දකුණු අප්‍රිකානුවෝ කලින්ම තරගය නිමා කරති

165

දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර කේප් ටවුන්හි නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය තවත් දිනයක් ඉතිරිව තිබිය දී ම අවසන් කළ දකුණු අප්‍රිකාව අද (6) කඩුලු 9කින් එම තරගය ජයග්‍රහණය කළේය.

ඒ නිසාවෙන් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානුවන්  සමත් විය.

ලසිත් ඇඹුල්දෙනිය අයර්ලන්තය මෙල්ල කරයි

ශ්‍රී ලංකා සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම් අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නිල නොලත් පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දවස (06) නිමාවේ…

කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ෆෆ් ඩියු ප්ලේසී පළමුව පන්දුවට පහර දීමට සෆ්රාස් අහමඩ් ප්‍රමුඛ පාකිස්තානු කණ්ඩායමට ඇරයුම් කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 177කට සීමා කිරීමට දකුණතින් මද වේගපන්දු යවන ඩුවෑන් ඔලිවියර් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් නායක සෆ්රාස් අහමඩ් (ලකුණු 56) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 17 වන ටෙස්ට් අර්ධ ශතයක් ලබා ගැනීමට සමත් වූ අතර එම ඉනිමට හතරේ පහර 9ක් ඇතුළත් විය. සෙසු මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී පාකිස්තාන පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා සෆ්රාස් අහමඩ් හට අනගි සහයක් ලබා දුන් ශාන් මසූඩ් ලකුණු 44ක් රැස්කළේ හතරේ පහර 5ක් හා එක් 6 පහරක් එල්ල කරමිනි. පන්දු යැවීමේ දී ඔලිවියර් ලකුණු 48කට කඩුලු 4ක් දවා ගන්නා විට අනෙක් අන්තයෙන් පන්දු යැවූ ඩේල් ස්ටේන් කඩුලු 3ක් දවා ගත්තේය.

ඉන් අනතුරුව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කිරීම වෙනුවෙන් පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ දකුණතින් පිතිකරණයේ නිරත වන ආරම්භක පිතිකරුවෙක් වන එයිඩ්න් මාක්‍රම් එක් 6 පහරක් සහ හතරේ පහර 14ක් සමඟින් වටිනා ලකුණු 78ක් රැස්කළ අතර ඩීන් එල්ගාර් (ලකුණු 20) සමඟ එක්ව පළමු කඩුල්ලට ලකුණු 56ක් ද, හශීම් අම්ලා (24) සමඟ එක්ව දෙවැනි කඩුල්ලට 67ක් ද එක්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට ද මාක්‍රම් සමත් විය.

සාන්ත පීතර විද්‍යාලයේ සන්තුෂ් වසර 10ක වාර්තාවක් අලුත් කරයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් අද (05) අවසන් වූ අතර ඒ තරග අතරින් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය…

දකුණු අප්‍රිකානුවන්ගේ පළමු ඉනිම වෙනුවෙන් නායකත්වයේ පිතිකරණයක නිරත වූ දකුණතින් පිත්ත හසුරුවන ෆෆ් ඩියු ප්ලේසී 5 වන කඩුල්ල වෙනුවෙන් ටෙම්බා බවුමා සමඟ එක්ව ලකුණු 159ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවූහ. එහි දී 4 පහර 13කින් වර්ණවත් වූ ප්ලේසීගේ ඉනිම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඔහු වාර්තා කර ගත් 9 වන ටෙස්ට් ශතකය විය. ශහීන් අෆ්රිඩි විසින් එම ප්‍රබල කඩුල්ල දවා ගත්තේය. ප්ලේසී හට අගනා සහායක් ලබා දුන් බවුමා 4 පහර 10ක් සමඟින් ලකුණු 75ක් රැස්කර ගත්තේ පන්දු 162ක් තුලයි. අවසානයේ දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 431කට සීමා කරගැනීමට මොහොමඩ් අමීර් හා ශහීන් ඇතුළු පාකිස්තාන ක්‍රීඩකයින් සමත් වූයේ කඩුලු 4 බැගින් දවාගෙනයි.

