Home Sinhala පැතුම්ගේ 85ත් සමඟ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක්

පැතුම්ගේ 85ත් සමඟ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක්

120
Bangladesh A tour of Sri Lanka A 2019

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ දෙවන නිල නොවන ටෙස්ට් තරගයේ පළමු දිනය අද (04) නිමාවට පත්විය. 

සිංහයින්ට එරෙහි විස්සයි විස්ස සංචිතයට පරණ මුහුණු තුනක්

ශ්‍රී ලංකාවට එරෙහිව එළඹෙන ඔක්තෝබර් 5 වැනිදා සිට 9 වැනිදා දක්වා

තරගයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකාව අද දිනය නිමා වන විට පන්දුවාර 74ක් අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 223ක් ලබා සිටියේය. 

ශ්‍රී ලංකා පළමු ඉනිම ඇරඹීමට පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සහ සංගීත් කුරේ යුගලයයි. ඔවුන් දෙදෙනා අතර පැවැත්වීමට ලැබුණේ ලකුණු 32ක සබඳතාවයක් පමණක් වන අතර අසාර්ථක ආරම්භයක් ලබා ගත් සංගීත් ලකුණු 17කට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසිනි. මෙහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ නජ්මුල් හොසේන්ට උඩපන්දුවක් ලබා දී ඔහු දැවී ගියේය. 

අනතුරුව අංක 3 පිතිකරුවා වූ පළමු තරගයේ සුවිශේෂී දස්කම් දැක්වූ කමිඳු මෙන්ඩිස් පිටියට එක් විය. පසුව පැතුම්-කමිඳු දෙදෙනා එක්ව පන්දු හොඳින් තෝරා බේරා ගනිමින් කෙමෙන් කෙමෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ ශ්‍රී ලංකාව යළිත් තරගයට අවතීර්ණ කරමිනි.

ඉනිම ආරම්භයේ දී පිටියේ තැන්පත් වෙමින් ලකුණු රැස් කළ ඔවුන් දෙදෙනා පසුව පිටිය සිසාරා පන්දුවට බැට දුන්නේ බංග්ලාදේශ පන්දු යවන්නන්ව තුට්ටුවකටවත් මායිම් නොකරමිනි. නැවතත් තම සුපුරුදු රිද්මයට අනුගත වූ කමිඳු මෙන්ඩිස් මෙහි දී ලකුණු 62ක් ලබා ගත් අතර මුළු ලකුණු සංඛ්‍යාව 153ක් වන විට ඔහු ලකුණු 62කට දැවී ගියේ මෙහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ නුරුල් හසන්ට උඩපන්දුවක් ලබා දෙමිනි. ඔහුගේ ඉනිම හතරේ පහරවල් 8කින් සහ එක් හයේ පහරකින් සමන්විත විය.  

නව නායකත්වයක් සහිත තරුණයෝ ලොක්කන් මුණගැසෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ පසුව පාකිස්තානු

මෙහි දී පැතුම්-කමිඳු යුගලය එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 121ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැගුවේ බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ තරගයේ අණසක පතුරවමිනි.

ඉන්පසුව පිටියට පිවිසියේ නායක අශාන් ප්‍රියන්ජන් ය. අශාන්-පැතුම් යුගලය එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 188 දක්වා රැගෙන ගිය අතර අනතුරුව ලකුණු 85ක් ලබා ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වූ පැතුම් දැවී ගියේය. ඔහුගේ ඉනිම හතරේ පහරවල් 11කින් සමන්විත විය. කලකට පසු යලිත් ලකුණු අතරට පිවිසි පැතුම්ගේ මෙම විශිෂ්ට ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් අස්වැසිල්ලක් බවට පත්විය.

එහෙත් ඉන් පසුව සාර්ථක සබඳතාවයක් අද දින තුළ පැවැත්වීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට නොහැකි වූයේ මුළු ලකුණු සංඛ්‍යාව 217 දී ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ලකුණු 28ක් ලබා සිටි නායක ප්‍රියන්ජනුත්, 221 දී යන්තම් ලකුණු 4ක් ලබා සිටි ප්‍රියමාල් පෙරේරාත් එක ආසන්නයේම දැවී යාම හේතුවෙනි.

ආසියානු නැගී එන කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය

පළමු වතාවට පැවැත්වීමට නියමිත 2019 ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා

කෙසේ වෙතත් අයහපත් කාලගුණය හේතුවෙන් අද දිනය පන්දුවාර 74කට සීමා කිරීමට සිදු වූ අතර දිනය අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි චරිත් අසලංක සහ ලහිරු උදාර පිළිවෙලින් ලකුණු 17ක් සහ 2ක් ලබා සිටියේය.

 ඒ අනුව දෙවන දිනයට අද දින තරගය නතර කරන විට ශ්‍රී ලංකාව පන්දුවාර 74ක දී කඩුලු 5ක් දැවී ලකුණු 223ක් ලබා සිටියේය.

පන්දු යැවීමේ දී මෙහෙදි හසන් කඩුලු තුනක් හා එබඩොට් හොසේන් කඩුලු දෙකක් දවාලනු ලැබීය. තරගයේ දෙවන දිනය හෙටයි (05).

