Home Sinhala සංගීත්ගේ ගිනිකෙළියෙන් බංගලියෝ අසරණ වෙති

සංගීත්ගේ ගිනිකෙළියෙන් බංගලියෝ අසරණ වෙති

84

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ පළමු නිල නොවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (30) නිමාවට පත්විය. අද දිනය අවසන් වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දැවී ලකුණු 204ක් ලබා සිටියේ ප්‍රබල ස්ථානයක පසුවෙමිනි.

රමේෂ් – විශ්ව පන්දුකරණයෙන් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක්

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම….

දිනය ආරම්භයේ දී තරමක් සංයමයෙන් ක්‍රීඩා කළ ඔවුන් දෙදෙනා බංග්ලාදේශ ලකුණු පුවරුව ලකුණු 309ක් දක්වා රැගෙන ආවේ ලකුණු 49ක සබඳතාවයක් ගොඩනගමිනි. අනතුරුව ක්‍රියාත්මක වූ අසිත ප්‍රනාන්දු විසින් සෞම්‍ය සර්කාර්ව දවා ගනු ලැබුවේ දිනයේ ප්‍රථම කඩුල්ලට හිමිකම් කියමිනි. ඔහු දැවී ගියේ ලකුණු 24ක් ලබා සිටිය දී ය.

වැඩි වේලාවක් යාමට මත්තෙන් අනෙක් අන්තයෙන් යළි ක්‍රියාත්මක වූ රමේෂ් මෙන්ඩිස් නවක පිතිකරු එම්. හසන්ව ආ විගසම දවා ගැනීමට සමත් වූයේ ලකුණු 8කටය. ඒ වන විට ලකුණු පුවරුව සටහන් වූයේ 318/7ක් ලෙසිනි.

කෙසේ වෙතත් ඊයේ දිනයේ පටන් කඩුල්ලේ රැඳී සිටි මෙහෙදි හසන් පරිණත ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 57ක් ලබා ගත්තේ තම ජාත්‍යන්තර අත්දැකීම් ද මනාව උපයෝගී කරගනිමිනි. බංග්ලාදේශ මුළු ලකුණු සංඛ්‍යාව 348ක් වන විට ඉනිමේ නවවැනි කඩුල්ල වශයෙන් ඔහු දැවී ගියේ මලින්ද පුෂ්පකුමාරගේ පන්දුවක් හමුවේ ය.

Photos: Bangladesh ‘A’ tour of Sri Lanka 2019 | 1st Unofficial Test – Day 2

ඒ සමඟම වැඩි වේලාවක් යාමට මත්තෙන් බංග්ලාදේශ පළමු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස එබඩොට් හොසේන් දැවී ගියේ අසිත ප්‍රනාන්දුට තම තුන් වන කඩුල්ල හිමිකර දෙමිනි.

ඒ අනුව බංග්ලාදේශ ලකුණු පුවරුව 360ක් ලෙස සටහන් කරමින් සියලුම පිතිකරුවන් දැවී ගියේ පන්දුවාර 120.1ක් තුළ දී ය.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් 57/3, අසිත ප්‍රනාන්දු 59/3, අශාන් ප්‍රියන්ජන් 34/1, විශ්ව ප්‍රනාන්දු 79/1 ලෙස දස්කම් දක්වන ලදි.

නව මුහුණුවරකින් ශ්‍රී ලංකා පිළ කරච්චි පිටියට!

දීර්ඝ කාලයක් පුරාවට පාකිස්තානයට අහිමිව තිබූ ක්‍රිකට් වසන්තය නැවත….

අනතුරුව ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පළමු ඉනිම ඇරඹීමට පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සහ සංගීත් කුරේය. ඔවුන් දෙදෙනා අතර පැවැත්වීමට ලැබුණේ ලකුණු 17ක සබඳතාවයක් පමණක් වන අතර අසාර්ථක ආරම්භයක් ලබා ගත් පැතුම් ලකුණු 14කට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසිනි. එබඩොට් හොසේන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසු වී ඔහු දැවී ගියේය.

මෙම තරගයේ අංක 3 පිතිකරුවා වශයෙන් උසස්වීමක් ලද කමිඳු මෙන්ඩිස් ඉන්පසුව පිටියට එක් විය. අනතුරුව සංගීත් – කමිඳු දෙදෙනා එක්ව පන්දු හොඳින් තෝරා බේරා ගනිමින් කෙමෙන් කෙමෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේ ශ්‍රී ලංකාව යළිත් තරගයට අවතීර්ණ කරමිනි.

ඉනිම ආරම්භයේ දී පිටියේ ස්ථාවර වෙමින් ලකුණු රැස් කළ ඔවුන් දෙදෙනා පසුව පිටිය සිසාරා පන්දුවට බැට දුන්නේ බංග්ලාදේශ පන්දු යවන්නන්ව තුට්ටුවකටවත් මායිම් නොකරමිනි. 

මෙහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සංගීත් කුරේ අගනා ශතකයක් ලබා ගත් අතර මුළු ලකුණු සංඛ්‍යාව 182ක් වන විට ඔහු ලකුණු 104කට දැවී ගියේ මෙහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ ය. සංගීත්ගේ ඉනිම හතරේ පහරවල් 15කින් සමන්විත විය.  මෙහි දී සංගීත්-කමිඳු එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 165ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැගුවේ බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ තරගයේ අණසක පතුරවමිනි.

චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාස පොත වෙනස් කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම….

ඉන්පසුව පිටියට පිවිසියේ නායක අශාන් ප්‍රියන්ජන් ය. අද දිනය අවසන් වනතුරු අශාන්-කමිඳු දෙදෙනා පිටියේ රැඳී සිටියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 204ක් දක්වා ඔසවා තබමිනි.

