්ත 45, නවෝද් යොහාන් 28, ශොහාන් අනුරුද්ධ 23, චමිඳු ලක්ෂිත 3/56, මලුත් සඳකැලුම් 2/11, දුලාජ් අශේන් 2/36, ඩිල්ශාන් ද සිල්වා 1/17.

ධර්මපාල විද්‍යාලය (දෙවැනි ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 117/6d (පන්දුවාර 20.5): මලිත් සඳකැලුම් 50, අමිල ජයනක 38, ධනුෂ්ක නිරංජන් 3/28, සශාන් දිනෙත් 3/58.

ජෝසප් වාස් විද්‍යාලය (දෙවැනි ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 138 (පන්දුවාර 22): අංජන රුක්මාල් 56*, සශාන් දිනෙත් 42, සොහාන් අනුරාධ 21, දුලාජ් අශේන් 3/47.

“මම නායකත්වයෙන් ඉවත් වෙන්නේ නැහැ” – උපුල් තරංග

2017 වසරට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසය තුළ ඔවුන්..

කොළඹ නාලන්ද විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර තරගය

ඊයේ දිනයේ මෙම තරගය නිමාව දුටුවේ ජය පරාජයකින් තොරවයි. කෙසේ වෙතත් තරගයේ මුල් ඉනිමේ ජයග්‍රාහකයා බවට පත්වූයේ කොළඹ නාලන්ද විද්‍යාලයයි. ඔවුන්ගේ සත්කාරකත්වය යටතේ ඇරඹුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයයි. ඒ අනුව මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව නාලන්ද විද්‍යාලයට ලබා දීමට ඔවුන් තීරණය කළේය. ඒ අනුව චමිඳු විජේසිංහ රැස්කළ අර්ධ ශතකයෙන් සහ කළණ කත්‍රිආරච්චි ලබාගත් ලකුණු 40න් පෝෂණය ලබාගත් නාලන්ද විද්‍යාලය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 227ක් ලබා ගත්හ.

ඒ පසුපස හඹාගිය ධර්මාශෝක විද්‍යාලයට ලබාගත හැකි වූයේ ලකුණු 202ක් පමණි. ධර්මාශෝකය සචින් සංගීත් ලකුණු 56ක් සහ දිනුක ඩිල්ශාන් ලකුණු 40ක් රැස්කර ගත්හ. සුපිරි පන්දු යැවීමක යෙදුණු කවීශ මධුරප්පෙරුම කඩුලු 5යි. තරගය ජය පරාජයෙන් තොරව නිමා වන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නාලන්ද විද්‍යාලය එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 86ක් ලබා සිටියහ.

නාලන්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 227 (පන්දුවාර 63.5): චමිඳු විජේසිංහ 53, කළණ කත්‍රිආරච්චි 40, ලක්ෂිත රසාංජන 35, රවීන් ද සිල්වා 26, රශික බණ්ඩාර 24, දිල්හාර පොල්ගම්පළ 23, දිනුක ඩිල්ශාන් 3/09, අරෝශන ද සොයිසා 2/17, කවිඳු නදීශාන් 2/56.

ධර්මාශෝක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 202 (පන්දුවාර 68.5): සචින් සංගීත් 56, දිනුක ඩිල්ශාන් 40, උශාන් ඉමන්ත 38, කවීශ මධුරප්පෙරුම 5/57, චමිඳු විජේසිංහ 2/39.

නාලන්ද  විද්‍යාලය (දෙවැනි ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 86 (පන්දුවාර 24): ලක්ෂිත රසාංජන 44*, අවිශ්ක පෙරේරා 38*.

බිඳ වැටීම්, කලකිරීම් මැද ශ්‍රී ලංකාවට 5-0ක තරගාවලි පරාජයක්

ශ්‍රී ලංකා පිතිකරුවන් තරගාවලිය පුරාවටම අතිශය අසාර්ථක වීම නිසාත්, කණ්ඩායම තේරීමේ දී..

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී ඊයේ ඇරඹුණු මෙම තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට වැඩි වාසි අත්පත් කරගෙන සිටින්නේ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයයි. ඒ මේ වන විට කඩුලු 8ක් අතැතිව ඉසිපතන විද්‍යාලයට වඩා ප්‍රථම ඉනිමේ ලකුණු 42ක් ඉදිරියෙන් සිටිමිනි. ඒ අනුව අද දිනයේදීත් සුපිරි දස්කම් දැක්වුවහොත් පූර්ණ තරග ජයක් තහවුරු කර ගැනීමේ අවස්ථාව ද ඇලෝසියස් විද්‍යාලයට හිමිව තිබේ.

