ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා රෝහල්ගත කරයි

414

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා මෙන්ම බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ වර්තමාන සභාපතිවරයා ද වන බන්දුල වර්ණපුර මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. එතුමා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසාවෙන් වර්ණපුර මහතා මීට දින තුනකට පමණ ඉහත දී රෝහල්ගත කර තිබෙන අතර ඒ අතරතුර ඔහුගේ දියවැඩියා තත්වය උත්සන්න වීම නිසා වම් කකුලේ කොටසක් කපා ඉවත් කිරීමට ද වෛද්‍යවරු තීරණය කර තිබෙනවා.

68 හැවිරිදි වියේ පසු වන වර්ණපුර මහතා 1975 සිට 1982 දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 4ක් සහ එක්දින තරග 12ක් ක්‍රීඩා කර තිබෙන අතර, මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් වරම් ලැබූ පළමූ ශ්‍රී ලාංකිකයා මෙන්ම පළමු ටෙස්ට් නායකයා ද වෙනවා.

මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන වර්ණපුර මහතාගේ රෝගී තත්ත්වය තවමත් බරපතළ බව දැන ගන්නට ලැබෙන අතර, ඔහුට ඉක්මන් සුවය ලැබේවා යැයි ThePapare.com අප ප්‍රාර්ථනා කර සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<