දෙවන දිනයට අද දින තරගය නතර කරන විට ශ්‍රී ලංකාව පන්දුවාර 85කදී කඩුලු 2ක් දැවී ලකුණු 204ක් ලබා සිටියේ මෙම තරගයේ ආධිපත්‍යය තමන් සතුකර ගනිමිනි. ඒ වන විට නොදැවී පිටියේ පන්දුවට පහර දෙමින් සිටි කමිඳු මෙන්ඩිස් විශිෂ්ට ලකුණු 79ක් සහ අශාන් ප්‍රියන්ජන් ලකුණු 5ක් ලබා සිටියේය. 

පන්දු යැවීමේ දී තම එබඩොට් හොසේන් සහ මෙහෙදි හසන් එක් කඩුල්ල බැගින් දවා ගනු ලැබීය. තරගයේ තෙවැනි දිනය හෙටයි (01).

Result

Match drawn

Bangladesh A
360/10 (120.1) & 1/0 (1)

Sri Lanka A Team
450/10 (121.1)

Batsmen R B 4s 6s SR
Jahurul Islam lbw b Vishwa Fernando 90 210 8 0 42.86
Shadman Islam st Manoj Sarathchandra b Ashan Priyanjan 53 112 8 0 47.32
Najmul Hossain b Ramesh Mendis 4 21 0 0 19.05
Mominul Haque c Malinda Pushpakumara b Ramesh Mendis 11 21 1 0 52.38
Mohammad Mithun run out (Ashen Bandara) 92 120 10 3 76.67
Soumya Sarkar c Kamindu Mendis b Asitha Fernando 24 38 3 0 63.16
Nurul Hasan c Ramesh Mendis b Asitha Fernando 1 4 0 0 25.00
Mehidy Hasan st Manoj Sarathchandra b Ramesh Mendis 57 114 7 0 50.00
Mehedi Hasan Rana c Kamindu Mendis b Malinda Pushpakumara 8 19 2 0 42.11
Abu Jayed not out 8 48 0 0 16.67
Ebadat Hossain b Asitha Fernando 7 14 0 1 50.00


Extras 5 (b 0 , lb 4 , nb 0, w 1, pen 0)
Total 360/10 (120.1 Overs, RR: 3)
Fall of Wickets 1-90 (32.6) Shadman Islam, 2-102 (38.2) Najmul Hossain, 3-116 (44.2) Mominul Haque, 4-253 (80.2) Mohammad Mithun, 5-257 (81.2) Jahurul Islam, 6-260 (82.6) Nurul Hasan, 7-309 (96.1) Soumya Sarkar, 8-318 (101.3) Mehedi Hasan Rana, 9-348 (112.6) Mehidy Hasan, 10-360 (120.1) Ebadat Hossain,

Bowling O M R W Econ
Vishwa Fernando 16 0 79 1 4.94
Asitha Fernando 23.1 3 59 3 2.55
Malinda Pushpakumara 35 5 94 1 2.69
Ramesh Mendis 23 6 57 3 2.48
Ashan Priyanjan 12 1 34 1 2.83
Kamindu Mendis 6 0 15 0 2.50
Ashen Bandara 5 0 18 0 3.60
Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Ebadat Hossain 14 24 3 0 58.33
Sangeeth Cooray c Soumya Sarkar b Mehidy Hasan 104 151 15 0 68.87
Kamindu Mendis b Mohammad Mithun 169 282 9 0 59.93
Ashan Priyanjan lbw b Mehidy Hasan 37 56 6 0 66.07
Ashen Bandara run out (Mehidy Hasan) 2 12 0 0 16.67
Priyamal Perera c Mohammad Mithun b Mehidy Hasan 61 75 9 0 81.33
Ramesh Mendis lbw b Mehidy Hasan 21 32 3 1 65.62
Manoj Sarathchandra lbw b Mohammad Mithun 12 38 1 0 31.58
Malinda Pushpakumara st Nurul Hasan b Mehidy Hasan 15 36 2 0 41.67
Vishwa Fernando c Mohammad Mithun b Mehidy Hasan 4 15 1 0 26.67
Asitha Fernando not out 0 6 0 0 0.00


Extras 11 (b 0 , lb 8 , nb 0, w 3, pen 0)
Total 450/10 (121.1 Overs, RR: 3.71)
Fall of Wickets 1-17 (5.5) Pathum Nissanka, 2-182 (48.5) Sangeeth Cooray, 3-261 (67.5) Ashan Priyanjan, 4-269 (70.6) Ashen Bandara, 5-363 (92.2) Priyamal Perera, 6-416 (103.2) Ramesh Mendis, 7-422 (106.6) Kamindu Mendis, 8-433 (114.4) Manoj Sarathchandra, 9-450 (119.4) Vishwa Fernando, 10-450 (121.1) Malinda Pushpakumara,

Bowling O M R W Econ
Abu Jayed 12 0 48 0 4.00
Ebadat Hossain 20 1 82 1 4.10
Mehedi Hasan Rana 21 3 88 1 4.19
Mehidy Hasan 46.1 9 150 5 3.25
Mohammad Mithun 14 3 34 2 2.43
Soumya Sarkar 4 1 14 0 3.50
Mominul Haque 3 0 16 0 5.33
Najmul Hossain 1 0 10 0 10.00


Batsmen R B 4s 6s SR
Jahurul Islam not out 1 2 0 0 50.00
Shadman Islam not out 0 4 0 0 0.00


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 1/0 (1 Overs, RR: 1)
Bowling O M R W Econ
Vishwa Fernando 1 0 1 0 1.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<