ආනන්ද විද්‍යාලයට හා රිච්මන්ඩ් විද්‍යාලයට වැඩි වාසි

138

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් ඊයේ (2) නිමාව දිටීය. එම තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වුවත් ආනන්ද විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිමේ ජය තහවුරු කර ගැනීමට සමත් විය.

BRC පරාජය කළ නාවික හමුදාවට දැවැන්ත ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Major Club Emerging League ක්‍රිකට් තරගාවලියේ මූලික…..

කොළඹ ආනන්ද විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගය කොළඹ ආනන්ද විදුහල් පිටියේ දී නිමා විය. කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 281ට පිළිතුරු ලෙස සාන්ත ජෝසප් වාස් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 167ක් ලබා ගන්නා ලදි.

මෙම තරගයේ පළමු දිනය නිමා වන විට තම පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 70ක් ලබා සිටිය හ. කවිඳු මදුරංග ලබා ගත් අගනා ලකුණු 60 නිසාවෙන් සාන්ත ජෝසප් වාස් පළමු ඉනිම එවැනි මට්ටමකට හෝ ඔසවා ගැනීමට ඔවුන්ට හැකි විය. 

පන්දු යැවීමේ දී ඉසුරු අයේෂ් කඩුලු 3ක් දවා ගන්න විට මහෝෂධ ප්‍රනාන්දු  හා දසුන් තාරුක අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය. 

සාන්ත ජෝසප් වාස් පළමු ඉනිම අවසානයේ ලකුණු 114ක වාසියක් හිමිකරගෙන සිටි ආනන්ද විද්‍යාලය ලකුණු 114ක් තුල සාන්ත ජෝසප් වාස් දෙවන ඉනිම ද අවසන් කරමින් තරගයෙන් ඉනිමක ජයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව නැවතත් පන්දු රැකීමට තීරණය කරන ලදි. 

නමුත් අචින්ත ප්‍රනාන්දු හා චමත් ප්‍රනාන්දු දියත් කළ පිතිකරණය නිසාවෙන් ඔවුන්ගේ එම බලාපොරොත්තු සුන්ව ගියේ තරගයේ නියමිත කාලය අවසන් වූ නිසයි. ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කර සිටි සාන්ත ජෝසප් වාස් විද්‍යාලය  කඩුලු 7ක් දැවී ලකුණු 180ක් ලබාගෙන සිටියේය. ආනන්ද විද්‍යාලයේ මහෝෂධ තරගය පුරාවට කඩුලු 7ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.  

ආනන්ද විද්‍යාලය  – 281/9d (62): කනිෂ්ක රන්තිලකගේ 97, ජනිඳු ජයවර්ධන 62, සොනර කරුණාතුංග  49, දසුන් තාරුක 23*, සොහාන් ශෙනිල් 6/88. 

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 167 (51.4): කවිඳු මදුරංග 60, චමත් ප්‍රනාන්දු 23, ඉසුරු අයේෂ් 3/18, මහෝෂධ ප්‍රනාන්දු 2/22, දසුන් තාරුක 2/59 හා (F/O) 180/7 (50): අචින්ත ප්‍රනාන්දු 51*, චමත් ප්‍රනාන්දු 35, කෞශාන් විජේරත්න 22*, දිනෙත් ප්‍රනාන්දු 21, ඩිහාන් පතිරණ 20, මහෝෂධ ප්‍රනාන්දු 5/29     

අයන සිරිවර්ධනගේ උත්සාහය අපතේ යයි

ලෝක උසස් අධ්‍යාපන ආයතන අතරේ වාර්ෂිකව පැවැත්වෙන Red Bull Campus Cricket විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ…..

රාජකීය විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම සුහද තරගයේ දී සංචාරක රාජකීය ක්‍රීඩකයෝ නොසිතූ ලෙස පළමු ඉනිම තුල අසාර්ථක වූ නිසා රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිමේ වැඩි වාසිය දිනා ගන්නා ලදි.  

කාසියේ වාසිය දිනා ගත් රාජකීයයන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසි අතර එහි දී කඩුලු 9ක් දැවී ලකුණු 87ක් ලබා සිටිය දී ඉනිම අත්හිටු වීමට තීරණය කළ හ. රාජකීය ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී සුගිත් නිම්නද ලකුණු 33කට කඩුලු 5ක් දවා ගත්තේය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක රිච්මන්ඩ් විද්‍යාලය තරගයේ දෙවන දිනය වූ අද දිනය ආරම්භ වන විට කඩුලු 3ක් දැවී ලකුණු 64ක් ලබා සිටිය හ. අවසානයේ ඔවුන්ගේ ඉතිරි කඩුලු 7 තවත් ලකුණු 56ක් තුල බිඳ දැමූ දකුණතින් මද වේගපන්දු යවන ලහිරු මදුසංක ඇතුළු රාජකීය විද්‍යාලය නැවතත් සාර්ථක ලෙස තරගයට අවතීර්ණ විය. 

එහි දී රිච්මන්ඩ් ඉනිමේ අඩකට ආසන්න ලකුණු ප්‍රමාණයක් සඳහා වගකියනු ලැබූ අචින්ත ඉසිවර ලකුණු 50ක් වාර්තා කරගත්තේය. පන්දු යැවීමේ දී මදුසංක ලකුණු 18කට කඩුලු 5ක් දවා ගන්නා ලදි.

රාජකීය විද්‍යාල පිතිකරුවන් මේ තරගයේ දෙවන ඉනිම තුල නැවතත් ඔවුන්ගේ සුපුරුදු රිද්මය සඳහා පිවිසි අතර එහි දී ඔවුන්ගේ කඩුලු රකින වමත් පිතිකරු කමිල් මිශාර (ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල ක්‍රීඩක) අගනා ශතකයක් ලබා ගනිමින් දස්කම් දක්වන ලදි. 

වෝනර් වීරයා කරමින් ඕස්ට්‍රේලියානු සංචාරය අවසන් වෙයි!

ඕස්ට්‍රේලියාවේ වාසය කරන ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකගේ සහයෝගය මධ්‍යයේ මෙල්බර්න් හිදී…..

ඔහුට සහය වූ තවත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න්  පහළ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන අහන් වික්‍රමසිංහ ලකුණු 45ක් ලබා ගනිමින් රාජකීයයන්ගේ අභිමානය බේරා ගැනීමට සමත් විය. 

අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 199ක් ලබා සිටි රාජකීය විද්‍යාලය සිය ඉනිම අත්හිටු වීමට තීරණය කළේ රිච්මන්ඩ් විද්‍යාලය සඳහා ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිකර දෙමිනි. කෙසේ නමුත් ඒ වන විට තිබූ අයහපත් ආලෝක තත්වය නිසාවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කළේය. ඉශාන් චාමික ලකුණු 17කට කඩුලු 4යි.

රාජකීය විද්‍යාලය – 87/9d (39.4): කමිල් මිශාර 22, තෙවිඳු සේනාරත්න 22, සුගිත් නිම්නද 5/33, තරිඳු නිර්මාල් 2/03, කවිඳු නිර්මාණ 2/16 සහ 199/7d (65.3): කමිල් මිශාර 108, අහන් වික්‍රමසිංහ 45, සදීෂ රාජපක්ෂ 34, ඉශාන් චාමික 4/17 

රිච්මන්ඩ් විද්‍යාලය  – 120 (56.2): අචින්ත ඉසිවර 50, දිමුත් සඳරුවන් 23, චමත් දිල්සර 23, ලහිරු මදුසංක 5/18, මනුල පෙරේරා 2/16. ගිශාන් බාලසූරිය 2/16.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<