ලෝක ක්‍රිකට් අනාගතයට සල්ලි ගැටලුවක් වෙයි?

78

ලොව පුරා තවදුරටත් පැතිරෙමින් පවතින Covid-19 වසංගත තත්වය නිසාවෙන් මේ වන විට ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු ක්‍රීඩා රැසක් සඳහා මෙන්ම ජන ජීවිතය සහ ආර්ථිකය ඇතුළුව සමස්ත ලෝකයේම ඉදිරි පැවැත්ම සඳහා දැඩි ලෙස බලපෑම් සිදුව ඇත. 

එවැනි පසුබිමක් තුල ඉන්දීය ක්‍රිකට් ආයතනයට දැඩි මූල්‍යමය පාඩුවක් සිදු වන බව එහි මූල්‍ය අංශ ප්‍රධානී අරුන් ධුමාල් මහතා ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමඟින් පැවති සම්මුඛ සාකච්ඡාවක දී පවසා ඇත.

මංගල 100 ලාභ අලාභ ගැන ලොකු පුටුවල මත ගැටුමක්

The Hundred තරගාවලියේ පළමු අදියර ලාභයක් උපයන …..

Covid-19 වසංගතය නිසාවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයට වන මූල්‍යමය පාඩුව කොපමණ ද?

“අපි පවත්වන්න හිටපු සෑම තරගාවලියක්ම වගේ දින නියමයක් නොමැතිව කල් දාන්න අපිට සිදු වුනා. ඒ තරගාවලි කිහිපය විතරක් නෙමෙයි අපි ලොකු ආයෝජනයක් කරලා ලොකු මූල්‍යමය ශක්තියක් ලබා ගන්න හිටපු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පවා මේ වසරේ පැවැත්වීම පිළිබඳව දැඩි ගැටලුකාරී තත්වයක් පැන නැගිලා තියෙනවා. 

තරගාවලිය තිබ්බත් ප්‍රේක්ෂකයින් එන්නේ නැත්නම් මුලින් හිතුවා වගේ සාර්ථකත්වයක් ලබා ගන්න අමාරුයි. අපි හිතන විදිහට ඉන්දීය රුපියල් කෝටි 4000ක් එහෙමත් නැත්නම් ඇමරිකන් ඩොලර් බිලියන භාගයක් පමණ මුදලක් අපිට අහිමි වෙයි කියලා අපි දැනට ගණන් බලලා තියෙනවා.”

අනෙක් තරගාවලි පැවැත්වීමට වඩා IPL තරගාවලිය පැවැත්වීම සඳහා ඉන්දියේ ක්‍රිකට් ආයතනයේ ලොකු අවධානයක්  යොමු වෙලා තියෙනවා ද?

“අපි මුලින්ම සලකා බලන්නේ අපේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්‍ෂිත බව, ඊට වඩා දෙයක් නැහැ. ඒක හොඳ මට්ටමක තියෙනවා නම් අපි IPL කොහොම හරි ගහනවා. ICC එකෙන් 2023 වෙනකන් දැනට ඉදිරි තරග කාලසටහන හදලා තියෙන්නේ.  

අපි විතරක් නෙමෙයි ලෝකේ ගොඩක් ක්‍රිකට් ආයතන මේ වසංගත තත්වය නිසා දැඩි ලෙස මූල්‍යමය අපහසුතාවයකට මුහුණ දීලා තියෙන්නේ. ඉදිරියට මේ තත්වය සමහර විට තව වැඩි වෙන්නත් පුළුවන්. අපි ඔක්කොටම ඕන ඉතාමත් ඉක්මනින් නැවතත් ක්‍රිකට් පටන් ගන්න.

හැබැයි හැමෝගෙම ආරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්‍ෂිත බවට අපි මුල් තැන දෙන්න ඕන. ක්‍රිකට් ක්‍රීඩාව නැවත පටන් ගත්තහම අපි හැමෝම පුළුවන් විදිහට උදව් කර ගන්න ඕන.”

අපේ 20-20 කණ්ඩායමේ ගොඩක් අඩුපාඩු තියෙනවා – දිමුත්

ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් කණ්ඩායම් මෑත කාලය තුල තරගාවලි …….

කොහොමද මේ මූල්‍යමය පාඩුව ආවරණය කර ගන්න හිතාගෙන ඉන්නේ?

“අපි ඒ සඳහා යම් යම් සැලසුම් කිහිපයක් දියත් කරන්න හිතාගෙන ඉන්නවා, හැබැයි මේ වසංගතය පාලනය වෙයි කියලා හිතා ගන්න පුළුවන් දවසක් අපිට නම් තවමත් පේන්නේ නැහැ. 

