Home Sinhala වසර 7කට පසුව මෙරට දී ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරයි

වසර 7කට පසුව මෙරට දී ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරයි

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021 

872

කොළ පැහැති තණකොළ සහිත තණතීරුවක් මත පිතිකරුවන්ගේ දස්කම් කැපී පෙනුණු තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (25) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමා වුනා.  

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් තරගයේ වැඩි ගෞරවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ඒ අනුව 2014 වසරේ සිට මේ දක්වා (ටෙස්ට් තරග 28ක්) ශ්‍රී ලංකාවේ දී පැවති ටෙස්ට් තරග සියල්ලම ප්‍රතිඵලයකින් අවසන් වූ තරග වුවත් අද තරගයත් සමඟින් එම රැල්ල නිමා වුනා.

තරගයේ පස්වැනි දිනය සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනා අවතීර්ණ වූයේ ඉතාමත් ඉහළ මානසිකත්වයකින් වන අතර තරගයේ සිව්වැනි දිනය පුරාවට දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් පිතිකරණයේ නිරත වුනා.

ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 345ක සබඳතාවයක් ගොඩනැංවූ අතර පන්දු 553ක් පුරාවට ගොඩනැංවුණු එම ඉනිම අවසන් වූයේ ධනංජය ද සිල්වාගේ දැවී යාමත් සමඟයි.

ධනංජය 4 පහර 22ක් කරමින් ලකුණු 166ක් ලබාගෙන සිටිය දී දැවී ගියේ Taskin Ahmedගේ පන්දුවක් හමුවේයි. නායකත්වයේ ඉනිමක් දියත් කළ දිමුත් කරුණාරත්න 4 පහර 26ක් සමඟින් අවාසනාවන්ත ලෙස ලකුණු 244කට දැවී ගියේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 5000 සීමාවට තවත් ලකුණු 8ක් පසුපසින් සිටිමිනි.

තවත් ක්‍රිකට් පුවත්: 

පසුව ශ්‍රී ලංකා මැදපෙළ සවිමත් කළ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල පිළිවෙළින් ලකුණු 43ක් සහ ලකුණු 31ක් ලබාගෙන ශ්‍රී ලංකා ලකුණු සටහන සවිමත් කරමින් පළමු ඉනිමේ වාසිය තවදුරටත් ශ්‍රී ලංකාව දෙසට යොමු කළා.

තරගය දිවා ආහාරය සඳහා නවතා දමන විට ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 648ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල මට්ටමක පසුවුනු අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි සුරංග ලක්මාල් ලකුණු 22*ක් ලබාගෙන තිබුණා. දිවා ආහාරයට අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවා බංග්ලාදේශයට නැවතත් පන්දුවට පහර දීමට ආරාධනා කර සිටියා.

Taskin Ahmed අද දිනයේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙමින් ශ්‍රී ලංකා කඩුලු 3ක් දවා ගත් අතර Taijul Islam කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 107ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පස්වැනි දිනයේ දිවා ආහාරයට පසුව සිය පිළිතුරු දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු 2ක ලකුණු 27ක් තුල දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වුනා.

අනතුරුව පිටියට පැමිණි නායක Mominul Haque සමඟින් පිටියේ එක්වූ Tamim Iqbal තුන්වැනි කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 73*ක සබඳතාවයක් ගොඩනංවමින් බංග්ලාදේශ දෙවැනි ඉනිමේ ලකුණු සටහන සවිමත් කළා.

තරගයේ අවසන් දිනයේ තේ පානය සඳහා නවතා දමන විට බංග්ලාදේශය කඩුලු 2ක් දැවී ලකුණු 100ක් ලබාගෙන සිටි අතර Tamim Iqbal සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 30 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගනිමින් 4 පහර 10ක් සහ 6 පහර තුනක් සමඟින් නොදැවී ලකුණු 73*ක් ලබාගෙන සිටියා. Mominul Haque ලකුණු 23*යි.

එසේම  Tamim Iqbal දවා ගැනීමට අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලැබුණු අතර එය forward short leg කලාපයේ පන්දු රකිමින් සිටි ඕෂද ප්‍රනාන්දුගේ වම් පාදයේ ඉදිරි කොටසේ වැදී ඉහළ ගිය අවස්ථාවේ දී නිරෝෂන් දික්වැල්ල විසින් රැක ගත් නමුත් එය තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමට පිටියේ විනිසුරුවරුන් හට සිදු වුනා.

එහි දී ඔවුන්ගේ මතය වූයේ එය දැවී යාමක් බවට වුවත් පුනරූපන නැවත නැවත පරීක්ෂා කිරීමේ දී එය පොළව මට්ටමේ ගෑවී නොගැවී යන බවක් පෙනුණු නමුත් තෙවැනි විනිසුරු ලෙස කටයුතු කළ රවීන්ද්‍ර විමලසිරි එය නොදැවී යාමක් ලෙස සටහන් කිරීම දිනයේ සිදුවුණු විශේෂ සහ අවධානය දිනා ගත් අවස්ථාවක් බවට පත් වුනා.

පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නිසාවෙන් ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන සඳහා ලකුණු 20 බැගින් දෙපිලටම හිමි වුනා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ලකුණු ප්‍රමාණය ලකුණු 140ක් දක්වා ඉහල යද්දී බංග්ලාදේශය සිය පළමු ප්‍රසාද ලකුණු 20 ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ වීරයා – දිමුත් කරුණාරත්න (ශ්‍රී ලංකාව)

දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 29 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වෙන අතර තරගාවලියේ  සියලු තරග තොරතුරු JAT සහ NDB අනුග්‍රහය ඇතිව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once