ලකුණු 254ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කිරීමට පිටියට පැමිණි පාකිස්තානු පිතිකරුවන් 8 දෙනෙකුම ලකුණු 15 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. එහි දී පාකිස්තාන කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් වන ඉමාම් උල්හක් හා අසාර් අලී ලකුණු 6 කටද, ෆකාර් සමාන් ලකුණු 7කට ද දැවී ගියහ.

ලකුණු 27ක් තුළ කඩුලු 2 ක් දැවී යාමෙන් පසුව තෙවැනි කඩුල්ල සඳහා එක්වූ ශාන් මසූඩ් සහ අසාද් ශාෆීක් තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 132ක සාර්ථක සම්බන්ධතාවක් සමඟින් පාකිස්තාන ඉනිම ගොඩනැගූහ. පාකිස්තාන කණ්ඩායම කඩුලු 4කට ලකුණු 194ක් රැස්කරමින් සිටිය ද අවසන් කඩුලු 6ක් ලකුණු 100ක් තුළ දවා ගනිමින් පාකිස්තාන කණ්ඩායම පරාජය දෙසට තල්ලු කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කරවීමට ඩේල් ස්ටේන් සහ කගීසෝ රබාඩා සමත් විය.

පන්දු 110කට මුහුණ දුන් ශාන් මසූඩ් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 61ක් රැස්කළ අතර දකුණතින් පිතිකරණයේ නිරත වන අසාද් ශාෆීක් පන්දු 165ක දී හයේ පහරක් සහ හතරේ පහර 12ක් සමඟින් ලකුණු 88ක් රැස්කිරීමට සමත් විය. පාකිස්තානු පසුපෙළ පිතිකරුවන් අසාර්ථක වන විට හුදකලා සටනක නිරත වූ බාබර් අසාම් පාකිස්තාන දෙවැනි ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 72ක් ලබා සිටියේය. පන්දු 144කට මුහුණ දුන් අසාම්ගේ ඉනිමට හතරේ පහර 15ක් ඇතුළත් විය. ස්ටේන් සහ රබාඩා කඩුලු 4 බැගින් දවා ගනිමින් දකුණු අප්‍රිකානුවන්ගේ ජය මාවත සකසා දුන්නේ සිය කණ්ඩායමට ලකුණු 41ක ඉලක්කයක් හිමිකර දෙමිනි.

අවසානයේ පන්දුවාර 9යි පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිය ජයග්‍රහණය සපුරාගත් දකුණු අප්‍රිකානුවන් පාකිස්තානයට ටෙස්ට් තරගාවලි පරාජයක් උරුම වූයේ වසර 6කට පසුව වීම සුවිශේෂී වේ.

පාකිස්තානු පළමු ඉනිම – 177 (51.1): සෆ්රාස් අහමඩ් 56, ශාන් මසූඩ් 44, ඩුවෑන් ඔලිවියර් 4/48, ඩේල් ස්ටේන් 3/48.

දකුණු අප්‍රිකානු පළමු ඉනිම – 431 (124.4): ෆෆ් ඩියු ප්ලේසී 103, එයිඩ්න් මාක්‍රම් 78, ටෙම්බා බවුමා 75,  ක්වින්ටන් ඩී කොක් 59, මොහොමඩ් අමීර් 4/88, ශහීන් අෆ්රිඩි 4/123.

පාකිස්තානු දෙවන ඉනිම – 294 (70.4): අසාද් ශාෆීක් 88, බාබර් අසාම් 72, ශාන් මසූඩ් 61, කගීසෝ රබාඩා 4/61, ඩේල් ස්ටේන් 4/85.

දකුණු අප්‍රිකානු දෙවන ඉනිම – 43/1 (9.5):

  • තරගයේ වීරයා – ෆෆ් ඩියු ප්ලේසී (දකුණු අප්‍රිකාව)

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ  අවසන් ටෙස්ට් තරගය මේ මස 11 වැනිදා ජොහැන්නස්බර්ග් හිදී ආරම්භ වේ. එහි තොරතුරු ද ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <