Hayleys අපරාජිතව ඉදිරියට යද්දී John Keells පළමු ජයග්‍රහණයට

28 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලිය 2021

264
සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන 28වන වෙළඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ (22) නිමා වුනු අතර එහිදී Hayleys සහ John Keells යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා.

Hayleys මුල්පෙළ පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු පන්දු 99ක් තුල 4 පහර 4ක් සහ එක් 6 පහරක් සමඟින් ලකුණු 74ක් ලබා ගන්නට සමත් වුනා. Hayleys වේගපන්දු යවන ක්‍රීඩක කලන පෙරේරා සහ කවිෂ්ක අංජුල අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා. 

එම දස්කම් හමුවේ CDB පිතිකරුවන් දැඩි පීඩනයකට හසුවුණු අතර ඒ නිසාවෙන් ඔවුන්ගේ ඉනිම ලකුණු 149කට සීමා කිරීමට Hayleysට හැකි වුනා. 

ඒ නිසාවෙන් තරගාවලිය තුල තවදුරටත් අපරාජිතව සිටීමට Hayleys සමත් වූයේ ඔවුන් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමිනි.

CDB Finance වෙනුවෙන් සටන්කාමී පිතිකරණයක නිරත වුනු දමිත සිල්වා ලකුණු 42යි. CDB වෙනුවෙන් දඟපන්දු යවන ක්‍රීඩක තරිඳු රත්නායක කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීමේ දස්කම පෙන්නුම් කළා.

තවත් ක්‍රිකට් පුවත්

ඊට අමතරව පැවති අනෙක් තරගයේ දී ලහිරු මිලන්ත සහ කවීන් බණ්ඩාර John Keells වෙනුවෙන් අර්ධ ශතක ලබා ගත් අතර Hatton National Bank වෙනුවෙන් ඩිල්ශාන් මුණවීර අගනා අර්ධ ශතකයක් (47) වාර්තා කළා. 

පන්දු 36ක දී වාර්තා වුනු එම ඉනිමට අමතරව යොවුන් ක්‍රීඩක චමිඳු විජේසිංහ වේගවත් ලකුණු 45ක් ලබා ගනිමින් තරගයේ උණුසුම දෙගුණ තෙගුණ කළේ John Keells කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමිනි. නමුත්, John Keells එම පීඩනය සාර්ථක ලෙස කළමනාකරණය කරගනිමින් තරගාවලිය තුල ලබා ගත් පළමු ජය තහවුරු කරගත්තා.

LPL තරගාවලිය සහ T10 තරගාවලිය හරහා වැඩි අවධානයක් දිනා ගත් ධනංජය ලක්ෂාන්  John Keells ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා දුන්නා. එහි දී ඔහු පිතිකරණයෙන් ලබා ගත් ලකුණු 21ට අමතරව පන්දු යැවීමෙන් ලකුණු 51කට කඩුලු 4ක් දවා ගත්තා.

Hayleys සහ CDB Finance PLC

එස්. එස්. සී පිටියේ දී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් Hayleys නායක අවිශ්ක ප්‍රනාන්දු පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළා.

Hayleys – 245 (50): නුවනිඳු ප්‍රනාන්දු 74, විශාද් රන්දික 44, දිල්රුවන් පෙරේරා 27, කිතුරුවන් විතානගේ 26, තරිඳු රත්නායක  5/50, ලහිරු මදුසංක 2/35

CDB Finance PLC – 149 (36): දමිත සිල්වා 42, තරිඳු රත්නායක 27, කලන පෙරේරා 3/23, කවිෂ්ක අංජුල 3/27.

Hayleysට ලකුණු 96ක ජයක්

John Keells සහ Hatton National Bank

පී. සරා ඕවල් පිටියේ දී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් Hatton National Bank පළමුව පන්දු යැවීමට තීරණය කළා.

John Keells – 270/8 (50): ලහිරු මිලන්ත 59, කවීන් බණ්ඩාර 56, ඉශාන් ජයරත්න 47, සචිත ජයතිලක 28, ධනංජය ලක්ෂාන් 21, මාධව වර්ණපුර 2/28, නවීන් ගුණවර්ධන 2/56.

Hatton National Bank – 261 (49.1): ඩිල්ශාන් මුණවීර 47, චමිඳු විජේසිංහ 45, සඳුන් වීරක්කොඩි 38, දේශාන් ඩයස් 38, මාධව වර්ණපුර 27, ධනංජය ලක්ෂාන් 4/51, සචින්ත පීරිස් 3/55.

John Keellsට ලකුණු 9ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<