ශෙල්ඩන් සහ හෝප් බංග්ලාදේශය වනසා දමයි

519
AFP

බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ඊයේ (17) සමත් වූහ.

Mzansi විස්සයි විස්ස ශූරතාව ජොසි ස්ටාර්ස් කණ්ඩායමට

දකුණු අප්‍රිකාවේ Mzansi සුපර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2018 වසරේ ශූරයන් ලෙසින් අභිෂේක ලැබීමට ඩෑන් විලාස්ගේ නායකත්වයෙන් යුත් ජෝසි ස්ටාර්ස්…

සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ  දී කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්හ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට සිතූ තරම් දෙයක් කරන්නට හැකි වූයේ නැත. ඔවුන්ගේ ඉනිම ලකුණු 129කට සීමා විය.

එම ඉනිමේ දී තනි ගමනක් ගිය නායක සකිබ් අල් හසන් පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ 8 වැනි අර්ධ ශතකය වූ අතර බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව වාර්තා කරන ලද හොඳම ඉනිම ද විය.

ඔහුට අමතරව බංග්ලාදේශ ඉනිමට වැඩි දායකත්වයක් දැක්වූවේ අරිෆුල් හක් ය. ඔහු පන්දු 18ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ලබා ගත්තේ ය. මහමුදුල්ලා ද ලකුණු 12ක් ලබා ගත්තේ ය. අනෙක් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට කොදෙව් පන්දු යවන්නෝ ඉඩ දුන්නේ නැත.

බංග්ලාදේශ ඉනිම පාලනය කිරීමේ දී වමතින් වේගපන්දු යැවූ ශෙල්ඩන් කොට්රෙල් ලකුණු 28කට කඩුලු 4ක් දවා ගත්තේ ය. එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හොඳම පන්දු යැවීම ලෙසින් ද වාර්තා පොත් අතරට එක්විය. මීට පෙර ඔහුගේ දක්ෂතාව වී තිබුණේ 2014 වසරේ දී නවසීලන්තයට එරෙහිව ලකුණු 28කට ලබා තිබූ කඩුලු 3යි. ඔහුගේ මේ තරගයේ දක්ෂතාවට තරගයේ වීරයා සම්මානය ද හිමි විය.

ලේතම්ගේ නොදැවුණු ශතකයෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම අභිබවා යයි

ඊයේ (15) දිනයේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා නවසීලන්ත ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද (16) දෙවන දිනය සඳහාත් ක්‍රියාත්මක වූ අතර තරගයේ දෙවන දිනය…

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ඉතාම පහසුවෙන් බංග්ලාදේශ ඉලක්කය පසු කළේ තවත් පන්දු 55ක් සහ කඩුලු 8ක් ද ඉතිරිව තිබිය දී ය. එම ඉනිම වෙනුවෙන් ශායි හෝප් පන්දු 23කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේ ය. ඔහු තම අර්ධ ශතකය පන්දු 16ක දී ලබා ගනිමින් විස්සයි විස්ස තරග පිටියේ තෙවැනියට වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.

එම ලැයිස්තුවේ පළමු ස්ථානය යුවරාජ් සිං (පන්දු 12) ට හිමි වෙන අතර දෙවැනි ස්ථානය කොලින් මුන්රෝ (පන්දු 14)ට හිමි වේ.

ශායි හෝප් සහ ආරම්භක පිතිකරු එවින් ලිවිස් (18) අතර පළමු කඩුල්ලට ලකුණු 51ක සබඳතාවක් ද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් නිකොලස් පූරාන් එක්ව ලකුණු 47ක සබඳතාවක් ද ගොඩ නැගීම සමත් වීම කැපී පෙණුනි.

තරගය කොදෙව්වෝ ජයග්‍රහණයෙන් අවසන් කරද්දී නිකොලස් පූරාන් පන්දු 17ක දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ද සහ කීමෝ පෝල් පන්දු 14ක දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ද ලබා සිටිය හ.

බංග්ලාදේශය; සියලුම දෙනා දැවී 129 (19) සකීබ් අල් හසන් 61, අරිෆුල් හක් 17, ශෙල්ඩන් කොට්රෙල් 4/28, කීමෝ පෝල් 2/23

බටහිර ඉන්දීය කොදෙව්; කඩුලු 2ක් දැවී 130 (10.5) ශායි හෝප් 55, නිකොලස් පූරාන් නොදැවී 23, කීමෝ පෝල් නොදැවී 28

දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ මස 20 වැනිදා ඩකා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<