අපිට රන් පදක්කම් 50කට යන්න අවස්ථාව තිබ්බා – ධම්මික මුතුගල

95

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ ජයග්‍රහණයන්, නැවත ගොඩනැගීම් සහ ඉදිරි ඉලක්ක පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද (24) ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍ර සිල්වා මහතාගේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

භාණ්ඩාගාර පෙට්ටගම අරින සාග් ජයග්‍රාහකයෝ

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 40 ක්, රිදී පදක්කම් 83 ක් සහ ලෝකඩ පදක්කම්….

ශ්‍රී ලංකාව SAG සඳහා සහභාගී වූ ආකාරය සහ එහි දී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ අභියෝග ඇතුළු කරුණු ගැන මෙම මාධ්‍ය හමුවේ දී අදහස් පළවූ අතර දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියටත් පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කළ ආකාරය ගැනත් එහි දී අදහස් පළවිය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය සඳහා සූදානම් කිරීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයෙන් සංවිධානය කර තිබුණු වැඩමුළුවක් පිළිබඳව වීඩියෝ පටයක් ද මෙම මාධ්‍ය හමුවේ දී විකාශය කෙරිණි.

එසේම මෙම මාධ්‍ය හමුවට දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකා මෙහෙයුම් කාර්යාල ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරි කර්නල් කේ. ජේ. එන්. එම්. පී. කේ නවරතන, ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකා සුසන්තිකා ජයසිංහ සහ ජාතික තේරීම් කමිටු ලේකම් ආර්. ඒ. කුලරත්න යන මහත්ම මහත්මීන් සහභාගී විය.

එසේම මෙම තරගාවලියෙන් පසු ඉදිරි අනාගතයේ දී ක්‍රීඩාවේ තත්වය සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තත්වය ගැන ද සලකා බලමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දියත් කරන බව ද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා මාධ්‍ය අමතමින් අදහස් දැක්විය.

නේපාලයේ අභියෝගය ගැන බලධාරීන් කතා කරයි

ශ්‍රී ලංකා ක්‍රීඩාවේ ඉදිරි කටයුතු සහ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ දී මුහුණ දීමට සිදු වූ අභියෝගයන්….

දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාව ලබා ගත් රන් පදක්කම් ගැන ඔහු අදහස් දැක්වූයේ මෙසේයි.

“මේ ලබා ගත්ත පදක්කම් 40 නෙමෙයි, අපේ ඉලක්කය තිබුණේ රන් පදක්කම් 35යි. ඇත්තටම අපට රන් පදක්කම් 50කට යාමට අවස්ථාව තිබුණා”

එසේම නේපාලයේ දී රෝගාතුර වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රතිකාරවලට සහාය දුන් සියලු වෛද්‍යවරුන්ට ස්තූති කිරීමට ඔහු අමතක කළේ නැත.

ශ්‍රී ලංකාව මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ දී ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම පදක්කම් ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්නට සමත් විය. එයට රන් පදක්කම් 41ක්, රිදී පදක්කම් 83ක් සහ ලෝකඩ පදක්කම් 127ක් ඇතුළත් විය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<