Home Sinhala David Warnerගේ ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාව පසුබසී

David Warnerගේ ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාව පසුබසී

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

325

අද (28) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 2021 ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුනා.

තරගාවලියේ තීරණාත්මක සාධකයක් වූ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායක Aaron Finch පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමඟ ක්‍රීඩා කළ සංචිතයේ එක් වෙනසක් සිදු කරමින් වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු වෙනුවට මහීෂ් තීක්ෂණ අද කණ්ඩායමට කැඳවා තිබූ අතර ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාව සමඟ ක්‍රීඩා කළ සංචිතයම මේ තරගයට නම් කර තිබුණා.

  • ශ්‍රී ලංකාව: කුසල් පෙරේරා (wk), පැතුම් නිස්සංක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (C), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර
  • ඕස්ට්‍රේලියාව: David Warner, Aaron Finch(c), Mitchell Marsh, Steven Smith, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade(w), Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood

ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු පරිදි ආරම්භ කළේ කුසල් පෙරේරා සහ පැතුම් නිශ්ශංක විසිනුයි. පෙර තරගවල දී මෙන්ම අසාර්ථක ආරම්භයක් පෙන්නුම් කරමින් පළමු කඩුල්ල ලෙස පැතුම් Pat Cumminsගේ පන්දුවකට ලකුණු 7ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 15ක් වන විටයි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඉන්පසු පිටියට එක් වූ චරිත් අසලංක පිටියට පිවිසි මොහොතේ සිට දියත් කළ ප්‍රබල ප්‍රහාරය නිසාවෙන් Powerplay පන්දුවාර 6 අවසානයේ දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 53ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

පන්දු 44ක් තුළ ගොඩනැගූ ලකුණු 63ක සම්බන්ධතාවකින් අනතුරුව අසලංක Adam Zampaගේ පන්දුවක් හමුවේ Steven Smith අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 78ක් වන විටයි.

පන්දු 27ක දී ලකුණු 35ක් ලබා ගනිමින් ඔහු ගොඩනැගූ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර හතරක් ඇතුළත්ව තිබුණා. එම කඩුල්ල සමඟින් ශ්‍රී ලංකාව පළමු පන්දුවාර 10 අවසානයේ දී කඩුලු දෙකක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 79ක්.

චරිත්ගේ දැවී යාමෙන් කෙටි වේලාවකට පසු ලකුණු 35ක් ලබා සිටි ආරම්භක පිතිකරු කුසල් දවා ගැනීමට Mitchell Starc සමත් වුනේ අලංකාර යෝකර් පන්දුවක් යොමු කරමිනුයි.

ඉන්පසු පිටියට පිවිසියේ භානුක රාජපක්ෂයි. පෙර තරගවල දී ලද පසුබෑම මෙම තරගයේ ද පෙන්නුම් කළ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 4කට Adam Zampaගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු හතරක් දැවී ලකුණු 90ක් ලෙසයි.

ඉන්පසු පිටියට එක්වූ වනිඳු හසරංග හට ද සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් Mitchell Starc ලකුණු 4ක් ලබා සිටි හසරංග පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනේ ශ්‍රී ලංකාව අසීරු අඩියකට ඇඳ දමමිනුයි.

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ තරමක පීඩනයකට ලක්ව සිටි ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු 19ක් තුළ ලකුණු 12ක් ලබා සිටිය දී දවා ගැනීමට Pat Cumminsට හැකි වුනේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 134ක් වන විටයි.

ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කරුවා වෙමින් භානුක රාජපක්ෂ පන්දු 26ක දී ලබා ගත් ලකුණු 33 නිසාවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනා.

ලකුණු 155ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියාවේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 70ක වේගවත් සම්බන්ධතාවක් පිහිටුවීමට David Warner සහ Aaron Finch සමත් වුනා.

ඕස්ට්‍රේලියානු ආරම්භ පිතිකරු David Warner ලකුණු 18ක් ලබා සිටිය දී ලබා දුන් පහසු උඩ පන්දුවක් කුසල් ජනිත් පෙරේරාගේ දුර්වල උඩපන්දු රැකීම හමුවේ ගිලිහී ගියා. ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක සහනයක් ගෙන දෙමින් ලකුණු 37ක් ලබා සිටි Aaron Finch දවා ගැනීමට වනිඳු හසරංගට හැකි වුනේ ඕස්ට්‍රේලියානු මුළු ලකුණු සංඛ්‍යාව 70ක් වන විටයි.