Result

Match drawn

Sri Lanka A Team
268/10 (90.2) & 357/2 (107)

Bangladesh A
330/10 (83.1)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Mehidy Hasan 85 166 11 0 51.20
Sangeeth Cooray c Najmul Hossain b Mehidy Hasan 17 32 2 0 53.12
Kamindu Mendis c Nurul Hasan b Mehidy Hasan 62 121 8 1 51.24
Ashan Priyanjan c Nurul Hasan b Ebadat Hossain 28 48 4 0 58.33
Charith Asalanka c Mominul Haque b Salauddin Sakil 44 100 8 0 44.00
Priyamal Perera c Mohammad Mithun b Ebadat Hossain 4 15 0 0 26.67
Lahiru Udara c Nurul Hasan b Mehidy Hasan 20 50 2 0 40.00
Nishan Peiris lbw b Mehidy Hasan 0 2 0 0 0.00
Prabath Jayasuriya c Rishad Hossain b Mehidy Hasan 0 5 0 0 0.00
Mohamed Shiraz c Mominul Haque b Mehidy Hasan 0 2 0 0 0.00
Asitha Fernando not out 0 2 0 0 0.00


Extras 8 (b 0 , lb 6 , nb 1, w 1, pen 0)
Total 268/10 (90.2 Overs, RR: 2.97)
Fall of Wickets 1-32 (13.4) Sangeeth Cooray, 2-153 (47.4) Kamindu Mendis, 3-188 (57.3) Pathum Nissanka, 4-217 (66.5) Ashan Priyanjan, 5-221 (70.3) Priyamal Perera, 6-264 (87.1) Lahiru Udara, 7-264 (87.3) Nishan Peiris, 8-268 (89.2) Prabath Jayasuriya, 9-268 (89.4) Mohamed Shiraz, 10-268 (90.2) Charith Asalanka,

Bowling O M R W Econ
Ebadat Hossain 23 7 62 2 2.70
Salauddin Sakil 17.2 2 60 1 3.49
Mehidy Hasan 37 14 84 7 2.27
Rishad Hossain 13 0 56 0 4.31
Batsmen R B 4s 6s SR
Jahurul Islam b Mohamed Shiraz 1 4 0 0 25.00
Shadman Islam c Sangeeth Cooray b Prabath Jayasuriya 77 104 8 1 74.04
Najmul Hossain c Lahiru Udara b Mohamed Shiraz 9 17 2 0 52.94
Mominul Haque c Lahiru Udara b Mohamed Shiraz 117 190 15 1 61.58
Mohammad Mithun c Lahiru Udara b Asitha Fernando 21 36 2 0 58.33
Anamul Haque c Lahiru Udara b Prabath Jayasuriya 8 17 1 0 47.06
Nurul Hasan c Lahiru Udara b Asitha Fernando 36 31 3 2 116.13
Mehidy Hasan not out 38 61 3 1 62.30
Rishad Hossain c Lahiru Udara b Mohamed Shiraz 7 34 0 0 20.59
Salauddin Sakil c Sangeeth Cooray b Prabath Jayasuriya 4 5 1 0 80.00
Ebadat Hossain b Mohamed Shiraz 0 3 0 0 0.00


Extras 12 (b 4 , lb 4 , nb 3, w 1, pen 0)
Total 330/10 (83.1 Overs, RR: 3.97)
Fall of Wickets 1-3 (1.2) Jahurul Islam, 2-22 (5.1) Najmul Hossain, 3-176 (40.1) Shadman Islam, 4-215 (51.5) Mohammad Mithun, 5-230 (56.4) Anamul Haque, 6-270 (63.6) Mominul Haque, 7-285 (67.3) Nurul Hasan, 8-310 (79.4) Rishad Hossain, 9-315 (80.6) Salauddin Sakil, 10-330 (83.1) Ebadat Hossain,

Bowling O M R W Econ
Asitha Fernando 16 4 48 2 3.00
Mohamed Shiraz 21.1 6 63 5 2.99
Nishan Peiris 7 0 41 0 5.86
Ashan Priyanjan 4 0 22 0 5.50
Prabath Jayasuriya 31 3 114 3 3.68
Charith Asalanka 3 0 19 0 6.33
Kamindu Mendis 1 0 15 0 15.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka run out (Mehidy Hasan) 192 307 20 1 62.54
Sangeeth Cooray c Nurul Hasan b Rishad Hossain 89 188 12 0 47.34
Kamindu Mendis not out 67 134 6 0 50.00
Ashan Priyanjan not out 5 14 0 0 35.71


Extras 4 (b 0 , lb 2 , nb 1, w 1, pen 0)
Total 357/2 (107 Overs, RR: 3.34)
Fall of Wickets 1-219 (62.3) Sangeeth Cooray, 2-351 (103.4) Pathum Nissanka,

Bowling O M R W Econ
Ebadat Hossain 21 2 60 0 2.86
Mehidy Hasan 37 5 118 0 3.19
Salauddin Sakil 22 4 79 0 3.59
Rishad Hossain 23 2 78 1 3.39
Mohammad Mithun 1 0 8 0 8.00
Mominul Haque 3 0 12 0 4.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<