අලුත් මුහුණුවරකින් එන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය

77

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා මීළඟ වසරේ සිට ඉන්දීය ක්‍රීඩකයන් ඇතුළත් කරගැනීමට සූදානමින් සිටින බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පසුගිය දා පවසා සිටියා. 

බංග්ලාදේශ ක්‍රිකට් අනාගතය වඩාත් ශක්තිමත් හා එරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයන මුදල් ප්‍රමාණය වැඩි කරගැනීම සඳහා මෙම තීරණය ගත් බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පැවසීය. 

රාම්ප්‍රකාශ් බෑ කියයි; ශ්‍රී ලංකා ක්‍රිකට් ආතර්ගේ පිහිට පතයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධුරයට දකුණු අප්‍රිකානු ජාතික…

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (BPL) 2011 වසරේ ආරම්භ වූ අතර එය පූර්ණ ලෙස එරට ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය වන තරගාවලියකි. ඔවුන් මීළඟ තරගාවලිය සඳහා සම්බන්ධ කර ගැනීමට අපේක්ෂිත ක්‍රීඩක ලැයිස්තුව නුදුරේ දී ම නිකුත් කිරීමට නියමිතය. 

“අපි යෝජනා කළා මේ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රීඩකයන් ගෙන්වන්න. ඒ එරට ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගත වෙලා නැති ක්‍රීඩකයන්. නීතිය අනුව ඔවුන්ට ක්‍රීඩා කරන්න පුළුවන්.” බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් ඩකා හි පුවත්පතකට පවසා ඇත. 

“මට සනාථ කරන්න බෑ ඔවුන් මේ වසරේ BPL සඳහා ක්‍රීඩා කරාවි ද කියලා. ඒත් අපි ඔවුන්ව අනාගතයේ දී සම්බන්ධ කරගන්නවා. මේ වසරේ තරගාවලිය සඳහාත් ඔවුන් සම්බන්ධ කරගැනීමට අපේ උපරිම උත්සාහය දරනවා.”

මෙම වසරේ දී අපේක්ෂිත ක්‍රීඩක ලැයිස්තුව සඳහා හිටපු ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව ජයග්‍රහණය කළ කණ්ඩායමේ මන්වින්දර් බිස්ලා, වේගපන්දු ‍යවන ක්‍රීඩක මන්ප්‍රීත් ගෝනි හා රාජස්ථාන් ‍රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළ කුමාර් බොරේසා ඇතුළත් කර ඇත. එයට අමතරව විදෙස් ක්‍රීඩකයන් 439 දෙනෙකු ද එම ලැයිස්තුව සඳහා නම් කර ඇත. 

ඉන්දීය ක්‍රිකට් නීතිරීති වලට අනුව එරට ක්‍රිකට් ආයතනය සමඟින් ගිවිසුම්ගත ක්‍රීඩකයෙකුට වෙනත් රටක විස්සයි විස්ස තරගාවලියක් සඳහා සහභාගි වීමට අවසර හිමි නොවන අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා පමණක් අවසර හිමි වේ. 

මෙම වසරේ කැනඩාවේ පැවති ග්ලෝබල් විස්සයි විස්ස තරගාවලිය සඳහා මන්ප්‍රීත් ගෝනි හා ඉන්දියාව වෙනුවෙන් ලෝක කුසලානය දිනා ගත් කණ්ඩායමේ යුවරාජ් සිං හට සහභාගි වීම සඳහා විශේෂ අවසරයක් හිමිව තිබිණි. 

අගර්වාල්ගේ පිත්ත ඉදිරියේ බංගලියෝ හිස නමති

ලෝක ටෙස්ට් ශූරතාවයේ තරගාවලියක් වශයෙන් සංචාරක බංග්ලාදේශ හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම්…

එළඹෙන තරග වාරය සඳහා වන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල සැලැස්ම එළඹෙන සතියේ නිකුත් කිරීමට නියමිතය. තරගාවලිය සඳහා නම් කළ විදෙස් ක්‍රීඩකයන් අතර එංගලන්ත ක්‍රීඩකයන් 95 දෙනෙකු, පාකිස්තාන ක්‍රීඩකයන් 89 දෙනෙකු හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 44 දෙනෙකු නම් කර ඇත. 

පසුගිය බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර මුදලට තරග පාවා දීම් කීපයක් වාර්තා වූ අතර විදෙස් ක්‍රීඩකයන්ට නියමිත ගෙවීම් පැහැර හැරීම් කීපයක් ද වාර්තා විය. 

කෙසේ වෙතත් මෙම තරගා බංගබන්ධු බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය නමින් නම් කිරීමට සංවිධායකයන් තීරණය කර ඇති අතර එය එළඹෙන දෙසැම්බර් මස 11 වැනිදා ආරම්භ වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<