මීළඟ පන්දුවාරයේ දී නැවත ක්‍රියාත්මක වෙමින් ලකුණු 5ක් ලබා සිටි Glenn Maxwell ද පිටියෙන් ඉවත් කිරීමට වනිඳු හසරංගට හැකි වුනා.

උඩ පන්දුව රැක ගැනීමට නොහැකි වීමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් David Warner ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් පන්දු 42ක දී ලකුණු 65ක් රැස්කළේ තරගයේ වැඩි ගෞරවය සිය කණ්ඩායමට ලබා දෙමිනුයි.

ලකුණු 65ක් ලබා සිටි David Warner දවා ගැනීමට නායක දසුන් සමත්වූවත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.

ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ Steven Smith පන්දු 26ක දී ලකුණු 28ක් රැස් කිරීමට සමත් වූ අතර පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 22කට කඩුලු දෙකක් බිඳ හෙලුවා.

මෙම පරාජයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ හතර වැනි තැන දක්වා පසුබැසීමට ශ්‍රී ලංකාවට සිදු වුනා.

ලකුණු සාරාංශය,

  • ශ්‍රී ලංකාව: 154/6 (20) – චරිත් අසලංක 35, කුසල් පෙරේරා 35, භානුක රාජපක්ෂ 33*, Adam Zampa 2/12, Mitchell Starc 2/27
  • ඕස්ට්‍රේලියාව: 155/3 (20 – David Warner 65, Aaron Finch 37, Steven Smith 28, වනිඳු හසරංග 2/22

විස්සයි විස්ස ලෝක කුසලානයේ උණුසුම එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟ.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


Australia
155/3 (17)

Sri Lanka
154/6 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c David Warner b Pat Cummins 7 9 1 0 77.78
Kusal Perera b Mitchell Starc 35 25 2 0 140.00
Charith Asalanka c Steve Smith b Adam Zampa 35 27 4 1 129.63
Avishka Fernando c Steve Smith b Adam Zampa 4 7 0 0 57.14
Bhanuka Rajapaksa not out 33 26 4 1 126.92
Wanidu Hasaranga c Matthew Wade b Mitchell Starc 4 2 1 0 200.00
Dasun Shanaka c Matthew Wade b Pat Cummins 12 19 1 0 63.16
Chamika Karunaratne not out 9 6 1 0 150.00


Extras 15 (b 0 , lb 4 , nb 1, w 10, pen 0)
Total 154/6 (20 Overs, RR: 7.7)
Fall of Wickets 1-15 (2.3) Pathum Nissanka, 2-78 (9.4) Charith Asalanka, 3-86 (10.3) Kusal Perera, 4-90 (11.5) Avishka Fernando, 5-94 (12.2) Wanidu Hasaranga, 6-134 (17.4) Dasun Shanaka,

Bowling O M R W Econ
Mitchell Starc 4 0 27 2 6.75
Josh Hazlewood, 4 0 26 0 6.50
Pat Cummins 4 0 34 2 8.50
Glenn Maxwell 1 0 16 0 16.00
Marcus Stoinis 3 0 35 0 11.67
Adam Zampa 4 0 12 2 3.00


Batsmen R B 4s 6s SR
David Warner c Bhanuka Rajapaksa b Dasun Shanaka 65 42 10 0 154.76
Aaron Finch b Wanidu Hasaranga 37 23 5 2 160.87
Glenn Maxwell c Avishka Fernando b Wanidu Hasaranga 5 6 1 0 83.33
Steve Smith not out 28 26 1 0 107.69
Marcus Stoinis not out 16 7 2 1 228.57


Extras 4 (b 0 , lb 0 , nb 2, w 2, pen 0)
Total 155/3 (17 Overs, RR: 9.12)
Fall of Wickets 1-70 (6.5) Aaron Finch, 2-80 (8.3) Glenn Maxwell, 3-130 (14.6) David Warner,

Bowling O M R W Econ
Chamika Karunaratne 2 0 19 0 9.50
Maheesh Theekshana 4 0 27 0 6.75
Dushmantha Chameera 3 0 33 0 11.00
Lahiru Kumara 3 0 48 0 16.00
Wanidu Hasaranga 4 0 22 2 5.50
Dasun Shanaka 1 0 6 1 6.00