ක්‍රීඩාංගණ ලෑස්තියි! ඉන්දියාවෙන් ලංකාවට පණිවිඩයක්

1411
Grounds are reserved for the Sri Lanka's tour of India 2017 - news article

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට අවාසිදායක අයුරින් පවතින මේ මොහොත වන විටත් ශ්‍රී ලංකාවට තවත් අභියෝගයක් ලබාදීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් වෙයි.

එළඹෙන නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ශ්‍රී ලංකා පිල ඉන්දියාව බලා පිටත්වන්නේ ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 3ක්, සහ විස්සයි-විස්ස තරග 3කින් යුත් දීර්ඝ සංචාරයකට සහභාගී වීමටයි. ඊට ක්‍රීඩාංගණ වෙන්කිරීම ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සිදුකොට ඇතැයි වාර්තා වේ. මෙම තීරණය ගෙන ඇත්තේ කල්කටා නුවර පැවති හමුවකදීයි.

තණතිල්ලේ දුර්වල ස්වභාවය නිසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් තහනමකට ලක්වූ නාග්පූර් ක්‍රීඩාංගණයට නැවත පණදීමද ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී සිදුවන අතර 2017 ඉන්දියානු තරගවාරය අවසන් කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව තරග වැදීම සඳහා ඉන්දියානු ක්‍රීඩාංගණ වෙන්වී ඇත්තේ පහත පරිදියි.

පළමු ටෙස්ට් තරගය – කල්කටා හිදී

දෙවන ටෙස්ට් තරගය – නාග්පූර් හිදී

තෙවන ටෙස්ට් තරගය – දිල්ලි හිදී

පළමු එක්දින තරගය – ධරම්සාලා හිදී

දෙවන එක්දින තරගය – මොහාලි හිදී

තෙවන එක්දින තරගය – විශාකාපට්නම් හිදී

පළමු විස්සයි-විස්ස තරගය – කෝචි හිදී

දෙවන විස්සයි-විස්ස තරගය – ඉන්දුරේ හිදී

තෙවන විස්සයි-විස්ස තරගය – මුම්බායි හිදී

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට