ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 49ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වුනා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සතු වූ අතර, ඔහු තරගයේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
කෙසේ වෙතත් ඔහුගේ තීරණයට සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් අසමත් වූ අතර, ඉනිමේ මුල් කඩුලු 5ම ලකුණු 55ක් තුළ බිඳ හෙළීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් විසින් සමත් වුනා.
කෙසේ වෙතත් මේ මොහොතේ කඩුල්ලේ එක් වූ දුනිත් වෙල්ලාලගේ සහ චරිත් අසලංක හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක් එක් කිරීමට සමත් වුනා.
මෙහි දී දුනිත්ගේ පිත්තෙන් ලකුණු 30ක් ඉනිමට එක් වුනා. දුනිත් පිටියෙන් ඉවත් වීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම නැවත බිඳ වැටීම ආරම්භ වූ අතර, ඉනිමේ 08 වැනි කඩුල්ල ලකුණු 135 දී බිඳ වැටුණා.
කෙසේ වෙතත් ඉනිමේ 09 වැනි කඩුල්ල වෙනුවෙන් එශාන් මාලිංග සහ නායක චරිත් අතරේ ලකුණු 79ක සබඳතාවක් ගොඩ නැගුණා. මෙහි දී එශාන් විසින් පන්දු 26කට මුහුණ දෙමින් ලබා ගත්තේ එක් ලකුණක් පමණක් වුනත්, ඔහු විසින් චරිත්ට අනෙක් අන්තයේ සිට ලකුණු 77ක් තම ලකුණු අතරට එක් කර ගැනීමට සහය ලබා දුන්නා.
මෙම සහය සමඟ චරිත් සිය සිව්වැනි එක්දින ශතකය ලබා ගැනීමට ද සමත් වූ අතර, ඉනිමේ 09 වැනි කඩුල්ල ලෙස ඔහු පිටියෙන් ඉවත් වන විට පන්දු 126ක් තුළ ලකුණු 127ක් ලබා ගැනීමට සමත් වී සිටියා. එමෙන්ම ඔහුගේ ඉනිමට හතරේ පහර 14ක් සහ හයේ පහර 05ක් අන්තර්ගත වුනා.
මේ අනුව ශ්‍රී ලංකාව විසින් ඕස්ට්‍රේලියාවට ලකුණු 215ක ඉලක්කයක් ලබා දීමට සමත් වුනා. මෙහි දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Sean Abbott කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
බැලූ බැල්මට පහසු ඉලක්කයක් බව පෙනෙන්නට තිබුනත්, ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට එය හඹා යාම එතරම් පහසු කර්තව්‍යයක් නොවන බව ඉතා ඉක්මනින් තහවුරු වුනා.
ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 4ක් ලකුණු 31ක් තුළ බිඳ හෙළීමට අසිත ප්‍රනාන්දු ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සමත් වූ අතර, පසුව ඉනිමේ පස් වැනි කඩුල්ල වෙනුවෙන් Alex Carey සහ Marnus Labuschagne අතරේ ලකුණු 52ක් එක් වුනා. මෙහි දී Alex Carey පන්දු 38ක් තුළ ලකුණු 41ක් ලබමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාලනය කිරීමට උත්සාහ ගනිමින් සිටි අතර, මේ මොහොතේ දී ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නායකයා නැවතත් තම වගකීම අකුරට ඉටු කරමින් Caeryගේ කඩුල්ල බිඳ හෙළීමට සමත් වුනා.
මින් පසුව ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය වෙනුවෙන් බලාපොරොත්තු තබා ගත හැකි අන්දමේ ඉනිමක් දියත් නොවූ අතර, ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 10ම ලකුණු 165ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.
මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් දවා ගැනීමට සමත් වූ අතර, අසිත ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේ අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.
තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම 49ක ජයක් ලබද්දී, චරිත් අසලංක තරගයේ වීරයා ලෙස සම්මාන හිමි කර ගත්තා.
දෙරට අතර දෙවැනි සහ අවසන් එක්දින තරගය එළඹෙන 14 වැනි දා පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<