කාසියේ වාසිය දිනාගත් ඉසිපතන විද්‍යාලය මුලින් පන්දුවට පහර දීමට තීරණය කළත් ඔවුන්ගේ පිතිකරණ අංශය එම තීරණයට සාධාරණයක් ඉටු කළේ නැත. ඒ පන්දුවාර 42ක් සම්පූර්ණ වීමටත් පෙර ඔවුන් ලකුණු 98කට දැවී ගිය බැවිනි. එහි දී සංජුල ඉලංගතිලක අර්ධ ශතකයක් රැස් කරද්දී වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක හරීන් බුද්ධිල ලකුණු 21කට කඩුලු 5ක් දවා ගනිමින් පන්දුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වීය. මීට අමතරව කවිඳු මධුරංග සහ රවිඳු සංජන අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

මේ වන විට තම ප්‍රථම ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ඇලෝසියස් පිතිකරුවන් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 140ක් ලබාගෙන සිටිති. එහි දී ලහිරු ධනංජය තම අර්ධ ශතකය වාර්තා කර ගැනීමෙන් අනතුරුව දැවී ගිය අතර රවිඳු සංජන නොදැවී ලකුණු 55ක් රැස් කරගෙන ඉතාමත් සාර්ථක පිතිකරණයක නියැලෙයි. අනෙක් අන්තයේ සිටින සංදීප චමෝද් නොදැවී ලකුණු 23ක් රැස් කරගෙන ඔහුට ඉතාමත් හොඳින් සහයෝගය සපයයි.

ඉසිපතන විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 98 (පන්දුවාර 41.3): සංජුල ඉලංගතිලක 55, හරීන් බුද්ධිල 5/21, කවිඳු මධුරංග 2/09, රවිඳු සංජන 2/11.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – කඩුලු 2ක් දැවී ලකුණු 140 (පන්දුවාර 43): රවිඳු සංජන 55*, ලහිරු ධනංජන 51, සංදීප චමෝද් 23*.

තුන් ඉරියව් දක්ෂතා නිසා ශූරතාවය MAS සිලුඒටා කණ්ඩායමට!

ෆෙයාර් ඇන්ඩ් ලව්ලි අනුග්‍රහයෙන් පැවති අභිනව වෙළඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ B..

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය

ඊයේ පළමු දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගය කොටහේන බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී ක්‍රියාත්මක විය. දිනය නිමා වන විට මෙම තරගයේ දක්නට ලැබෙන්නේ දෙපිළටම සමබර ඉතාමත් උණුසුම් තරග රටාවකි. කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දුන් සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 122ක් පමණි. ඒ වෙනුවෙන් මොවින් සුබසිංහ කඩුලු 3ක් බිඳ හෙලද්දී සකුන්ත, උබිගුල්ලා සහ තරින්ද කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වූහ.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ වෙස්ලි විද්‍යාලය ද ලකුණු 130කට නවතාලන්නට සාන්ත බෙනඩික්ට් විද්‍යාලය දක්ෂ විය. එහි දී මහේෂ් තීක්ෂණ ලකුණු 31ට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා ප්‍රකට කළේය. චතුරංග ලක්මාල් සහ කවීශ ජයතිලක අතරේ කඩුලු ද්විත්වය බැගින් බෙදී ගියේය. කෙසේ වෙතත් දිනය නිමාවීමට මොහොතක් තිබියදී සාන්ත බෙනඩික්ට් දෙවැනි ඉනිමේ කඩුලු 2ක් බිඳ වැටීම ඔවුන්ට අද දිනයේ දී අවාසියක් වීමට ඉඩ ඇත.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 122 (පන්දුවාර 42.1): කවීශ ජයතිලක 26*, මොවින් සුබසිංහ 3/46, සකුන්ත ලියනගේ 2/12, මොහොමඩ් උබිගුල්ලා 2/16, තරින්ද බක්මීවැව 2/22.

වෙස්ලි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 130 (පන්දුවාර 36.1): හසිත් ගීසර 28, තිසුරක අක්මීමන 27, මහේෂ් තීක්ෂණ 5/31, චතුරංග ලක්මාල් 2/15, කවීෂ ජයතිලක 2/31.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (දෙවැනි ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 1 (පන්දුවාර 2)

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<