ඒ මොනවා වුනත් තරගාවලියක් ක්‍රීඩා කරනවා නම් රූපවාහිනී විකාශන අයිතීන් වල මිල ගණන් නම් කළින්ට වඩා වෙනස් කරන්න වෙනවා. මොකද ප්‍රේක්ෂකයෝ ක්‍රීඩා පිටියට තරගය බලන්න එන්නේ නැත්නම් හෝ එන එක අවම වුනත් ඒ ගොල්ලෝ රූපවාහිනියේ තරග යනවා නම් නොබලා ඉන්නේ නැහැ. 

අපි වුනත් අපේ හොඳ කණ්ඩායම් ඒ ඒ තරගාවලි සඳහා යවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එංගලන්ත ක්‍රිකට් ආයතනය සහ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන එක්ක ඉදිරියේ දී කතාබහ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මොකද ඒ තරගාවලි දෙක අපි හැමෝටම ගොඩක් වටිනා තරගාවලි දෙකක්.”

ගොඩක් ක්‍රිකට් ආයතනවල ඉදිරිය තීරණය වන්නේ ඔවුන්ගේ මූල්‍යමය හැකියාව සහ එහි කළමනාකරණය සමඟයි. ඉදිරියේ දී ICC ආදායම් බෙදා ගැනීමේ දී ඔවුන් කලින් වෙන් කරලා තිබ්බ විදිහටම ඒ ඒ ආදායම් බෙදා දෙයි ද? එහෙම වුනොත් ඉන්දීය ක්‍රිකට් ආයතනයට එයින් විශාල ආදායම් ප්‍රතිශතයක් ලැබෙනවා නේද?

“නැහැ අපි එහෙම හිතන්නේ නැහැ. එහෙම ලොකු ආදායම් ප්‍රතිශතයක් ලැබුණා කියලා අපි මූල්‍යමය අතින් ස්ථාවර වෙන්නේ නැහැ. අපි එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරිය රඳා පවතින්නේ තරගකාරී ක්‍රිකට් ක්‍රීඩා රටාව තුලයි. 

හැමදාම එකම රටක් හෝ රටවල් දෙකක් ක්‍රිකට් තරග දිනනවා නම් අනෙක් රටවල්වල ප්‍රේක්ෂකයින් අතර ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන ඇල්ම අඩු වෙනවා. උදාහරණයක් ලෙස ඇෆ්ගනිස්තානය පාකිස්තානය පරාජය කළොත් හරි, බංග්ලාදේශය ඉන්දියාව පරාජය කළොත් හරි ඒ රටවල්වල ප්‍රේක්ෂකයින් අතරත් මේක තව තව ව්‍යාප්ත වෙනවා. 

ක්‍රිකට්වලට තව තව කට්ටිය ආදරය කරනවා. අපිට යම් අවශ්‍යතාවක් ආවොත් අනික් අය වෙනුවෙනුත් උදව් කරන්න සූදානමින් ඉන්නවා. ඒකට අවශ්‍ය ශක්තිය අපිට තියෙනවා. මේ වගේ ව්‍යසනකාරී තත්වයක දී හැමෝම එකමුතු වෙලා වැඩ කරන එක ගොඩක් වටිනවා.”

වැදිබණ නොකියූ වැඩ්ඩන්ගේ වදන්

ක්‍රිකට් ලෝකය තුළ වැඩවලින් කෙසේ වුවත් කටින් දිනන්නට …..

ඉදිරියේ දී ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වුනාම කාන්තා ක්‍රිකට් වලට වඩා පිරිමි ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වැඩි අවධානයක් ලබා දෙන බවට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් පවසා තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් ආයතනය ඒ ගැන මොකද හිතන්නේ?

එහෙම කරන එක සාධාරණ නැහැ. අපි නම් කාන්තා ක්‍රිකට්, පිරිමි ක්‍රිකට්, 19න් පහළ, සහ A කණ්ඩායම් සඳහා හැමෝටම තරග කරන්න අවස්ථාවන් ලබා දෙනවා. අපි ක්‍රිකට් ක්‍රීඩාව කප්පාදු කරන්නේ නැතිව මූල්‍යමය අතින් ස්ථාවර වෙන විදිහේ වැඩපිළිවෙළක් සඳහා යන්න ඕනේ. එහෙම නැත්නම් මේ තරගකාරී ක්‍රිකට් රටාව තුල පැවතෙන්න ටිකක් අමාරුයි. විශේෂයෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ලොව පුරා විශාල උනන්දුවක් ඇතිව තිබෙන මේ වගේ වෙලාවක මේ වසංගත තත්වය ආපු එක අවාසනාවක්.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<